IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැරණි පෙම්වතා අල්මාරියේ සගවලා

හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන


මවුපියන් විසින් කරදුන් යෝජිත විවාහය නීරස වූ තරුණ බිරිඳ සිය පැරණි පෙම්වතා නිවසට ගෙන්වාගෙන අල්මාරියේ සඟවාගෙන සිටියදී සැමියාගේ පවුලේ සාමාජිකයන්ට හසුවීමේ අපූරු කතාවක් දකුණු පළාතේ පොලීසියකින් වාර්තාවේ.
කෙළිලොල් වියේ පසුවන ප්‍රියමනාප තරුණ දියණිය පෙම්හබයක පැටලි ඇති බව දැනගත් මවුපියෝ එයට විරෝධය පළකරමින් මංගල යෝජනාවක් ලෙස පැමිණි ආරාධනාවක් මත වසර දහයක් පමණ විදේශගතව පැමිණි වෙනත් පළාතක තරුණයෙකුට දියණිය විවාහ කර දුන්හ. 
සුවිශාල නිවසක් සහ විශාල ධනස්කන්ධයකට හිමිකම් කී සැමියා සහ තරුණ බිරිය අතර වසර දහයකට ආසන්න වයස් පරතරයක් ද විය. ප්‍රසිද්ධ හෝටලයක දී විවාහ මංගල උත්සවය මහ ඉහළින් පැවැත් වූ අතර සැමියාගේ නව නිවසේ නව යුවළ පදිංචියට පැමිණියහ.


විවාහය ආදරය සහ තරුණ බිරිඳගේ සංවේදි හැඟීම් තේරුම් නොගත් සැමියා විවාහ වී මාස දෙකක් ගතවීමටත් පෙර බිරිඳ තනිකර මුදල් සෙවීමේ අරමුණින් නැවත විදේශගත විය. සැමියාගේ නිවසේ සහ තම සැමියාගේ සුවිසල් නිවසේ මාරුවෙන් මාරුවට ජීවත් වූ තරුණ බිරිඳගේ තනි නොතනියට සැමියාගේ පවුලේ සමාජිකයෝ පැමිණීමට ද අමතක නොකළහ.
සිය සැමියාගේ නිවසේ සිටි තරුණිය දිනක් උදෑසන සැමියාගේ සොයුරියක සමගින් තම නිවසට ගිය අතර සොයුරිය නැවත නිවසට ගියේ අයියාගේ බිරිය තනිවම නිවසේ සිටියදීය. නෑනා පිළිබඳව යම් සැකයක් අැතිවූ නිසා දහවල් නැවත ඇය පැමිණිය ද නෑනාගේ නිදන කාමරය දොරගුළු දමා තිබීම ඇයගේ සැකය දෙගුණ තෙගුණ විය. නැවතත් සවස පැමිණි පසුද එම කාමරය දොරගුළු දමා තිබීම නිසා නිවසේ සිටි අනෙක් සොයුරු සොයුරියන් කැඳවා පරීක්ෂා කිරීමේදී නෑනාගේ නිදන කාමරයේ තිබු අල්මාරියේ සැඟව සිටි ඇයගේ පෙම්වතා හමුවූ බව සැලවේ.
සිද්ධිය පොලිස් පොතේ සටහන් වූ අතර තරුණ බිරිඳ සහ ඇගේ පෙම්වතා පොලිසියට කැඳවාගෙන ගිය අතර දෙදෙනාට පොලිසිය තුළ රැය පහන් කිරීමට සිදු විය.
දෙපාර්ශවයේ වැඩිහිටියන් ද කැඳවා සිද්ධිය පිළිබදව විමර්ශනය කළ අතර තරුණියගේ සංවේදි ප්‍රකාශ නිලධාරින්ට ද උභතෝකෝටික ගැටලු‍වක් විය. තරුණ බිරිඳ පෙම්වතා සමග යාමට අවශ්‍ය බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටි නිසා සැමියාගේ පවුලේ අයට කර කියාගත හැකි දෙයක් නොවීය.



අදහස් (0)

පැරණි පෙම්වතා අල්මාරියේ සගවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site