IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


පදමට ගහලා මිනිය ගෙන යද්දීත් අවමංගල කතාව පවත්වලා


පෝද්දල - සරත් ආනන්ද ගමගේ  



මියගිය වැඩිහිටියකු වෙනුවෙන් සංවිධානය කෙරුණු අවමංගල උත්සවයක තොලකට තෙමාගත් පුද්ගලයකු අවමංගල සභාව ඇමතීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මියගොස් තිබුණේ වැඩිහිටි මාතාවකි. ඇය අවසන් කාලයේ ජීවත් වූයේ බාල දියණියගේ නිවෙසේය. ඇය පවුලේ බාලයා මෙන්ම එකම දියණිය ද වූ අතර ඇය ඉතා ආදරයෙන් සිය මව රැකබලා ගත්තාය. ඒ සඳහා ඇගේ තරුණ පුතුන් දෙදෙනා නොමඳ සහායක් ලබා දුන්නේය. මේ මුනුබුරන් දෙදෙනා ආච්චිඅම්මාගේ අවසන් කටයුතු ඉතා අලංකාරවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි. 
මියගිය මාතාවගේ පුතුන් දෙදෙනකු ද පිට ප්‍රදේශ දෙකක වාසය කළ අතර එම ප්‍රදේශවලින් ද විශාල පිරිසක් බස්රථවලින් පැමිණ අවමංගල උත්සවයට සහභාගි වූහ.


අවමංගල උත්සවය පැවති නිවෙසේ ඉදිරිපස ප්‍රමාණවත් ඉඩකඩක් නොමැතිවීම නිසා අවමංගල උත්සවයේ කටයුතු සිදුකර තිබුණේ නිවෙසේ දකුණු පැත්තේය. අවමංගල සභාව මෙහෙයවීම ගම්වැසියකු සිදුකළ අතර ගමෙන් පිට පදිංචි පුතුන් දෙදෙනා වෙනුවෙන් පිටස්තර පුද්ගලයන් දෙදෙනකුට ද ගුණ කථන දෙකක් වෙන් කර තිබුණි. මහා සංඝරත්නය විසින් ආගමික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගිහි කතා වාරය ඇරඹිණි.
එහිදී ගම්වැසියකු ප්‍රථමයෙන් සභාව ඇමතූ අතර දෙවනුව එක් පුතකු නියෝජනය කරමින් තවත් කථිකයෙක් එම පුත්‍රයා පදිංචි ගම්මානය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේය. තුන්වෙනුව අනෙක් පුත්‍රයා වෙනුවෙන් ද තවත් කථිකයෙක් සභාව ඇමතීමට පටන් ගත්තේය. 
බස් රථයේ එන ගමන් හිස් කළ බෝතල්වලින් වැඩි ප්‍රමාණයක් ඔහුට පෙවී තිබුණු බව පෙන්නුම් කළ ඔහුගේ කතාව සම්පූර්ණයෙන්ම සෘතියෙන් පිට ගිය එකක් විය. මියගිය මාතාවගේ පුත්‍රයා වන මිතුරා සමග ඔහු කාපු බීපු හා ආ ගිය ගමන් ගැන අතිශයෝක්තියෙන් ප්‍රකාශ කරමින්, අවස්ථාවට උචිත නොවන අන්දමේ අභිනයන් ද පාමින් සිනාමුසු මුහුණින් ඔහු සභාව අමතන්නට විය. ඔහුට කාලය පිළිබඳව හැඟීමක් පවා නොවූ අතර නොනවත්වා සිය කතාව කරගෙන ගියේය.
මේ අතර මියගිය මාතාවගේ මුනුපුරන් දෙදෙනා වැඩසටහන මෙහෙයවන්නා ළඟට පැමිණ අත්ඔරලෝසුව පෙන්වමින් කතාබහක නියැළී සිටිනු පෙනෙන්නට විය. ඉන්පසු සංවිධායකයා කථිකයා ළඟට පැමිණ යමක් ප්‍රකාශ කරන අයුරු ද දැකගන්නට ලැබුණි. එහෙත් දේශකයාගේ දේශනාව නම් නතර නොවුණි.
නියමිත වේලාවට දේහය ආදාහනාගාරයට බාරදිය යුතු බැවින් මුනුපුරන් දෙපල හා ඔහුගේ මිතුරන් අවමංගල සභාවේ කටයුතු සිදුකෙරෙමින් පවතිද්දීම දේහය පිටතට ගෙන අවමංගල රථයට පටවනු ලැබීය. එය දුටු රැස්ව සිටි පිරිස ද බොහෝ දෙනෙක් නිවෙස ඉදිරිපස දෙසට ගමන් කළහ. මේ කිසිත් නොදත් දේශකයා ඒ අවස්ථාවේත් සිය කතාව කරමින් සිටියේය.
ඉන්පසු සංවිධායකයා පැමිණ දේහය ආදාහනාගාරයට රැගෙන ගිය බව පවසා “දැන්වත් ඔය කතාව නතර කරමුද?”‍යි ඇසුවාටත් පසුලු‍ කථිකයා සිය කතාව නතර කළේ.



අදහස් (0)

පදමට ගහලා මිනිය ගෙන යද්දීත් අවමංගල කතාව පවත්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site