IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නැටුම් මිස්ගෙන් අමුතු නැටුමක්

උණවටුන ඩී.ජී. සුගතපාල


දකුණේ ගම්මානයක පිහිටි පෙර පාසලකි. මේ පෙර පාසලේ දරුවෝ  හැත්තෑවකට ආසන්න පිරිසක් සිටිති. පාලිකාව ඉතා හොඳින් පෙර පාසල පවත්වාගෙන ගිය නිසා මවුපියන්ට ඇය කෙරෙහි තිබුණේ විශ්වාසයකි. මේ අතර පෙර පාසලට නැටුම් මිස් කෙනෙකු ගැනීමට අවශ්‍ය බව පාලිකාව මවුපියන්ට කී විට කිසිවෙකුත් අකමැති වූයේ නැත.
ඒ අනුව පෙර පාසලට අලු‍තෙන් නැටුම් මිස් කෙනෙක් ආවාය. ඇය දුටු මවුපියන් කිහිප දෙනෙකුම කීවේ ඕනෑම නැටුමක් නැටිය හැකි කෙනෙකු බවය. දැන් ඇය දරුවන්ට නැටුම් පුරුදු කරන අතර දරුවෝද ඇයගේ පදයට නටන්නට වූහ.
මේ අතර දිනක් ඇය එක් මවකට කතාකර ‘‘මට පොඩි හදිසියක් වෙලා දවස් කිහිපයකින් දෙන්නම් රුපියල් දහදාහක් දෙන්නකෝ’’ යනුවෙන් ඉල්ලා සිටියාය. අම්මාද කිසිම පැකිලිමකින් තොරව රුපියල් දහදාහක් දුන්නේ  දරුවාට ඇති ආදරය නිසාමය. එහෙත් අම්මා ඒ බව පාලිකාවට කීවේ නැත. දින දෙක තුනකට පසු තවත් අම්මා කෙනෙකුට ද ඇයගෙන් එවැනිම ඉල්ලීමක් ආවේය. එම අම්මා ද රුපියල් පහළොස් දහසක් දුන්නේ ඇය දරුවාට හොඳින් නැටුම් උගන්වන නිසාය.
ටික දිනකට පසු නැටුම් මිස් එක්වරම නතර වූවාය. පාලිකාව සහ මවුපියන් සිතුවේ කුමක් හෝ අවශ්‍යතාවයක් නිසා ඇය නතර වන්නට ඇතැයි කියාය. එහෙත් දින කිහිපයක් යනවිට එක් අම්මා කෙනෙකු පාලිකාවට කීවේ නැටුම් මිස් තමාගෙන් රුපියල් දහ දහසක් ඉල්ලා ගත් නමුත් එය ආපසු නොදුන් බවය. තවත් අම්මා කෙනෙක්ද එම පැමිණිල්ලම කළාය. එය එතැනින් නතර නොවිය. අම්මලා කිහිප දෙනෙකුම කීවේ හදිසියකට කියා රුපියල් දසදහස පහළොස් දහස ආදි වශයෙන් ඉල්ලා ගත් බවය.


 පසුව ඇයගේ දුරකතනයට ඇමතුමක් ගත්විට  උත්තරය වන්නේ ‘‘කනගාටුයි, ඔබ අමතන දුරකතන අංකය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක. කරුණාකර පසුව අමතන්න’’ කියාය. එහෙත් කොතෙක් පසුව ඇමතුවත් සම්බන්ධ කර ගැනීමට නම් නොහැකි විය.
මේ අතර ඇයගේ තවත් නැටුමක් ගැන ද කටකතාවක් පැතිර ගියේය. එනම් පෙර පාසලේ දරුවන් කිහිප දෙනෙකුගේ තාත්තලාට ද නැටුම් උගන්වා  ඇති බවය. එම තාත්තලා ඉතා කැමැත්තෙන් නැටුම් ඉගෙන ගෙන ඇත්තේ කිසිවෙකුටත් නොපෙනෙන ලෙස හෝටල් කාමරවල බවද කට කතාවට එක්විය. මුදල් දුන්  අම්මලා දැන් ඇය අලු‍තෙන් නටන තැන් සොය සොයා යනවා ලු‍.

 



අදහස් (1)

නැටුම් මිස්ගෙන් අමුතු නැටුමක්

වසන්ත Friday, 21 June 2024 09:35 AM

මේවගේ ඒවා ලංකාවේ ඕනතරම් හොයාගන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 422 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 411 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site