IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
සිය හෝටලයේ ලැගුම්ගෙන සිටින විදෙස් සංචාරකයන් පිනවීමට සංවිධානය කළ අවුරුදු උත්සවයකි. විදේශිකයන් වෙනුවෙන්ම සංවිධානය කර තිබූ මේ අවුරුදු උත්සවයට මෙරට අවුරුදු උත්සවවල පැවැත්වෙන අංග රැසක්ම එක්කර තිබිණ.
මෙයින් වඩාත්ම සිත් ගත්තේ විදෙස් අවුරුදු කුමරිය තේරීමේ තරගයයි. ඊට විදෙස් සංචාරක කාන්තාවෝ රැසක්ම සහභාගී වූහ. මේ අතරින් ඇතැම්හු සිංහල චාරිත්‍රයට අනුව රෙද්ද හැට්ටය හැඳ ඉදිරිපත් වූහ. සාරි ඇන්ද අය ද ඒ අතරය. කලිසම් කමිස හැඳසිටි කාන්තාවන්ද නොසිටියාම නොවේ.


අවුරුදු කුමාරිය තේරීම සඳහා සංවිධායක මණ්ඩලය පත් කළ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට දී මේ විදෙස් සංචාරක කාන්තාවෝ තමන්ගේ පංචකල්‍යාණය පෙන්වූහ. ඒ විතරක්ම නොවේ සිය හැකියාවන්ද ඔවුහු පෙන්වූහ. ඒ වෙනුවෙන් ඇතැම්හු ගී ගැයූහ. ඇතැම්හු නැටූහ. රංගනයන් ඉදිරිපත් කළ අය ද සිටියහ. විනිශ්චය මණ්ඩලය අවුරුදු කුමාරිය මහත් පරිශ්‍රමයක් දරා තේරුවේය.
එම ප්‍රතිඵලය නිවේදිකාව අතට පත්විය. ඇය දන්නා මායම් සියල්ල දමමින් මහත් උජාරුවෙන් අවුරුදු කුමාරිය කවුරුන්ද යන්න යකඩ කටෙන් කීවාය. ඒ අවුරුදු කුමාරියට තේරීපත්වූ විදෙස් සංචාරක ලලනාවගේ නමින් නම් නොවේ, ඔවුන් පැලඳ සිටි අංකයෙනි.
අවුරුදු කුමාරියට තේරී පත්වූයේ අංක හය ය. එම අංකය කියනවාත් සමගම එක් විදෙස් කතක් උඩ පැන පැන තමන් අවුරුදු කුමාරිය යැයි කීවාය. සියල්ලන්ගෙන් දැන් ඇයට සුබපැතුම්ය. උණුසුම් අයුරෙන් සිප වැළඳගැනීම් ද හරි හරියටය. අවුරුදු කුමාරී කිරුළ ද ඇයගේ හිසේය. සාටකය ඇඟ වටේය.
මේ අල්ලපනල්ලේ එක් විදෙස් තරුණියක් තමා අත පැලඳ සිටි අංක හය පෙන්නුවාය. මේ සමගම අවුරුදු කුමාරිය ලෙස අබිසෙස් ලබා ඡායාරූපකරණයේ යෙදී සිටි තරුණියට හීන් දහඩිය දැමිණි.
සංවිධායකයන් අන්දුන් කුන්දුන්ය. අවුරුදු කුමාරිය ලෙස කිරුළ පැලඳි තරුණියගේ අත පැලඳි අංකය සංවිධායක මණ්ඩලය බැලු‍වේ එවිටය. එය අංක හය නොව අංක නවයය. විදෙස් තරුණියට අංක නවය හය ලෙස පෙනී තිබුණි. සංවිධායක මණ්ඩලය ඒ ගැන විපරම් ද නොකළේය. අවසානයේදී එතැන සිටි සියල්ලන්ගේම සිනා මධ්‍යයේ ව්‍යාජ අවුරුදු කුමරියගේ හිස පැලැන්දූ කිරුළ සහ ඇඟට දැමූ සාටකය ගලවාගෙන නියම අවුරුදු කුමාරියට පැලැන්දුවේ මේ වගේ අකරතැබ්බයක් මින් පෙර සිහිනයකින් වත් නොදුටුවේ යැයි කියමින් ලු‍.



අදහස් (0)

නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site