මහරෑ තම පෙම්වතා සමඟ පැනගිය දියණියකට බත් මුල් බැඳ දුන් මවක පිළිබඳ මේ අපූරු පුවත පසුගියදා ආරංචි වූයේ දකුණු පළාතේ හිනිදුම පැත්තෙනි.

අගනුවර ප්‍රදේශයේ තරුණයකු සමඟ මුහුණු පොතේ සබඳතාවකින් පෙමින් වෙලී ගිය ඇය පෞද්ගලික ආයතනයක සේවිකාවකි. මේ සබඳතාව නිසාම පෙම්වතා දින කීපයක්ම ඇයගේ නිවසට ඒමට කතා කළත් ඇය ඊට දැඩිව විරෝධය පෑවේ මවුපියන් ඊට දැඩි විරෝධතාවක් ඇති බව පවසමිනි. එහෙත් ඇත්තම කතාව වූයේ ඇය ඉතා දුගී පවුලක සාමාජිකාවකවීමය.
පසුගියදා ඔහු ඇයට කීවේ ගෙදරට හොරෙන් පැන යමු කියාය. එහිදී විමතියට පත් බවක් පෙන්වූ ඇය පසුව එසේ යාමට එකඟ වී සැලසුම සකස් කළාය.
පසුගියදා රාත්‍රියක යහළුවකුගේ ත්‍රිරෝද රථය මංගල ගමනට යොදාගත් පෙම්වතා තම පෙම්වතිය සමඟ අගනුවරට ගියේ කාටත් හොර රහසේය.
පෙර දින හරියටම කෑමක් නැතිව සිටි ඔහු කෑමට යමක් ගෙන ඒමට සිතා හෝටලයකට යාමට සූදානම් වූ විට “‘‘ඕන නෑ අම්මා අපිට බත් මුල් දෙකක් බැඳලා දුන්නා’’ ඇය කීවෙන් පෙම්වතාගේ සිත පිනා ගියේලු.
තිහගොඩ උපසේන ලියනගම
2025 දෙසැම්බර් මස 18
691
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුවට පෙම්වතා එක්ක පැන යන්න අම්මා බත් මුල් දෙකක් බැඳ දීලා
ganegoda Sunday, 20 November 2022 11:51 PM
දෑවැද්දට බත් මුල් දෙකකවත් ලැබීම ගැන අපි සතුටු වෙමු නේද .සමහර අයට ඒකත් නැහැ .සාර්ථක යුග දිවියකට සුභ පැතුම්
Rohan Monday, 21 November 2022 08:57 AM
ඉතාමත් හොදයි .පෙම්වතා හොදයි බොරෑවට මුදල් නාස්ති නොකර.