IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා


හසලක සුනිල් ඒකනායක



දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අතේ තිබූ මුදලක් ද අහිමි කරගෙන අතර මගින් නිමාවට පත්වීම හේතුවෙනි.
ඔහු මහනුවර ප‍්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පෞද්ගලික ආයතනයක සේවය කොට විශ‍්‍රාම ලැබූ තිදරු පියෙකි. තිදරු පියකු වුවත් මොහුගේ බිරිඳ මෙයට වසර දහයකට පමණ ඉහත දරුවන්ද රැගෙන වෙනත් ගමනක ගොස් ඇත. එතැන් සිට මොහුට රැකියාව කළ නගරයට ආසන්න ප‍්‍රදේශයක කුලී නිවාසයක පදිංචි වීමට සිදුවිය.
රැකියාවෙන් විශ‍්‍රාම ගිය පසුව ඔහුට තනිකම කාන්සිය නිතර දැනෙන්නට පටන් ගත් පසු මේ ගැන සිය මිතුරකුට පැවසු පසු ඔහු මොහුට යෝජනා කළේ අපි ඔබගේ තනි නොතනියට සුදුසු සහකාරියක සොයාගමු කියාය. දිගු කතා බහකින් පසු එම යෝජනාවට මොහු කැමති වූයෙන් සහකාරියක සෙවීමද මිතුරාටම බාර කෙරිණි.
මිතුරාගේ යෝජනාව අනුව මහියංගනය ප‍්‍රදේශයේ සැමියා මිය ගිය දරුවන්ගෙන් නිදහස් වූ 54 හැවිරිදි කාන්තාවක මොහුට හඳුන්වා දෙනු ලැබුවේ දෙදෙනා ඇසුරු කර අදහස් හුවමාරු කරගෙන දෙදෙනාට දෙදෙනා ගැළපෙන්නේ නම් පමණක් විවාහ දිවියට එළඹෙන ලෙස දන්වමිනි. මෙම යෝජනාවට දෙදෙනාම කැමතිවූයෙන් දුරකතනය හරහා දෙදෙනා කතාබහ කරනවාට අමතරව ඔවුහු දෙදෙනා මහියංගන නගරයේදී හමුවී කතා බහ කිරීමටද අමතක නොකළහ. මෙසේ කතා බහ කළත් ඇසුරු කළත් ඇය පදිංචිව සිටින ස්ථානය ඔහුට පැවසීමට තරම් ඇය මැළිවූවාය.
දිනක් ඇය ඔහුට යෝජනා කළේ අසවල් දින අපි කතරගම ප‍්‍රදේශයට ගොස් වන්දනාමාන කර එදින එහි නවාතැන් ගෙන පසු දින එමුයි කියාය. යෝජනාවට කැමැත්ත පළකර අදාළ දිනයේ දහවල් 12ට පමණ මහියංගනයෙන් බස්රථයක නැග කතරගම බලා දෙදෙනා පිටත් වූහ. එම රථයේ ගමනාන්තය වූයේ මොණරාගල නගරයයි. ඔවුහු කතරගම බලා ධාවනය වන බස් රථයක් පැමිණෙන තුරු තේ කඩයකට ගොඩවුවේ තේ පානය කිරීම සඳහාය. 
කඩේ තේ පානය කරමින් ඇය රැගෙන ආ ගමන් මල්ල ඔහු ඉදිරියේ විවෘත කළ අතර එහි ඇඳුම් පැළඳුම් කිසිවක් නොමැති බව ඔහුට පෙන්වා පැවසුවේ ගමනට රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ඇඳුම් මල්ලට දැමීමට අමතක වී ඇති බවකි. ඒ අනුව ඇයට ඇදුම් පුලදුම් ගෙනදීමටද ඔහුට සිදුවිය.
ඇඳුම් තොගයේ මිල රුපියල් එකොළොස් දහසක් පමණ වී තිබිණි. එවැනි මුදලක් ගෙවීම ඔහු කිසිසේත්ම අපේක්ෂා නොකළ අතර වෙන කළ යුතු දෙයක් නොමැති හෙයින් එම මුදල ගෙවා දමා නැවත බස් නැවතුම්පොළට පැමිණියේ කතරගම බලා ගමන් කිරිමට රථයක් ගැනීමටය.
එසේ බස් නැවතුම්පොළේ දෙදෙනා රැඳී සිටින විට බුත්තල නගරය බලා ගමන් ගන්නා බස් රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය විය. රථය ඉදිරියට යනවාත් සමඟම ඔහු අසල සිටි ඇය ‘‘මම යනවා” යැයි පවසමින් ධාවනය වන රථයට දිව ගොස් ගොඩවුවේ ඔහු අන්ද මන්ද කරවමිනි. ඔහු යමක් සිතන විටත් රථය නොපෙනි ගොසිනි.
‘‘මොකක්ද යකෝ මේ වුණේ.” යැයි සිතා ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තද එය විසන්ධි කර තිබිණි. ඇයට දුරකතන ඇමතුම් ගත්තත් ප‍්‍රතිචාරයක් නොවූ හෙයින් මහනුවර බලා පිටත්ව ගිය අතර ගමට ගොස් මිතුරාට සියලු විස්තර පැවසු අතර ඔහුද පැවසුවේ ඇය පදිංචි ගම හෝ නිවස තමන්ද නොදන්නා බවයි. 



අදහස් (2)

චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා

Pradeep Kumara Tuesday, 11 March 2025 09:14 PM

වයස 62ක් වෙලත් යන තැනකට වැඩක් කර ගන්නේ නැතුව කාම ලෝකෙ ඇලී ගැලී ඉන්න ගියාම ඔහොම වෙනවා.

:       1       3

KAHAWITA Wednesday, 12 March 2025 04:32 AM

පව් අහිංසකයා දෙන්නම් ජම්බු කියලා හිතාගෙන ඉන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site