IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.

තම සිරුර ගැන ඔහු ගොඩක්ම උනන්දුවූවේය. ඒ විතරක්ම නොව ප්‍රිය භාර්යාවගේ සිරුර ගැන ද ඔහු නොසෙව්වාම නොවේ. වැඩක් පලක් නොකර කකා බි බී සිටිය භාර්යාව එන්න එන්න මහත්වීම ඔහු නොරිස්සුවේය. ඇය ඒ ගැන දැනුම්වත් කළත් ඇය නෑසුනාවගේ සිටියාය. තමා මෙන් ඇවිදීමට එන ලෙස ඔහු භාර්යාවට ඇරයුම් කළේය. ඇය එය එක හෙළාම ප්‍රතික්ෂේප කළාය.

ඒ තමා සපත්තු දමා බොටමක් ඇද පාරේ යනු දකින ගමේ එකාලාගේ සමච්චලයට ලක්වනු ඇතැයි කියමින් සැමියාගේ මේ සිය ඇඟ මට්ටු කිරීමේ යෝජනාවට ඇය තදින්ම විරුද්ධවූවාය. ඇයගේ කතාවේ ඇත්තක්ම නැත්තේ නොවේ යයි සිතූ ඔහු ඇයට අලු‍ත් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ඇඟ හදාගත හැකි බවය. ඇය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ මළවිකාර යයි කියමිනි.

සැමියාගේ බලවත් පෙරැත්ත මත මස් කඩයට ගෙන යන වැස්සියක මෙන් ඇය වදෙන් පොරෙන් කායවර්ධන මධ්‍යස්ථානයකට ගියාය. ඒ සැමියා සමගය. මුලදි මුලදී ඇය ව්‍යායාම කරන තෙක් ඔහුට එම කායවර්ධන මධ්‍යස්ථානයට වී බලා සිටීමට ද සිදුවිය. ටික දිනක් යද්දී ඇය තනියම මේ කායවර්ධන මධ්‍යස්ථානයට ගියාය. තවත් ටික දිනකින් ඇය ඉතා උනන්දුවෙන් උදේ‍යා්ගයෙන් මේ කායවර්ධන මධ්‍යස්ථානයට ගියාය.

තවත් ටික දිනකින් ඇයගේ ප්‍රියතම කාර්යවූවේ මේ මධ්‍යස්ථානයට ගොස් ව්‍යායාම කිරීමය. වෙන කොපමණ අවශ්‍යතාවයන් තිබුණත් නොවරදවාම ඇය ව්‍යායාම සඳහා දිනපතාම පාහේ මේ මධ්‍යස්ථානයට ගියාය. කාලයක වෙනසේ අරුමය කියන්නා සේ ඇය ඇත්තටම නෙරා ගිය සිරුර කෙට්ටු කර ගත්තාය. දහහතේ දහඅටේ කෙල්ලක මෙන් සිරුර හොඳටම හදා ගත්තාය. සැමියා ට හරිම සතුටුය. සිය භාර්යාව දැන් කෙල්ලෙක මෙන් කියමින් ඔහු ඇයට විහිළු කරන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇතිය.

එදා උදේ ව්‍යායාම සඳහා කායවර්ධන මධ්‍යස්ථානයට ගිය භාර්යාව තමා වැඩ ඇරී නිවසට එනතුරුත් නොපැමිණීම පිළිබඳව සොයා බැලීමේදී ඔහුට දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගිය කායවර්ධන මධ්‍යස්ථානයේම ව්‍යායාම කිරීම සඳහා පැමිණ සිටි ඇඟ හදාගෙන සිටි කොල්ලෙකු එක්ක පැන ගොස් තිබූ බවලු‍.

 



අදහස් (0)

කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site