IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාසි කැටය වාෂ්ප වෙලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ 


කැටයකට සිල්ලර කාසි එකතුකළ  පුද්ගලයකුගේ කාසි  කැටය  හදිසියේ හමාගිය සුළඟකට හසුවී  ගසාගෙන ගිය අරුම පුදුම සිද්ධියක්  ගැන  දකුණු පළාතේ අග නගරයෙන් අසන්නට ලැබුණි.
හේ ප්‍රදේශයේ ජනප්‍රිය ටින්කර් බාස්  කෙනෙකි. ඔහු අත තියන ඕනෑම වාහනයක ඇදයක් පළුද්දක් වාෂ්පවන බවට මතයක්ද ප්‍රදේශයේ  ගොඩනැගී ඇති  බැවින් නිතර නිතරම  වාහන හිමිකරුවෝ ඔහු  සොයා  පැමිණෙති. මේ නිසා  තනියම  පටන්ගත්  ව්‍යාපාරයට  මේ වනවිට ගෝලයෝ පස්දෙනෙක්ම  එකතුවී  සිටිති.
මේ  දක්ෂ  ගෝලයන්  සෙට් එක  නිසා  දැන්  ඔහු  මජං  කිට් එක අඳින්නේ හදිසිම  අවස්ථාවකදී  පමණි. ගෝලයින්ට  වැඩ  පවරා ඔවුන්ගෙන්  උපරිම  වැඩගැනීම  දැන් ඔහුගේ රාජකාරිය වී ඇත.
පර්ස්  එකක්  පාවිච්චි  නොකරන  ඔහුගේ  පුරුද්ද නිසා  නිතර නිතර තීන්ත  වර්ග ගෙන ඒමෙන්  අතට  ලැබෙන  සිල්ලර  කාසි මහත්  වදයක්වී  ඇත. ඊට  පිළියමක් ලෙස මොහු ලීටර්  දෙකේ හිස් ප්ලාස්ටික් තීන්ත  බාස්කට් එකකට එම  සිල්ලර කාසි දැමීමට පුරුදුවී  ඇත.


වටිනා කියන බඩු බාහිරාදිය  දමා තිබෙන  තහඩු  අල්මාරිය උඩ මේ කාසි කැටය තබා  ඇති අතර අතට ලැබෙන  හැම සිල්ලර  කාසියක්ම මේකට  දැමීම  දැන් ඔහුගේ දින චරියාව වී  ඇත.
පසුගිය  දිනක  මොහුගේ  හිතවතකු වන දිවයිනේ  ජනප්‍රිය දේශකයකුද වාහනයේ  පළුද්දක්  සාදාගැනීමට  පැමිණ සිටි  අවස්ථාවක හදිසියේම මහා  සුළඟක්  සමග  වැස්සක්  ඇදවැටී ඇත . සුළඟ කෙතෙක් තදට හැමුවේ ද යත්  ගරාජයේ  තිබූ සියලු‍  සැහැල්ලු‍ බඩු  පෙරළී  සුළඟේ ගසා යන්නට විය. ගරාජ් හිමිකරු පුදුමයට  පත් කරමින්  අල්මාරිය උඩ තිබුණු  ඔහුගේ කාසි කැටයද සුළඟට හසුව පෙරළී  බිමට ඇදවැටී  ඇත.
සුළු  මොහොතකින්  සුළඟ  නතර වී  ඇති අතර ඔහු බිමවැටී ඇති කාසි කැටය  අතට ගෙන බලනවිට  එහි තිබී ඇත්තේ  සිල්ලර කාසි දහයක් දොළහක්  පමණි. කාසි  කීපයත්  සමග කාසි කැටය රැගෙන එහි සිටි හිතවත්  මහත්මයා ළඟට පැමිණ  ‘‘දක්ෂ ගෝලයෝ  ඉන්නවනම්  කාසි කැටයක් වුණත්  සරුංගලේ වගේ උඩ යවන්න පුළුවන්  මහත්තයෝ”‍ යැයි පවසා ඇත.
ජනප්‍රිය දේශකයා ඔහු  ඇරයුම්  ලබන දේශන වලදී ‘‘සුළඟට ගසාගෙන ගිය කාසි කැටය”‍ පිළිබඳව සිද්ධියත් සිය කතාවට එකතු කරන  නිසා  මේ සිද්ධිය පළාතේ පමණක් නොව දිවයින පුරාම පැතිරී ගිහින්ලු‍.



අදහස් (0)

කාසි කැටය වාෂ්ප වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site