IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාඩ් එකෙන් ජොලි කරලා පියාට තරු පෙනිලා

බුලත්සිංහල ලක්මි කුඩලිගම


පියාට නොදන්වා මව දුන් පියාගේ බැංකු ගිණුමේ කාඩ් පතත් රැගෙන කොළඹට පැමිණි පුතා, පියාගේ කාර්යාලයට පැමිණ පියාවත් එක්කරගෙන ත්‍රිරෝද රථයක නැගී කොළඹ පිටකොටුවේ රවුමක් ගිය නිසා පුතා දැන් හරි දියුණු වෙලායැයි කියා, ආඩම්බරයෙන් තම කාර්යාලයීය මිතුරන්ට පවසා සවස ගෙදර ගියවිට තම පුතා සියල්ල කර ඇත්තේ තමාගේ කාඩ්පතින් මුදල් රැගෙන බව දැනගත් පසු පියාට දවල් තරු පෙනුණු පුවතක් අගනුවර රජයේ ආයතනයක කාර්යාලයකින් වාර්තාවේ.
දකුණු පළාතට කිට්ටුව පිටිසර ගමක පදිංචිව සිට අගනුවර රජයේ ආයතනයක සේවයට එන මේ පුද්ගලයා සත පනහක්, රුපියලක්, පාරේ වැටී තිබුණත් වටපිට බලා එය අහුලා සාක්කුවේ දමා ගන්නා මසුරෙකි. දකුණේ සිට දුම්රියෙන් කොළඹට එන ඔහු රුපියල් 30ක් ඉතුරු කරන්නට කොල්ලු‍පිටියෙන් බැස ටවුන් හෝල් පැත්තේ ඇති තම කාර්යාලයට දිනපතා පයින් යයි. 
කොළඹ අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන තම පුත්‍රයා දිනක් කාර්යාලය අසලට පැමිණ පියා ඇමතීය. ලොක්කාට බොරුවක් ගසා පුතා ඇවිල්ලායැයි සිය සගයන්ට කියා එළියට බැස්සා නොව ඔහු එළියට වීසි වුණේය. 


ත්‍රිරෝද රථයක නැගි පුතා කාර්යාලය ඉදිරිපිටය. යං තාත්තේ නගින්න. අපි පිට පිටකොටුවට යං, පිම්මේ ගිය ත්‍රිරෝද රථය පිටකොටුවේ වීදියක් වීදියක් ගානේ ගොස් බඩු තොගයක්ද රැගෙන දුම්රිය පොළ අසලට පැමිණ හරි තාත්තේ මම දැන් මේකෙන්ම ගෙදර යනවා, තාත්තා ආපහු කාර්යාලයට යන්න යැයි කීය. හරි පුතේ මේ තියෙන්නේ ඕනා තරම් බස් මම එයින් එහෙක යන්නම් කියා කීවත්, නැහැ තාත්තේ පොඩ්ඩක් ඉන්න කියා දුරකථන ඇමතුමක් ගත්තේය. ක්ෂණිකව යතුරු පැදියක් පැමිණ පියාව කාර්යාලයට ඇරලීය. 
අපේ පුතා කොළඹට ඇවිත් මහ කාලයක් නැහැ. අවුරුදු ගාණක් කොළඹ වැඩ කරන මට වඩා යාළුවො ඉන්නවා යැයි සිය සගයන්ට මේ විස්තරය කීවේ ඉතා ආඩම්බරයෙනි. සවස සිය නිවසට ගිය පියා බලන්ඩකො අපේ පුතා දැන් හරි දියුණුයි. කොළඹදී හොඳ යාළුවො ආස්සරේ කරන්නේ මාවත් එක්කගෙන පිටකොටුවට ගියේ එයාගේ යාළු‍වො එක්ක යැයි සිය බිරිඳටද කීය. මොන යාළුවොද, පුතා මටත් විස්තරය කිව්වා. බස්වල ගියොත් පරක්කු නිසා මොන මී එහෙකටද මොහොකටද කතා කරල ත්‍රීවීල් එකක් අරන් පිටකොටුවට ගිහින් බඩුත් අරන් ඒ මී එකෙන්ම යතුරු පැදියක් ගෙන්වා ඔයාවත් කාර්යාලයට යැව්වා කියල. එතකොට ඒවාට වියදම් කරන්න සල්ලි කොයින්ද එයාට, තරමක් කලබලවූ පියා ඇසීය, ඇයි අනේ පුතාට හදිසියක් වෙලා බඩු වගයක් ගන්න ඕනා කිවාම මම ඔයාගේ බැංකු කාඩ් එක එයාට දුන්නා යැයි කීය. හත් ඉලව්වයි. කියූ පියාට සිය පුත්‍රයාගේ දියුණුව නිසා මෙදින පමණක් රැය පහන් කරන්නට දින තුනක පමණ කාලයක් ගියේලු‍.



අදහස් (0)

කාඩ් එකෙන් ජොලි කරලා පියාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site