IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කකුල් පණ නැති යාචකයා පිම්මේ දුවලා

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 


දෙපා පණ නැති යාචකයකුට සිය නිවස වෙත යාමට ඇති අන්තිම බස් රථය දැක දෙපා පණ ආ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය, 
එම යාචකයා එම ගමෙහි සති පොළ පැවැත්වෙන දිනයන්හි දී පැමිණ සිඟමන් ඉල්ලා ආපසු යන්නේ බස් රථයකිනි. මැණික් මුදලාලිලා ගැවසෙන නගරයක් බැවින් ඔහුගේ අතමිට සරුය. උදේ පාන්දර අරක්කු භාගයක් කාට හෝ කියා ගෙන්වා ගන්නා ඔහු හිමිහිට දිවා ආහාරය දක්වා එය පානය කරයි. සිඟමන් ලෙස මුදල්වලට අමතරව ලැබෙන කෑම ඔහු එකතු කර ගන්නේ ඇත්ත යාචකයන් ඔහු දන්නා බැවින් ඔවුන්ට දී තමන්ටත් පිනක් කර ගැනීමටය.

 ඔහුට උදව් කරන ගමේ පුද්ගලයකු සිටින අතර ඔහුටද හවසට ගෝල ගාස්තුවක් ගෙවීමට මෙම යාචකයා කටයුතු කරයි. ගෝලයා හරහා බිරියානි එකක් හා වතුර බෝතලයකට කොකා කෝලා එකක් කඩා ගෙන්වා ගන්නා ඔහු හවස් යාමය ගත කිරීමට ගෙන එන අරක්කු භාගය පානය කරමින් බිරියානි රස බලන්නේ දවල් කෑමට පාන් ගෙඩියක් ගෙන ඒමට පැමිණි දුප්පත් මිනිහාද ලබා දුන් රුපියලේද එකතුවෙනි. 

මෙලෙස කාලය ගෙවී යද්දී මෙම දෙපා පණ නැති යාචකයා පිළිබඳව බොහෝ පිරිසක් සානුකම්පිතව බැලීමට කටයුතු කරනු දක්නට ලැබුණි. තවත් සති පොළ පැවැති දිනයකදී ඔහු ගමේ සෙනග වැඩි වීම හේතුවෙන් ඉතා කාර්ය බහුල වී ඇති අතර සිය බස් රථය පිටත්ව යන අයුරු දක්නට ලැබී තිබේ. 

වහාම ත්‍රිරෝද රථයක් ලබාගත් ඔහු එම බස් රථය පිටුපස මද දුරක් හඹා ගොස් තිබේ. වෙනත් පුද්ගලයකුට ගොඩ වීමට බස් රථය නතර කළ අවස්ථාවේ ඔහු ත්‍රිරෝද රථයේ ගාස්තුව ගෙවා එය පිටත් කර බස් රථය දෙසට යද්දී එය නැවත ධාවනය ආරම්භ කර තිබේ. 

අත්වාරුවෙන් බසය දෙසට ගමන් කරමින් සිටි ඔහු බස් රථය ධාවනය ආරම්භ කරන අයුරු දුටු ගමන් අත්වාරු දෙක ඔසවාගෙන ධාවන ශූරයකු මෙන් බස් රථය වෙත දිවගොස් බස් රථයට ගොඩව ඇත්තේ බලා සිටි පිරිස අන්ද මන්ද කරමිනි. කෙසේ වෙතත් එම යාචකයා එම ගමට යළිත් පැමිණ නොමැත.



අදහස් (0)

කකුල් පණ නැති යාචකයා පිම්මේ දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site