IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අනියම් බිරියන් දෙදෙනෙක් නිවෙසට ඇවිදින් සැමියා ජරමරයක

විවාහක බිරිය හා දරුවන් දෙදෙනා නිවසේ නොමැති අතරේ අනියම් සබඳතා පවත්වන කතක් වෙනුවට කතුන් දෙදෙනෙකු එකවර පැමිණීමෙන් ගෙහිමි සැමියා අසරණතාවට පත්ව මුදලට තට්ටු වූ පුවතක් ඇතුගල්පුරවරයට නුදුරින් පිහිටි රාජධානි බල කොටු පෙදෙසකින් අසන්නට ලැබුණි.
සැමියා හා බිරිය දෙදෙනාම රාජ්‍ය සේවකයෝය. දරුවන් දෙදෙනා තවමත් පාසල් වියේ පසුවෙති. මේ නිසා සතියේ දිනවලදී බොහෝවිට නිවස වසා දමා තිබේ.
සැමියා නිවසේ නැවතුණි. ඒ එදින නිවාඩුවක් දැමීම හේතුවෙනි. බිරිය සේවයට ගියාය. දුව හා පුතා පාසල බලා පිටත් විය. නිවසේ තනි වූ සැමියා අනියම් සබඳතාවක් පවත්වාගෙන යන තවත් විවාහක කතකට මෙදිනට නිවසට පැමිණෙන ලෙසට ඇරයුම් කර තිබුණි.


ඇය ඒමට පොරොන්දු වූවාය. එනවාද නැද්ද යන්න හරියටම උදේට දුරකතනයෙන් දැනුම් දෙන බවද පැවසුවාය.
ඒ අනුව දිනය උදා වූ දවසේ ඔහු ඇය එනතුරා නිවසට වී ඇඟිලි ගනිමින් සිටියේය. එහෙත් ඇයගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නැත.
මේ නිසා ඇය කෙරෙහි විශ්වාසයක් නැති ඔහු පාරේ ගිය තවත් සබඳතාවයක් පවත්වන කාන්තාවකට නිවසට පැමිණෙන ලෙසට හිටි හැටියේ අඬගැසුවේය.
ඇය තමා කුලී වැඩකට යමින් සිටින බවත්, ඒ වෙනුවෙන් එම මුදල දෙනවා නම් එන බවත් පැවසුවාය.
ඒ සැනින් දිනක මුදල වූ රුපියල් 1500 ක මුදල අතේ තැබූ සැනින් ඇය  යායුතු ගමන පසෙක තබා අන් අයට හොරෙන් එම නිවස කරා පැමිණියාය.
ගතවූවේ නිමේෂයකි. පෙර ඇරයුම් කර තිබූ දුරකතනයට ප්‍රතිචාරයක් නොදුන් කාන්තාවද එහි පැමිණියාය.
ඇයට නිවසේ සිටි අන් කත නෙත ගැටුණි.
“පාහරයා, වනචරයා, මං හිතුවේ නැහැ තමුසේ ඔය වාගේ සල්ලාලයෙක් කියලා. මට පොරොන්දු වූ ගතමනාව දෙනවා. නැතිනම් අහල පහලට අඩ ගහලා මේක මං කියනවා” ඇය තොරතෝංචියක් නැතිව කියවාගෙන ගියාය.
කෑ ගසන්නට එපා යනුවෙන්  ඔහු ඇය මෙල්ල කිරීමට හැදුවත් නිවසේ නොනැවතුණු ඇය පාරට ගිහින් ආයෙත් පොරොන්දු වූ මුදල ඉල්ලා සිටියාය.
වැඩේ පත්තුවෙන බව දත් ඔහු වහාම ඇයටත් රුපියල් 1500 ක් අත තබා ඇය ආපසු පිටත්කර, නිවසට එන අතරවාරයේ කලින් මුදල දී නවතාගෙන සිටි කතත් පිටුපස දොරෙන් පලා ගොස් තිබුණා ලු.
කෙසේ වෙතත් උකුසු ඇසින් පසුවූ අවට හිතවතුන් පිරිසක් ඒ සැනින් ගෙට ගොඩවූහ. සිදු වූ සියල්ල ඔවුහු ඇසින් දුටුවා සේ පැවසූහ. අවසානයේ එය රහසක් සේ තබා ගන්නට රුපියල් පන්දහසකට වැඩි මුදලක් වැයකර මත් තොළ ගෑමේ පාටියක් සංවිධානය කර ඇතත් එය දැන් තම බිරිය හැරෙන්නට අවට බොහෝ පිරිසකට නම් රහසක් නෙමෙයි ලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

අනියම් බිරියන් දෙදෙනෙක් නිවෙසට ඇවිදින් සැමියා ජරමරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 368 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site