ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසියට යාබද ඉඩමේ කොස්ගස් දෙකක් කපා හෙලීමට බලපත්‍ර ලබා ගෙන තවත් ගසක් අනවසරයෙන් කපා ඉඩමි හිමියා බිල්ලට දී සිය නම්බුව ආරක්ෂා කර ගැනීමට ලක්ෂ ගණනක් වියදම් කර පිංකම් කළ අපූරු මුදලාලි කෙනකු පිළිබඳ කතාවක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා මුදල් සොයා ගැනීමට ඉඩම් හිමියකුට තම ඉඩමේ ඇති කොස් ගස් දෙකක් විකිණීමේ අවශ්‍යතාවක් ඇතිවිය. දැව වෙළෙඳාම සිදුකරන පුද්ගලයකුට මෙම ආරංචිය සැලවීමත් සමග ඉඩම් හිමියා හමුවී ගස් දෙකකට ලංසුවක් තබා මිල ගණන් ද පැවසීය. දැව වෙළෙඳාම සම්බන්ධව නම් දරා සිටි ප්‍රසිද්ධිය සඳහා කැපී පෙනීමේ වැඩ කිරීම පිළිබඳව හසල හැකියාවකින් යුතු පුද්ගලයකුට ද ගස් පිළිබඳව ආරංචිය කන වැකුණි.
ඉඩම් හිමියා මුණ ගැසීම සඳහා යුහුසුළුව කටයුතු කළ ඔහු ඉඩමේ තිබූ ගස් පරීක්ෂා කර ඉහළ ලංසුවක් තැබුවේ ඉඩමේ ඇති සෙසු ගස්වලට ද කෑදරකම සිත්හි දරාගෙනය. දැව මුදලාලිගේ ලංසුවට එකඟවී ඉඩම් හිමියා විසින් ගස් කපා හෙලීමට බලපත්‍රයක් ද නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් ලබා ගත්තේය.
දැව මෝල් හිමියා සති අන්ත දිනයක දී ගස් බිම හෙලීම සැලසුම් කළේය. කපන ලද එක් ගසක් දිරාගොස් නරක්වී තිබූ අතර ඒ වෙනුවට තවත් ගසක් අවශ්‍ය බව ඉඩම් හිමියාට ඔහු සැල කළේය. ලබා දී ඇති බලපත්‍රයෙන් එම ගසද කපා හෙලීමට පුළුවන් යැයි රවටා දැව මුදලාලි තවත් ගසක් කපා දමා ඇති බව පැවසේ.
ගස් දෙකකට බලපත්‍ර ලබාගෙන ගස් තුනක් කපා ඇති ආරංචිය වසම භාර ග්‍රාම නිලධාරිවරයාට සැලවූ අතර ඔහු ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර අවශ්‍ය නීතිමය පියවර ගත්තේය. එහිදී දැව මුදලාලි ඉඩම් හිමියා බිල්ලට දී නිහඬ වූයේය. පොලිසිය විසින් කපන ලද කොස් ගස අත්අඩංගුවට ගෙන අනවසරයෙන් කොස් ගසක් කපා හෙලීම පිළිබඳව ඉඩම් හිමියා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි දී ඔහුට දඬුවම් හිමිවිය.
මුදලාලි කළ කපටිකම වසන්කර ගැනීමට ඔහු කෙතරම් උත්සාහ කළ ද එය පලක් නොවී සිද්ධිය ප්‍රදේශය පුරා ප්‍රචාරය වීමට වැඩි කලක් ගත නොවූ අතර එය වසා ගැනීම සඳහා මුදලාලි ලක්ෂ ගණනින් මුදල් වියදම් කර විවිධ සමාජ සේවා කටයුතුවල නිරතවන බව පැවසේ.
හක්මණ විශේෂ -
දෙනගම යසන්ත ආරියසේන
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනවසරෙන් කොස් ගස් කපා නම්බුව රැකගන්න පින්කම් කරලා