ටී.වී. රංගනයට ලොල්වී රන් මාලය නැතිකරගෙන නාඋල පිහිටි රාජ්‍ය බැංකුවකින් උකසට තැබූ රන් මාලයක් බේරාගෙන ආපසු යමින් සිටි කාන්තාවකගේ එම රන් මාලය කොල්ල කෑ පුවතක් නාඋලින් වාර්තා වෙයි. 29 February 2020
මුදල් පසුම්බිය නැතිව පාරේ ළතැවෙද්දී යාචකයෙක් පිහිටවෙලා තම ඥාති දියණියක හමුවීමට දකුණේ උණ වලට සම්බන්ධ ප්‍රදේශයක යාමට පැමිණි දුර බැහැර මොනරු සිටින ප්‍රදේශයක පුද්ගලයකුගේ මුදල් පසුම්බිය නැතිවීම නිසා සිදු වූ අපූරු සිද්ධියක් පිළිබඳව එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 27 February 2020
බස්රියේදී දුටු තරුණිය හදිසියේ මහලු වෙලා සිය මිතුරන්ට අලුත් පෙම පවසා අමාරුවේ වැටෙන්නට ගිය පුද්ගලයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 26 February 2020
ලොතරැයි දිනුමක ආරංචියෙන් රෝගියාට සැත්කමත් එපාවෙලා පවුලේ සමීප ඥාතියකුට ලොතරැයි දිනුමක් ඇදුණු බව දැනගැනීමෙන් පසුව ශල්‍යකර්මයකට භාජන කිරීමට රෝහල් ගතකර සිටි කාන්තාවක තම ශල්‍යකර්මයද අත්හැර දමා බලහත්කාරයෙන්ම රෝහලෙන් පැමිණි බව දැනගන්නට ලැබිණි. 25 February 2020
යාළුවන්ගේ පෙරැත්තයට බීලා දඩ කොළය දෙක වෙලා එකම යතුරු පැදිකරුවකුට එකම දවසේ අවස්ථා දෙකකදී, රුපියල් දහසය දහස බැගින්වූ දඩ කොළ දෙකක් ලබා දීමේ පුවතක් වාර්තා වූයේ මාතර කොටවිල ප්‍රදේශයෙනි. 24 February 2020
මිතුරාට යතුරුපැදිය දී පොලිසියෙන් ගෙදරට ඇවිත් මිතුරකුගේ යතුරු පැදියෙන් තවත් මිතුරෙක් ගමනක් ගිය අතරවාරයේ යතුරු පැදියේ හිමිකරු සොයා පොලීසිය පැමිණීමෙන් අනතුරුව යතුරුපැදි හිමිකරුටත් එය රැගෙන ගිය මිතුරාටත් දෙලොව රත්වීමේ පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 21 February 2020
පුතාගෙ ගෙදර යන්න ආ පියාට බස් නොම්මරය පැටලී තරු පෙනිලා නාගරික ප්‍රදේශයක අලුතෙන් පදිංචියට ගිය සිය පුත්‍රයාගේ නව නිවෙසට ගෙවැදීමේ උත්සවයට සහභාගි වීම සඳහා ගමේ සිට පැමිණෙමින් සිටි වයස්ගත පියාට පුතා විසින් කියන ලද අංකය සඳහන් බස් රථය සොයා ගැනීමට නොහැකිවීමෙන් ඔහු මහත් අසීරුවට පත්වීමේ පුවතක් පසුගියදා කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා විය. 20 February 2020
කළ උපකාරය හිලව්වට ජංගම දුරකතනය උස්සලා බස්රථයක් නොමැතිව මහමග සිටි පුද්ගලයෙකුට ගමන් පහසුව සැලසූ යතුරු පැදිකරුගේ ජංගම දුරකතනය සූක්ෂම ලෙස සොරා ගැනීමේ සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 19 February 2020
මංගල සාදයට ගොස් එද්දී වෙරි හිඳෙනතුරු රේස් ගිහින් මංගල සාදයකට ගොස් හොඳ හැටි පදම්වී ආපසු එන ගමනේදී තමුන්ට වෙට්ටු දැමූ යතුරුපැදිකරුවෙකු හඹාගෙන ගමනාන්තයටත් එහා කිලෝමීටර් විස්සක් පමණ ගමන් කර කුලී රථයකට වැඩිපුර කුලී මුදලක් ගෙවූ පිරිසක් පිළිබඳ පුවතකි මේ. 18 February 2020
රිළවකු කළ වැඩෙන් පොලිස් රථවාහන අංශ නිලධාරින්ට තරු පෙනිලා යතුරුපැදිය උඩ තබා තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත රිළවකු රැගෙන යාම නිසා දැඩි අසීරුතාවට පත් වූ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු පිළිබඳ පුවතකි මේ. 17 February 2020
මඟුල්දා තෑගි ලැබුණු ජංගම දුරකතනය මධු සමය කයි මධුසමය දිනයේ රාත්‍රීයේ තෑග්ගක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් නිසා තරුණ යුවළකට නිදි වර්ජිතව මුළු රැයම ගෙවීමට සිදු වූ පුවතක් පසුගිය දිනෙක වාර්තා විය. 15 February 2020
ලස්සන වෙන්න මුහුණේ ගෑ මී කිරි තට්ටුව බලු හුරතලා ලෙවකාලා යෙහෙළියන්ගේ උපදෙස් මත මූහුණ ලස්සන වීමට ගෑ මුදවපු මීකිරි ගෙදර හුරතලයට ඇති කරන බලු_ පැටියා ලෙව කෑමෙන් එම කාන්තාව දැඩි අපහසුතාවට පත්වූවාය. 15 February 2020
ගම්මිරිස් හොරා ටැලිෆෝනයෙන් දැනේ ජංගම දුරකතනයකින් ගම්මිරිස් හොරකු කොටුකරගත් බව කියවෙන පුවතක් තල්දෙන එගොඩවෙල ගම්මානයෙන් වාර්තා වේ. 15 February 2020
අනවසරයෙන් ගේකට රිංගුවාට කතුන්ට වැඳ සමාව අරන් පාසල් යන දැරියක හා තරුණියක සිටි නිවසකට ඇතුළු වී ඔවුන් බියවැද්දූ සුරාබදු නිලධාරීන් පිරිසකට වැඩ වැරදී නැවත එම නිවසට පැමිණ නිවැසියන් ඉදිරියේ සමාව ගැනීමට සිදුවූ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි. 15 February 2020
සැමියාගේ මළගමදා බිරිඳගේ විලාපය කෝලමක් වෙලා තම සැමියාගේ මළගමේදී වැඩි භක්තියෙන් හැඬීමට ගිය කාන්තාවකට වචන පැටලී අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ. 15 February 2020
මංගල සාදයේදී පදමට වැදිලා මිතුරන්ට අපූරු දඬුවමක් දීලා මංගල සාදයකදී පමණ ඉක්මවා මධුවිත පානය කර බස්රථයකදී සිදුවූ අකර තැබ්බයක් කුඩලිගම ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ඔහු කාර්යාල සේවකයෙකි. තරබා 14 February 2020
නිලධාරියාගේ හෙල්මටයෙන් මාපිලෙක් ඇවිත්... පැළඳ සිටි හෙල්මටය තුළ මාපිලකු සිටීමෙන් නිලධාරියකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය. 12 February 2020
සුද්දන් ගොනාට ඇන්දූ මගපෙන්වන්නාට සුද්දන්ගෙන්ම පාඩමක් ඇල්ල නගරයේ සංචාරයක් සඳහා පැමිණි සුදු ජාතිකයන් පිරිසකට වැරැදි මාර්ගයක් පෙන්වා දුන් ප්‍රදේශයේ මග පෙන්වන්නකුට සුදු ජාතිකයන් විසින් නිවැරැදි මාර්ගය පෙන්වා දීමේ පුවතක් වාර්තා විය. සිද්ධිය මෙසේය. 10 February 2020
බාස්ට හීනෙන් පෙනුනාට ගෝලයා බිරියට ඉදිමෙන්න ගහලා උතුරු මැද පළාතේ පිටිසරබද ගමක පිරිසක් කොළඹට පැමිණ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක සේවය කළහ. 08 February 2020
බැඳලා අවුරුදු පනහකට පස්සේ ආච්චි සීයාගෙන් අන්තිම කැමැත්ත අහලා විශ්‍රාමික ගුරු මාතාවක් වූ ඇය ඇතුගල්පුරයට නුදුරු නිවෙසක ජීවත්වූයේ සිය වැඩිමහල් පුතුගේ පවුලේ අය සමඟ මහගෙදරය. වියපත්, සැමියා බාල දුවගේ දරුවන් බලා ගැනීමට කොළඹ ගොස් සිටියේය. 07 February 2020
හොඳ හෝටලයකින් කන්න ගිහින් ගමේ කඬේ පිහිටවෙලා සාදයකට එක්වූ පිරිසකට රාත්‍රී ආහාරය ප්‍රමාණවත් අන්දමින් ලබාදීමට ඉහළ පෙළේ හෝටලයක පාලනාධිකාරිය අපොහොසත්වීම නිසා එම පිරිස නගරයේ සාමාන්‍ය හෝටලයකින් කෑම ඇනවුම් කිරීමේ සිද්ධියක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය. 06 February 2020
දියණිය සල්ලාලයාගෙන් බේරාගත් පොලිස් පුතා ඇයට දිවිඇතිතෙක් ආරක්ෂාව දීලා පරෙස්සමට තිබූදේ ඈලියාවට ගියා යැයි කියන ආකාරයේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ දේවාලයක් නිසා ප්‍රසිද්ධියට පත් නගරාසන්න ප්රදේශයකිනි. 05 February 2020
වගඋත්තරකරුගේ බිරිය දැක්කාම පොලිසිය නීතියත් නමලා පැමිණිලිකරුගේ තොරතුරු නොසලකා හරිමින් වගඋත්තරකරුගේ රූමත් බිරියගේ වදනට පමණක් සවන් යොමු කොට පැමිණිල්ලක් විභාග කළ සිද්ධියක් බස්නාහිර පළාතේ උතුරු පැත්තේ අඩවියක එක්තරා පොලිස් ස්ථානයකින් වාර්තා විය. 04 February 2020
මවගේත් පියාගේත් බැංකු කාඞ්පතින් ලක්ෂ පහක් ඇද ආභරණත් කොල්ලකා එළියට ඇද දාලා දුවත් බෑනාත් සැකපිට අත්අඩං තම පියාට සහ මවට අයත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් තුනකින් පෙට්කාඞ් යොදාගනිමින් ලක්ෂ පහක් වංචනික ලෙස ගෙන මව සතුව තිබූ ලක්ෂ පහකට අධික වටිනාකමක් ඇති ස්වර්ණාභරණද කොල්ලකා උකස්කර පියාත් මවත් නිවසින් එළියට දැමූ හලාවත මයික්කුලම පදිංචි දුවක සහ බෑණනුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි. 03 February 2020
සැමියා බත් එක්ක කොරෝනා කන්න ගිහින් බිරිඳ බයවෙලා කොරෝනා වයිරසය පිළිබඳ මේ දිනවල ජනතාව මහත් සේ බියට පත්ව ඇති අතර සුදු හමක් අති අයකු දුටු පමණින් එම ස්ථානයෙන් හිමින් සීරුවෝ මාරුවී යාමට සමහරු හුරුවී සිටිති. කෙසේ වුවද රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනය වෙද්දී කොරෝනා රෝගය ගැන කියන වෙන විට බත් පිඟාන ද රැගෙන රූපවාහිනිය ඉදිරියට පැමිණි තම සැමියා එළවා දැමූ බිරිඳක් පිළිබඳ පුවතක් දකුණේ කුරුඳුවලට සම්බන්ධ ගමකින් වාර්තාවේ. 01 February 2020
ලොක්කාට කලර්ස් දාන්න ගිහින් වැඬේ වරද්දාගෙන ප්‍රදේශයේ වතුයායක දිගු කාලයක් වල් බිහිවී තිබූ බිම් කොටසක් සංවර්ධනය කර නැවත වගා කිරීමට සැලසුම් කෙරිණි. අක්කර ගණනකින් යුත් යෝජිත වගා ව්‍යාපෘතිය නැකත් වෙලාවක් බලා සමාගමේ කළමනාකරුද ගෙන්වා උත්සව ශ්‍රීයෙන් වැඩ ආරම්භ කිරීමට වත්තේ ක්ෂේත්‍ර නිලධාරිවරයාට අවශ්‍ය විය. 01 February 2020
‘මී පදමට’ සූර්වුණාම ලෙඬේ කම්මුතුයි කලක් තිස්සේ පැවති මුත්‍රා ගල් අමාරුව සුව කර ගැනීම සඳහා සොයාගත් අපුරු ප්‍රතිකාරයක් පිළිබඳ පුවතකි. 01 February 2020
කල්පිටි යන්න බසයට නැගුණ සුද්දා කුලියාපිටියට ගෙනිහින් කොළඹ-කුලියාපිටිය සුඛෝපභෝගි සේවා බස්රථයක් කුලියාපිටියට යළි පැමිණීමේදි මීගමුව ප්‍රදේශයේදී අත දැමූ විදේශිකයකු ඉංග්‍රීසි බසින් තමන්ට යායුතු ගමනාන්තය විමසීමේදී බස්රථයේ කොන්දොස්තර තැන තමන්ට හැකි අයුරින් අදහස් හුවමාරු කරගෙන විදේශිකයා බසයට නංවාගෙන කුලියාපිටියට පැමිණියත් විදේශිකයා තලවිල යාමට අවශ්‍ය බැව් පැවසීමෙන් බස් කොන්දොස්තර පමණක් නොව මගීහු පවා අන්දුන් කුන්දුන් වූහ. 01 February 2020
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026