IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


කුකුළු මස් බයිට් එකෙන් කුකුළයි පවුලයි දෙන්නම නැතිවෙලා

(හොරොව්පොතාන පැතුම් දර්ශන)
තිදෙනාම ගජ මිතුරන්ය. කන්නේ බොන්නේ එකටය. තරුණ සමයේ සිට පැවති මිතුදම විවාහ වී බොහෝ කල්ගත වුවත් දිගටම පැවතියේය.


ඒ නිසාම සතියකට වතාවක් හෝ අඩියක් ගසන්නට  මිතුරන් අමතක කළේ ද නැත. ඒ සඳහා ඔවුනගේ පුරුදු ස්ථානය වූයේ වැව් බැම්ම කෙළවර තිබූ කැලෑබද පාළු ස්ථානයකි. මෙදිනද තිදෙනාගේ එකඟතාවෙන් අදාළ ස්ථානයේ මිතුරෝ එක්වූහ. සාදය අතරතුර දී එකෙකුගෙන් ආවේ අපූරු යෝජනාවකි.


‘‘අල්ලපු ගෙදර කුකුළගෙන් අපට හෙන කරදරේ. හැමදාම රෑට අපේ කූඩුවට රිංගනවා. අයිතිකාරයන්ට කිව්වට වැඩක් නෑ. උන් ගණන් ගන්නේ නෑ. අපේ කූඩුවෙ කුකුළා එක්ක හැමදාම පොරකනවා. එපාවෙලා තියෙන්නේ, මේක ඉවරයක් කරන්න ඕනේ. අනිද්දා රෑ අපි සෙට් වෙමු බයිට් එක මගේ ගානේ. මෙතනම උයලා පාටිය දාමු. කාටවත් කියන්න එපා.”‍


කතා කරගත් පරිදි සියල්ල සූදානම් විය. එදින රාත්‍රියේ තිදෙනාගේ රහමෙරට කටගැස්ම වූයේ කුකුළු මස්ය. සාදය නිම වන විට රෑ දොළහත් පසුවිය.


පසුදින එළිය වැටුණ පමණි. කුකුළු කූඩුව හිමි මිතුරා සිය මිතුරන් දෙදෙනා සොයා ගෙන පැමිණියේ විදුලි වේගයෙනි.


හරි වැඩේනේ වෙලා තියෙන්නේ. ඊයේ රෑ පාටිය වෙළාවේ කරුවලේ බෙල්ල මිරිකල තියෙන්නෙ අපේ ගෙදර ඇති කරපු කුකුළගෙ. අල්ලපු ගෙදර එකා අන්න යහතින් ඉන්නවා. කරුවලේ වැඩේ පැටලිලා. ගෙදර ගෑනිටත් මේ ගැන ඉව වැටිලා. උන්දෑ ගෙදරින් යන්න රෙදි හදාගන්නවා. මට දැන් කුකුළත් නැතිවෙලා ගෑනිත් නැති වෙන්නයි යන්නේ.”‍ කියමින් හඬා වැටුණාලු‍. නිවසින් පිටව ගිය බිරිය දින තුන හතරක් ගියත් තවමත් පැමිණ නැති බව කියැවේ.

 



අදහස් (0)

කුකුළු මස් බයිට් එකෙන් කුකුළයි පවුලයි දෙන්නම නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1485 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site