(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ඡන්ද පොළට රැගෙන ගිය බිරිය විරුද්ධ පක්ෂයකට ඡන්දය දීම නිසා උරණ වූ සැමියා ඇය ඡන්ද පොළේ දමා පැන යාමේ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් ජන්ද මධ්‍යස්ථානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

පොදු ගමනාගමන පහසුකම් නැති අතුරු මාවත් පෙදෙසක මෙම ඡන්ද මධ්‍යස්ථානය පිහිටා ඇත. ගමනාගමන පහසුකම් නැති දුෂ්කර පෙදෙස් අතරින් දුරකතර ගෙවාගෙන ඡන්ද පොළට පැමිණිය යුතුය.
දරුවන් තිදෙනකුගෙන් යුත් විවාහක බිරිය රෝහල්ගතව සිට නිවසට පැමිණ ඇත්තේ රෝගීතාවයට වඩා ඡන්දයට ප්‍රමුඛතාවය දීම සඳහාය. නිවසට පැමිණි ඇයට ඡන්ද පොළට යාමට කිලෝ මීටර් ගණනාවක් දුරකතර ගෙවාගෙන යා යුතුව ඇත.
සිය සැමියා සුපුරුදු පා පැදිය ගෙන එහි පිටුපස අසුනේ ඇය වාඩි කරවාගෙන ඡන්ද පොළ වෙතට පැමිණියේය.
සැමියා උදේම පැමිණ ඡන්දය ප්‍රකාශකර තිබූ නිසා ඇය ඡන්දය දමා එන තුරු ඔහු ඒ අසල තැනක රැඳී සිටියේ ඇය ආපසු රැගෙන යාමටය.
ඇය දිගු පෝලිමක රැඳී ඡන්දය ප්‍රකාශ කර එන අතරතුර පිරිසක් සමග නැවතී පිළිසඳරක යෙදී සිටියාය.
එතැනට ගිය සැමියා ඇය කියන්නේ කුමක් දැයි විමසුවේය.
එයා මෙදා පාර අපේ පැත්තට ඡන්දය දීලා. රැස්ව සිටි පිරිස ඔච්චමට මෙන් ඔහු සමග පවසා ඇත්තේ ඔහු කුමන පක්ෂයක සාමාජිකයකු ද යන්න කවුරුත් හොඳාකාරවම දන්නා නිසාය.
ඇත්තද ඔයා කාටද ඡන්දය දුන්නේ සැමියා සිය බිරිඳගෙන් ඇසුවේය.
මම මේ සැරේ මගේ ඡන්දය අර පැත්තට දුන්නා යැයි සිය විරුද්ධ පාර්ශවකරුවන් හමුවේ ඇය පැවසුවාය.
මෙච්චර දුරක් බයිසිකලේ තියාගෙන ආවේ ඕක අහගන්නදැයි කල කිරුණු සැමියා ඇය එතැනම දමා යන්නට ගියේය.
යන එනමං නොමැතිව රෝගී තත්ත්වයෙන් පසුවූ ඇය කකුලට වාරු දිදී සුපුරුදු ගමනාන්තය තෙක් පිය මැන්නාලු.
2025 ඔක්තෝබර් මස 08
1843
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියා එක්ක එකට ගිහින් විරුද්ධ පැත්තට ඡන්දය දුන් බිරිඳ මග දමා මාරුවෙලා