(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රට පුරා විදුලිය ඇනහිට තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල යැයි වැරදී තෙල් ඉඳුල් ඉවත් කිරීමට ගන්නා සබන් කැටයක් දුන් බිරියක් නිසා සිරුර පුරා කැසීමකට ලක්වූ සැමියා තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන පුවතක් මීරිගමට නුදුරු ගම් පියසකින් වාර්තා වේ.
නොරොච්චෝලේ බලාගාරයේ හදිසි බිඳවැටීම නිසා රට පුරා විදුලිය නැතිවූ දිනයයි. දිවයිනේ පෙදෙස් කිහිපයකට හැන්දෑවේ විදුලිය ලැබුණත් බොහෝ පෙදෙස්වලට විදුලිය ලැබුණේ රාත්‍රී දහයයි තිහත් පසුවීමෙන් අනතුරුවය.
රජයේ ආයතනයක විධායක නිලයක් දරන සැමියා නිවසට එද්දී රෑ බෝ වී තිබිණි. රජයේ රැකියාවක නිරත බිරිය සිටියේ කුස්සියේ වැඩ කරමිනි. විදුලිය නැති නිසා ඇය ආලෝකය ලබාගත්තේ ඉටි පහනක ආධාරයෙනි. නිවසේ වූයේද එක් ඉටි පහනක් පමණි.
‘දැන් ලයිට් එයිනේ ඒ හින්දා මම ඉටිපන්දමක් ගේන්න කඩේට ගියේ නෑ’ බිරිය සැමියාට කීවාය. නිවසට ආ සැමියා දරු දෙපළ සමග කාලය ගත කර දිය නා ගැනීමට වත්ත පහළ ළිඳට යාමට සැරසුණේ කළුවරේමය. ‘අනේ මට සබන් කෑල්ල දෙන්නකෝ’ සැමියා ආයාචනා කළාය. බිරිය සබන් කෑල්ල ගෙනැවිත් අතට දුන්නාය. වත්ත පහළ ළිඳට ගිය සැමියා දිය නෑවේය. සබන් ගාද්දී වෙනසක් දැනුණි. කළුවර නිසා කිසිත් පැහැදිලි නැත.
ඉක්මන් ගමනින් දිය නා නිවසට ආ ඔහු සබන් කෑල්ල බාල්දිය සමගම තැබීය. ටික වේලාවක් ගත වෙද්දී සිරුර පුරා කසන්නට වූයේය. ඔහු ඒ බව බිරියටද කීවේය. ‘පණුවෙක්වත් ගෑවෙන්න ඇති. අසාත්මිකතාවක් වගේ’යි කී ඇය බෙහෙත් පෙත්තක්ද දුන්නාය. එහෙත් කැසිල්ල අඩුවක් නැත. මෙසේ කල් ගතවෙද්දී රාත්‍රී දහය හමාරට පමණ විදුලිය ලැබිණි. රෑ කෑමෙන් පසු බිරිය කුස්සියේ කටයුතුවල යෙදුනාය. වළං පිඟන් සෝදන්නට ගිය ඇය ඒ සඳහා ගන්නා සබන් කැටය දක්නට නොවූයෙන් විමසිලිමත් වූවාය. ‘අනේ ඔයා සබන් කෑල්ල තිබ්බේ කොහේද’ ඇය ඇසුවාය. ‘බාල්දියේ බලන්න’ සැමියා කීවේය. බාල්දිය පිරික්සූ ඇයට සැමියාගේ කැසිල්ලට හේතුව තේරැම් ගියේය. වහා දිවගෙන ආ ඇය කිසිත් නොකියා සැමියා සමග වෛද්‍යවරයකු ළගට ගියාය. සැමියාගේ කැසිල්ල ගැන වෛද්‍යවරයාට කී ඇය ඊට හේතුවන්නට ඇත්තේ තමන්ට වූ වැරදීම නිසා වෙන්නට ඇතැයිද කියද්දී සැමියාට සිදුවූ සියල්ල තේරුම් ගන්නට ලැබිණි.
කෙසේ හෝ බිරියට සිදුවූ අත්වැරැද්ද නිසා සැමියා පුරා සතියක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීය. දින දෙක තුනක් රාජකාරියට යාමෙන්ද වැළකී සිටියේය. සැමියා මිතුරකුට මේ අකරතැබ්බය ගැන කියා ‘හැබැයි ඒකෙන් මගේ ඇඟේ කුණු ගිහින් පිරිසුදු වුණා’ යැයි කියනු කටවාචාල මිතුරකුට ඇසුණු හෙයින් මේ කතාව දැන් බොහෝ දෙනාගේ කනට ගොස් ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලයිට් ගියදා අමුතු ලෙඩක් හැදිලා