IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අම්ම බලාගත් හිලව්වට පුතා බැංකු කාඩ්පත් ඇපේට තියාගෙන

(රාජාංගණය – නුවන් කුමාර)
තම මව  රැකබලා ගත්තාට හිලව් වශයෙන් මුදල් ලබා දෙනතුරු ඇගේ බැංකු කාඩ් පත හා  රෝහල් සායනයෙන් ඖෂධ ලබාගන්නා කාඩ්පත ඇපයට තබාගත් අපූරු අජාසත්ත පුතෙකු පිළිබද පුවතක් තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


රජයේ රැකියාවක් කළ තම සැමියා මිය යෑමෙන් පසු  තම දරුවන් තිදෙනා මහත් වෙහෙසක් දරා  ‍මව විසින් රැක බලාගෙන ති‍බේ. සැමියා මිය යෑමෙන් පසු ඇයට විශ්‍රාම වැටුප වශයෙන් මසකට රුපියල් 37,000ක මුදලක් හිමිවී ඇති අතර දැනට අවුරුදු 87ක් වයසැති වයෝවෘද්ධ මෙම  මව  දුරබැහැර ප්‍රදේශයක ජීවත්වන ඇගේ දියණියන් දෙදෙනා  විසින් මාරුවෙන් මාරුවට රැක බලාගෙන ඇත.


දිනක් මව බැලීමට ගිය ඇගේ පුතා මව ටික දිනක් තම නිවසට ගෙන යෑමට තම සහෝදරියන්ගෙන් අවසර ඉල්ලා තිබේ. සියලුම දෙනාගේ එකඟතාව මත මව නිවසට රැගෙන ආවද  ඇය ගැන සොයාබැලීමට පුතා අමතක කළත් මාසිකව  ඇයට ලැබෙන රුපියල් 37,000ක මුදල ලබාගෙන ඇත.


දියණියන්  දෙදෙනා තම මවගේ සුවදුක් බැලීමට පසුගිය දිනක පැමිණි විට තමන්ට පුතා නොසලකන බැවින් නැවතත් දියණියන්  සමග යෑමට අවශ්‍ය බවත් මව පැවසීම නිසා ඔවුන්ද එයට එකඟ වී ඇත. කෝපයට පත් පුතා තම සහෝදරියන්ට බැනවැදී මාස එක හමාරක්  මව තමන් රැකබලා ගත් බවත් මුල් මාසයට හිලව් වීමට රුපියල් 37,000ක මුදල ලබා ගත්තත් ඉතිරි මාස බාගයට හිලව් වීමට රුපියල් 20,000ක මුදලක් ඉල්ලා තිබේ.


පසුව මුදල් ලබාදීමට සහෝදරියන් එකඟ වුවද මෙම සහෝදරයා එය පිළිගත නොහැකි බැවින් එම මුදල ලබා දෙනතුරු තම මවගේ බැංකු කාඩ්පත හා රෝහලේ සායනයෙන් ඖෂධ ලබාගන්නා කාඩ්පත ඇපයට තබාගෙන ඇත.


මෙම ආරවුල තඹුත්තේගම පොලිසිය දක්වා පැමිණ ඇති අතර මව්පියන්ගේ වටිනාකම හා මව්පියන් රැක බලාගැනීම දරුවන්ගේ යුතුකමක් බවත් එය නීතියෙන් පවා තහවුරු කර ඇති බවත් පෙන්වා දෙමින් දැඩි අවවාද ‍කිරීමට සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. චන්ද්‍රදාස මහතා කටයුතු කර තිබේ.


කෙසේ වුවත් අදාළ මුදල් ලබා දෙනතුරු ඇපයට තබාගත්  කිසිවක් නැවත ලබාදීමට මෙම පුත්‍රයා එකඟවී නැති බව වාර්තා වේ.

 



අදහස් (0)

අම්ම බලාගත් හිලව්වට පුතා බැංකු කාඩ්පත් ඇපේට තියාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1485 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site