IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


නැන්දම්මාගේ අතහිතෙන් බෑණාගේ හොඳහිත වැඩිවෙලා

(පින්නවල එන්.රණසිංහ)
නැන්දම්මා දැක්වූ සහයෝගයට ‘‘අත හිත නැන්දම්මාගෙන්’’ යැයි  වැසිකිළියේ ලොකු අකුරෙන් ලියූ බෑණා කෙනකු පිළිබඳව පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


සිද්ධිය සැකවින් මෙසේය. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ ග්‍රාමයක ජීවත්වන දෙදරු පියෙකි. රජයේ කාර්යාලයක කාර්යාල සහයකයෙකු ලෙස රැකියාව කරන්නෙකි. පවුලේ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ඔහුගේ අභිප්‍රාය වූයේ නිවෙසේ ඉදිකිරීම් කටයුතු කෙසේ හෝ නිමකර ගැනීමයි.


නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා බැංකුවකින් ණය මුදලක් ද ලබාගත් ඔහු වැසිකිළිය ගැන  එතරම් උනන්දුවක් නොදැක්වූ අතර තාවකාලික වැසිකිළියක් භාවිතා කිරීම ගැන බිරියද බිරියගේ මවද ඔහුට කිහිප  අවස්ථාවකදීම මේ ගැන කීවත් ඔහු කියාසිටියේ නිවසේ ඉදිකිරීම් අවසන් කර වැසිකිළියේ වැඩ කරමුයි කියාය.


මේ අතරවාරයේදී නැන්දම්මා විසින් ඉතිරිකරගත් මුදලක් ඔහුට දී කියා සිටියේ මේ සල්ලිවලින් වැසිකිළියේ වැඩ කරගන්නා ලෙසය. නැන්දම්මා දුන් මුදල වැසිකිළිය සාදාගැනීමට ප්‍රමාණවත් මුදලක් වූ බැවින් ඔහුද වෙනත් කටයුතු සඳහා මෙම මුදල් භාවිතයට නොගෙන වැසිකිළියේ වැඩ කටයුතු ඉතා ඉක්මනින් නිම කළේය.


ඉන් අනතුරුව වැසිකිළියේ බිත්තිය මත ලොකු  අකුරෙන් ‘‘අත හිත නැන්දම්මාගෙන්’’ යැයි ලියූ අතර මෙය ක්‍රමයෙන් ගම පුරාද ඔහුගේ කාර්යාලය පුරාද පැතිර ගියේය.


මෙම සිද්ධියෙන් පසු කවුරුත් ඔහු ඇමතුවේ‘‘අත හිත බෑණා’’ කියාය.



අදහස් (0)

නැන්දම්මාගේ අතහිතෙන් බෑණාගේ හොඳහිත වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1485 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site