IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ඔට්ටුව පැරැදී තට්ටය ගාලා

ඡන්ද ඔට්ටුවෙන් පැරදී හිස බූගාගත් පුද්ගලයකු සිය පවුලේ අය ඉදිරියේ අසරණවී සිටින බවක් සහ තමන් කරන රස්සාව අහිමි කර ගැනීමේ තත්ත්වයට වැටීමේ පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා විණි.


සිද්ධිය මෙසේය. සිද්ධියට සම්බන්ධ දෙදෙනා එකම ගමේ පදිංචිකරුවෝය. එක් අයෙක් ජිනසෝම නමින් හැඳින්වෙන අතර අනෙකා ආරියදාස නමින් හැඳින්වේ. හැමදාම සවස් කාලයේ මේ දෙදෙනා ඇතුළු ගමේ බොහෝ අය චාර්ලිස් අයියගෙ තේ කඩේ ළඟට පැමිණ ද‌ාං ක්‍රීඩාවේ යෙදෙන අතර කතා කර කර කාලය ගත කරයි.


ඡන්දයක් පැමිණීමත් සමග ගැමියෝ ඒ පැත්තට නැඹුරු වී ඒ පිළිබඳව අදහස් දක්වමින් කතිකාවල යෙදී සිටියහ. ඡන්දයට නාම යෝජනා දීමත් අවසන් විය. දුන් නාමයෝජනා අනුව එක් එක් අය මුදල් ඔට්ටු ඇල්ලීමට පටන් ගත්හ. ඒ අතරින් ජිනසෝම සහ ආරියදාස ද හිස බූ ගෑමේ ඔට්ටුවක් ඇල්ලීය. ඒ එක් අයෙක් ප්‍රිය කරන පක්ෂය දිනුවොත් අනෙකා හිස බූ ගෑමය.


ජිනසෝම උගත් රජයේ රස්සාවක් කරන අයකු වන අතර ආරියදාස ගොවිතැන් බත් කරමින් තම පවුල ජීවත් කරවන්නෙකි. ජිනසෝම විවාහකයකු වුවත් තමන් ඇල්ලූ ඔට්ටුව ගෙදර අයට නොසඟවා සිටියේය. 


මම නම් මෙදාපාර කාටවත් ඡන්දය දෙන්නේ නෑ. හැබැයි උඹලගේ පක්ෂයේ නායකයා ඇතුළු ඉල්ලන අපේක්ෂකයෝ මෙදා පාර පැරදිලා නන්නත්තාර වෙනවා සිකුරුයි කියා ආරියදාස ජිනසෝම ඉදිරියේ කියා පෑවේය.


 හා බලමු උඹ කොහොම කිව්වත් අපේ පක්ෂය දිනනවා දිනනවාමයි කියා ජිනසේන පිළිතුරු දුන්නේය.


ජිනසෝම පැවති විරුද්ධ පක්ෂයට බැඳී සිටි පාක්ෂිකයෙකි. ආරියදාස ස්වාධීනව සිටින කෙනෙකි. කෙසේ වෙතත් ජිනසෝමගේ පක්ෂය දිනුවොත් ආරියදාස හිස බූ ගෑ යුතු බවත් ආරියදාසගේ අදහස අනුව වෙනත් පක්ෂයක් දිනුවොත් ජිනසෝම හිස බූ ගෑ යුතු බවත් දෙදෙනාම රැස්ව සිටි පිරිස ඉදිරියේ පොරොන්දු වූහ.


ඡන්දය පැවැත්විණි. ප්‍රතිඵල ද කෙමෙන් කෙමෙන් නිකුත් විණි. නිකුත් වූ ප්‍රතිඵල අනව ජිනසෝමගේ පක්ෂය පරාජය වීමේ ලකුණු පෙනී ගියේය. අවසන් ප්‍රතිඵලය නිකුත්වීමටත් පෙරාතුව ජිනසෝම කඩකාමරයේ බාබර් සාප්පුවට ගොස් සම්පූර්ණයෙන්ම හිස බූ ගා ගෙදරට පැමිණියේය. 


ගෙදර අය තුෂ්නිම්භූත වූහ. ඇයි මේ තට්ටේ ගෑවේ කියා බිරිඳ ඇසුවාය. ඡන්ද ඔට්ටුවෙන් මම පැරදුණා. ඒකයි හිස බූ ගෑවේ කියා ජිනසෝම කියා සිටියේය. එතැන් සිට ගෙදර අයගෙන් ජිනසෝමට බැණුම් එල්ල විය. මෙය කන වැකුණු ආරියදාස සහ කිහිප දෙනෙක් ජිනසෝමගේ ගෙදරට පැමිණ ඔට්ටුව විදිහට කළා උඹ හරි කියා පිටවී ගියහ. 

(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි) 



අදහස් (0)

ඔට්ටුව පැරැදී තට්ටය ගාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1485 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site