IMG-LOGO

සැමියා නැන්දම්මාගේ ඇඳේ නිදිකරගන්නවාට බිරිඳ පොලීසි ගිහින්

(ගල්ගමුව – නිහාල් ජයවීර)
සිය සැමියාට ඔහුගේ මව දක්වන ඇදහිය නොහැකි ආදරය නිසා මඟුල අතහැර ගිය තරුණ බිරිඳක පිළිබඳව තොරතුරු ගල්ගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් දැනගැනීමට ලැබිණි.


දැන ගැනීමට ලැබුණු පරිදි මේ පැමිණිලිකාර බිරිඳගේ වයස අවුරුදු විසි දෙකක් පමණ වේ. ඇගේ සැමියා විසි හතර වැනි වියේ පමණ පසුවෙයි. පැමිණිලිකාරියගේ නැන්දම්මා ද තාරුණ්‍යය ඉක්මවා නොගිය කාන්තාවකි. ඇගේ සැමියා ඇය හා එකම පුතා අත්හැර ගිය විට ඇය සිය කුඩා පුතු තම මවට බාරකොට විදෙස්ගත වූවාය.


කලක් විදෙස්ගතව සිටි ඇය යළි මව් රටට පැමිණ තම එකම පුතාට දුරබැහැර ප්‍රදේශයකින් තරුණියක විවාහකර දීමට කටයුතු කළාය.
විවාහක තරුණ යුවළක් ලෙස ඔවුන්ගේ ලෝකයේ නිදහසේ ජීවත් වීමට සිය නැන්දම්මා ඉඩ නොදෙන බවටත් තමන් දෙදෙනා කොතන සිටියත් නැන්දම්මා පැමිණ එබිකම් කරන බවටත් තරුණ බිරිඳ පොලිසියට පැමිණිලි කළාය. ඒ සියල්ල ඉවසා සිටි හැකි මුත් රාත්‍රියේ තමා හා සැමියා කාමරයේ නිදා සිටින විට නැන්දම්මා පැමිණ දොරට තට්ටුකර සැමියා ඇයගේ කාමරයට කැඳවාගෙන ගොස් ඇය ළඟ නිදිකර ගන්නවා ඉවසා සිටිය නොහැකි බවත් තරුණ බිරිඳ වැඩිදුරටත් පැමිණිලි කොට තිබේ.


මේ පැමිණිල්ල විභාග කොට කරුණු කාරණා සියලු දෙනාට අවබෝධ කරදී සමථයකට පත් කළ ද ඊට සතියකට පසු තරුණ බිරිඳ නැවත පොලිසියට පැමිණ පෙර පැමිණිල්ලම කළාය.


ඒ අනුව තිදෙනාම පොලීසියට ගෙන්වා කරුණු කාරණා විමසද්දී නැන්දම්මාගේ පෙර චර්යා වෙනස්ව නැති බව අනාවරණයවී තිබේ. මෙහිදී තරුණ සැමියා පවසා ඇත්තේ මවයි, බිරිඳයි දෙදෙනාම තමන්ට අවශ්‍ය බවය. ‘අම්මත් එක්ක නිදා ගන්නවා නම් ඔයා අම්මත් එක්ක ඉන්න. මං එක්ක ඉන්නවා නම් මං එක්ක ඉන්න’ යි තරුණ බිරිඳ කියා ඇත. ඊට සැමියාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඇය දීගය අතහැර සිය ගමට යන බව තරයේ ප්‍රකාශ කොට ඇත.


පැමිණිල්ල විභාග කළ සැරයන් අජිත් (48369) මහතා දෙදෙනා එක් කිරීමට කරුණු කාරණා කියා දුන්න ද ඉන් පලක් නොවූයෙන් ඒ බව පැමිණිලි විභාග පොතේ සටහන් කළේය. තරුණ බිරිඳ සිය ගමට යන බව පවසා පොලීසියෙන් පිටව ගියාය.

 



අදහස් (5)

සැමියා නැන්දම්මාගේ ඇඳේ නිදිකරගන්නවාට බිරිඳ පොලීසි ගිහින්

bongo13 Saturday, 15 August 2020 11:39 AM

පවුලක් වුණාම බෙදාහදාගෙන ජීවත් වෙන්න ඕනෙ නේද?

:       35       59

Sudath Saturday, 15 August 2020 03:43 PM

ඒ කෙල්ල වෙන මොනවා කරන්නද? කොල්ලගේ අම්මව මානසිකත්වය වෙනස් කිරීමට යොමුකළො නැතිනම් ඔය කොල්ලට ජීවිතය බොහෝම අමාරු වෙනවා.

:       240       355

JayMonday, 17 August 2020 09:47 AM

ඔව්, මේක ලංකාවේ බොහොමයක් පවුල්වල තියෙන මම දැකපු ප්‍රශ්නයක්. සමහරක් පවුල් අවුල් වෙන්න මූලික හේතුවක් තමයි නැන්දම්මාගෙ තියෙන අසීමිත බැදීම.

:       125       162

පූජා Monday, 17 August 2020 11:58 AM

තමන්ගේම පුංචි කැදැල්ලක ජීවිතයේ සුන්දරම කාලය, ගෙවන්න තියෙනවා නම් මොන තරම් වාසනාවන්ත යුවලක්ද? ඒත් ඒක හිතන තරම් පහසු වෙන්නෙ නැත්තේ, සමහර මනමාලයින්ට රැවුලයි, කැඳයි දෙකම ඕන වෙන නිසා.

:       36       6

nuwanWednesday, 19 August 2020 06:27 AM

කොන්දක් නැහැනේ... තමන්ගේ කියලා දෙයක් හදාගෙන යන්නකෝ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site