(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
තමාගේම මිතුරකුගේ භාර්යාවගේ පිට ස්පර්ශ කර මතක හිටින කනේ පහරවල් කිහිපයක් කෑ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු ගැන අපූරු පුවතක් දකුණේ කිරිල්ලියකගේ පණට සමාන අරුත් දෙන ප්‍රදේශයකින් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
අවිවාහකයකු වූ එම පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මනමාලයෙකි. ඔහු කාන්තාවන් බසයෙන් බස්සන්නේ පිටට අත තබා ස්පර්ශ කරමිනි. එය ඔහුගේ විනෝදාංශයකි. ඇතැම් තරුණියන්ගේ පිට මිරිකීමට ද ඔහු ප්‍රිය කළේය. පිළිකුලෙන් වුවද එම කාන්තාවන් බසයෙන් බැස යන්නේ කළ හැකි වෙනත් දෙයක් නොමැති බැවිනි.
මෙම කොන්දොස්තරවරයා බස් රථයේ මගීන් තදබද වූ දිනක රූමත් කාන්තාවකගේ පිට මිරිකමින් බසයෙන් බැස්ස වූයේ සුපුරුදු වින්දනය ද ලබමිනි. කාන්තාව ද ඔහු දෙස රවා බලමින් බසයෙන් බැස ගියාය. ඇය නිවෙසට ගොඩ වැදුණේ ඇස් රතු කර ගනිමිනි.
පසුව සැමියා ඒ ගැන තොරතුරු විමසූ විට ඇය සියල්ල පැවසූවාය. බස් කොන්දොස්තරවරුන් හොඳින් හඳුනන ඇගේ සැමියා වහාම බස් නැවතුම්පොළේ හිතවතකුට ඇමතුමක් ගෙන එම වේලාවට පැමිණි බස්රථය පිළිබඳ තොරතුරු දැනගත්තේය. එමෙන්ම සිදු වූ සිද්ධියද පවසා ආපසු එන විට අල්ලා ගෙන පාඩමක් උගන්වන බවද පැවසීය.
බස් නැවතුමේ සිටි මිතුරන්ගෙන් මේ තත්ත්වය දැනගත් මෙම කොන්දොස්තරවරයා මහත් සේ බියට පත්ව කාන්තාව නැගි ප්‍රදේශයේ ගණන්කාරයකු වූ තම මිතුරකුට ඇමතුමක් ගෙන සියලු විස්තර කීවේ මෙම සිද්ධිය සමථයකට පත්කර දෙන ලෙස බැගෑපත් වෙමිනි.
සියලු තොරතුරු විමසූ මිතුරා හරියටම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කව්දැයි දැන ඒ තමාගේ බිරිය බව නොපවසා ‘හරි මම බලාගන්නම්. බය නැතුව වරෙන්’ යැයි පැවසූ බැවින් ඔහු සැනසුම් සුසුමක් හෙළීය.
ඔහු පැමිණීමට නියමිත වේලාව ද දැනුම් දුන්නේ සහනයක් බලාපොරොත්තුවෙනි. නියමිත වේලාවට මිතුරා නිවෙස අසල පාර අයිනට වී සිටි බැවින් සැනසුම් සුසුමක් ද හෙලීය.
තම මිතුරා කොන්දොස්තරවරයා බස්සවා අතින් අල්ලාගෙන අසල වූ තම නිවෙසට කැඳවාගෙන ගොස් බිරියට කතා කොට පිට මිරිකුවේ මූ දැයි විමසීය. ඇය ගත් කටටම ඔහු බව තහවුරු කළේය.
එකෙනෙහිම ජීවිතයට අමතක නොවන කනේ පහරවල් කිහිපයකින් සංග්‍රහ කළ මිතුරා ‘මීට පස්සෙ මේ වගේ තිරිසන් ජරා වැඩ කරන්න එපා කසාදයක් බැඳගනිං’ යනුවෙන් අවවාදයක්ද කළේය. පසුව මිතුරාගේ බිරිඳගෙන් සමාව ගෙන බස්රථයට පැමිණියේ මින්පසු කිසිදා එවැනි දේ නොකරන බවට තරයේ සිතට ගනිමිනි.
සිද්ධිය කන වැකුණු මිතුරන් මේ ගැන විමසන විට හොඳ දෙකක් කියා මාරු වී යන්නේ ලැජ්ජාවෙන් ලු.
2025 ඔක්තෝබර් මස 08
1841
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1485
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
හරිම කෙනා සෙට්වෙලා - කනෙන් දුම් විසිවෙලා
රිතික් Wednesday, 02 September 2020 06:28 AM
මටත් ඔයිට සමාන සිද්ධියක් වුණා... ගුටි කෑවේ නම් නෑ.. ඒත් වස ලැජ්ජාව..
sumithWednesday, 02 September 2020 08:02 PM
මම නම් වහ කාලා මැරෙනවා.