IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දකින දකින මල් කඩන ‘ප්‍රේම කුරුල්ලා’ට වැඩ වරදී

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තම හොර බිරියට හසුවනවාට බියෙන් ජංගම දුරකතනය වතුර වීදුරුවකට දමා ෆෝන් හදන මිතුරාට අපූරු ලියුමක් එවූ පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


ඔහු විවාහක සිව්දරු පියෙකි. එහෙත් තවම තරුණියන් පසුපස ගොස් ප්‍රේම සබඳතා ඇතිකර ගනී. මුහුණු පොතේ මෙන්ම ඔහු යන එන ගමන් බිමන්වලදී කෙසේ හෝ තරුණියන් යාළුකර ගනී. ඔහුගේ මෙම ක්‍රියාව නිසාම ඔහුට "ප්‍රේම කුරුල්ලා" යන අන්වර්ථ නාමයක් පට බැඳී තිබේ. 


මේ සියල්ල ඔහු සිය බිරියට හොරෙන් සිදු කරන අතර ඇයද ඔහු අවිශ්වාස නොකරන්නේ ඔහු ඇයට ඇති දැඩි ආදරය නිසාය. 


එහෙත් ඇයගේ මිතුරියන් ඇයට ඔහුගේ මෙම ක්‍රියාකලාපය දිගින් දිගටම පැවසූ හෙයින් දිනක් ඇය ඔහුගේ ජංගම දුරකතනය ඉල්ලා ඇත. එහිදී ඔහු දුරකතනය ලබාදෙන අතරවාරයේ ළඟ තිබූ වතුර වීදුරුවකට දුරකතනය දමා ඇත්තේ හිතා මතාමය. ඔහුගේ මෙම කපටි ක්‍රියාව දුටු ඇය "දෙන්න මම ෆෝන් එක හදන් එන්නම්" යැයි පවසා ඇත. ෆෝන්  එක හැදුවොත් සියල්ල එළිවන බව තේරුම් ගත් ඔහු ෆෝන් හදන සිය මිතුරාට" මචන් ෆෝන් එක හදන්න බෑ කියපන්. උඹට රුපියල් 1000 ක් එවලා ඇති ඒක තියා ගනින්. ෆෝන් එක හැදුවොත් මම ඉවරයි" යනුවෙන් ලියුමක් ලියා එය දුරකතනයේ කවරයේ සඟවා බිරිය අත ජංගම දුරකතනය යවා ඇත. 
ලියුමක් ෆෝන් කවරයේ තිබෙනු දුටු බිරිය එය කියවා"  මචන් ෆෝන් එක හොඳට හදලා එවපන් රුපියල් 1000 ක් වැඩිපුර ඇති යැයි යනුවෙන් ලියාගෙන ගොස් ඉක්මනින් දුරකතනය හදාගෙන තිබේ 


සියල්ල හෙළිවූ බිරිය ඔහු සමග රණ්ඩුවී දරුවන් සමග සිය අම්මලාගේ ගෙදර ගොස් ඇති අතර සිය දුරකතන හදන මිතුරා හමුවීමට ගොස් දොස් පවරද්දි " ඇයි මචන් හොඳට ෆෝන්එක හදන්න කියලා ලියුමක් එක්ක මට වැඩිපුර දහකුත් එවලා තිබුණේ" යැයි මිතුරා කියද්දී සිය බිරියට තමන් ලියූ ලියුම අසුවී ඇති බව ඔහුට තේරුම්ගොස් ඇත.



අදහස් (0)

දකින දකින මල් කඩන ‘ප්‍රේම කුරුල්ලා’ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site