(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කලබලය නිසා මගියාගේ රෙදි බෑගය පමණක් රැගෙන කුලී ගමනක් ගිය ත්‍රිරෝද රථ රියදුරකු පිළිබඳව පසුගියදා ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන දුම්රිය පොළක් ආසන්නයෙන් වාර්තා විය.

හොඳින් හැඳ පැළඳගත් මගියෙකු විශාල බෑගයක්ද සමග නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පළට ආවේ දුම්රියෙන් බැසය. රියැදුරා සමීපයට ගිය ඔහු දුම්රිය පළේ සිට කිලෝමීටර් තුන හතරක දුරින් වූ ගමකට යාමට ගණන කීයද ඇසීය. ගණන් හිලව් කතා කරගත් මගියා සිය බෑගය ත්‍රිරෝද රථයට පැට වීය. මගියා නගින්නටත් පෙර රියැදුරා රිය පණ ගන්වාගෙන පිම්මේ ගියේ නයිවල දෙසටය.
ටික දුරක් යද්දී මගියාගේ හැළ හොල්මනක් නැති නිසා රියැදුරා පිටුපස බැලීය. පුදුමයකි. මගියා නැත. බෑගය පමණක් ඇත. තමන්ගේ කලබලේ නිසා මගියාට ගොඩවීමට බැරිවන්නට ඇති බව තේරුම් ගත් ඔහු වහාම නගරයට ආවේ මගියා සොයන්නටය.
ඒ එද්දී නැවතුම්පොළේ ගිනි විජ්ජුම්බරයකි. තමන්ගේ වටිනා දේපළ රැගෙන ත්‍රිරෝද රථය පලාගිය බවට මගියා පොලිසියාමට සැරසී සිටියේය. අසල්වාසීන් ඔහු අස්වසද්දී ත්‍රිරෝද රියැදුරා රිය නවතා බැස මගියා අභිමුඛයේ වැඳ වැටී සමාව ඉල්ලා යළි ගමනට කැඳවාගෙන ගියේ තමන්ගේ කලබලේ නිසා සිදුවූ පාඩුව සිතින් දරාගෙනය.
නියමිත තැනට ගිය රියැදුරු මගියාගෙන් යළිත් සමාව ඉල්ලා සිටියේය. ඒ සියල්ලට සාවදානව ඇහුම්කන් දුන් මගියා පොරොන්දු වූ මුදලටත් වැඩියෙන් ඔහු අතමිටමොලවා ස්තුතියි කියා නිසොල්මනේම බැස ගියේය.
2025 ඔක්තෝබර් මස 08
1841
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1485
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
රියැදුරාගේ තදියමට බස්පොළක් ඇවිළිලා