(තිහගොඩ උපසේන ලියනගම)
අත්තමාගේ අනවශ්‍ය ඇඟිලි ගැසීමක් නිසා දැඩි කෝපයට පත් මිණිබිරියක පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දෙහිවල පැත්තේ නිවෙසකිනි.

මෙම නිවෙසේ මවුපිය දෙදෙනාම සේවයට ගිය පසු නිවෙසේ රැඳී සිටියේ වියපත් අත්තම්මාත් යොවුන් වියේ දුවක් සහ බාල සහෝදරයෙකි.
සාමාන්‍යයෙන් උපකාරක පන්ති යන යොවුන් වියේ දුව කොරෝනා අර්බුදය නිසා නිවෙසේ නැවතී සිටි අතර ඇය උදේ පාන්දර සිටම නිවෙසේ ගේට්ටුව අසල ‘‘තරුණයකු’’ සමඟ විහිළු තහළු කරමින් සිටිනු දුටු බාල සහෝදරයා ආත්තම්මාට එය පෙන්වූයේ තරමක කෝපයකිනි.
මෙය දුටු ආත්තම්මාට යකා වැහිණ. ‘අම්මා තාත්තා ගෙදර නැති වෙලාවෙ කොල්ලෙක් එක්ක ඔහොම විහිළු කර කර ගේ ඉස්සරහ ඉන්න එක හරි කැතයි.’ හෙමින් කියූ ඇය මිනිබිරියට ඇහෙන්නට කීප වරක් කීවත් එය නොඇසූ නිසා ඇය තරුණයාට කෝපයෙන් බැනවැදී ආපසු ආවාය.
ඔහු යන්නට ගිය අතර මිණිබිරිය ගෙට ආවේ බලවත් ලජ්ජාවෙනි ‘‘මොකක්ද ආත්තම්මා කියපු ඒ හරුපෙ. ඒකි මගේ යාලු කෙල්ලෙක්.
කොල්ලෙක් නෙමෙයි’’ ඇය කීවෙන් අත්තම්මා ‘‘හත් දෙයියනේ කොණ්ඩෙ කපලා, කැප් තොප්පියක් දාලා, කලිසම ඇඳගෙන පිරිමියෙක් වගේ නෙව හිටියේ’’ කීවේ කම්මුලේ අත තබාගෙන ලු.
2025 ඔක්තෝබර් මස 08
1841
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1485
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැප් තෝප්පියෙන් අත්තම්මාට ගැහැණු පිරිමි මාරුවෙලා