IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්ලාස්ටික් රොටිය මගුලක් කඩලා

ප්ලාස්ටික් රොටියක් නිසා යෝජිත විවාහයක් කඩා කප්පල් වීමේ සිදුවීමක් පසුගියදා  අසන්නට ලැබුණේ මාතර දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශයකිනි.


සිද්ධිය මෙසේය.


ඔහු ගමේ පදිංචි තරුණයකු වන අතර සේවය කළේ අගනුවර විදුලි කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයකය.


පසුගියදා  ඔහු විවාහයට යෝජිත මනාලියකගේ මව, පියා ඥාති සහෝදරියක හා කපු මහතකු නිවසට ආවේ ‘ගෙවල් දොරවල්ද’ බැලීම සඳහාය.


පැමිණි අය නිවස පිළිබඳව දැඩි සතුටට පත්වූ අතර තේ පානයෙන් අනතුරුව යෝජිත මනාලියගේ මව කුස්සිය පැත්තට ගියේ තරුණයාගේ මව සමඟ පිළිසඳරක යෙදෙමිනි.


 කුස්සියේ එල්ලා තිබූ ‘‘ ප්ලාස්ටික්’’ රොටියක් වැනි දෙයක් දුටු යෝජිත මනාලියගේ මව ඒ කුමක්දැයි ඇසුවාය. සිනාසුනු තරුණයාගේ මව ඔය පුතාගේ වැඩක්’’ සිනා සෙමින් කීවාය.‘‘ පුතා මට වතුර හීටරයක් ගෙනත් දුන්නා. දවසක් ඒකේ වතුර උණු කරන්න දාලා මම වත්ත පහළට ගියා. එනකොට වතුර උණුවෙලා ඉවර වෙලා ප්ලාස්ටික් ජෝගුව උණුවෙලා රොටිය වගේ වෙලා’’


‘‘අම්මට මේක කවදාවත් අමතක නොවෙන්න මෙතනම එල්ලනවා කියලා එල්ලුවා. එයා කුකුල් කේන්ති කාරයා’’ දෙදෙනාම සිනා සුනත් ගෙදර ගොස් තම දියණියට මේ ගැන  කී විට දුව ‘‘ඔය කුකුල් කේන්ති  කාරයො මට එපා. එයාට හොඳ කිකිළියක් අල්ල ගන්න’’  ඇය කීවෙන් මවට දෙවියන් සිහිවුනාලු.
(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (0)

ප්ලාස්ටික් රොටිය මගුලක් කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site