මගුල් ගෙදරක යාමට ගෙනා සාරිය සැමියා සෝදන්නට ගොස් සිදු වූ අකරතැබ්බයක් නිසා බිරිඳට මංගල උත්සවයට සහභාගිවීමට නොහැකිවීමේ පුවතක් මහව නගරය අවටින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඇය රාජ්‍ය ආයතනයක සේවිකාවකි. තම පවුලේ ඥාති දියණියකගේ මංගල උත්සවය සඳහා ඇය වටිනා ඉස්තරම් වර්ගයේ සාරියක් මිල දී ගෙනාවාය. එය මසා හැඩකර පැත්තකින් තැබුවේ උත්සවයට ඇඳගෙන යාමටය.
ඇය සේවයට ගිය අතරවාරයේ ගෙදරට පැමිණි කණ්ඩායමක් මත් වතුර සාජ්ජයකට එක්ව සතුටු වෙන අතරවාරයේ පැමිණි හිතවතකු වෙරිමර ගාතේ ඇඳේ නිදා ගැනීමෙන් අනතුරුව වමනය දමා ඇත්තේ ඇය සකසා තිබූ සාරිය මතටය.
වහ වහා ඇය එන්නට මත්තෙන් සැමියා හා හිතවතුන් එක්ව සාරිය සෝදා මිරිකා අව්වේ වනා තිබුණේ වේලා ගැනීමටය.
ඒ අතරතුර ඇය සේවය නිමවී නිවසට පැමිණියාය. සාරිය වනා තිබෙන අයුරු දැක ඒ ගැන කරුණු විමසුවාය.
කුරුල්ලෙක් සාරියේ පහරලා. මම පස්සේ සාරිය සේදුවා. සැමියා පිළිතුරු දුන්නේය. ඒ සමගම ඇය විලාප දිදී හඬා වැළපුනාය.
ඒ ශබ්දය ඇසී අසල්වැසියෝ ද පැමිණියහ.
“අනේ මේ බලන්න සාරිය සෝදලා ඒක මිරිකලා. ඒකේ මල් ඔක්කොම හේදිලා ගිහිල්ලා. මේක මගුල් ගෙදරක තියා පාරක නිකම්වත් අඳින්න පුළුවන් ද” යනුවෙන් ඇය තොරතෝංචියක් නැතිව කියවන්නට වූවාය.
පසු දින මගුල් උත්සවය නිසා සාරියක් මිලදී ගත්තත් එය මසා ගැනීමට තැනක් නැත.
එය වටහාගත් ඇය යන කෙනෙක් මගුලේ යන්න කියා සාරිය තව තවත් ගුලිකර ගෙයි මුල්ලකට විසිකර දැමුවාය.
පවුලේ සියල්ලෝ මංගල ගමනට පසුදින සහභාගි වී ඇතත් ඇයට අත් වූ ඉරණම වටහා ගත් සැමියා ද පසුදින මංගල ගමන වර්ජනය කළේය.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
2025 ඔක්තෝබර් මස 08
1841
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1485
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියාගේ යාළුවා බිරිඳගේ සාරිය උඩ හෝටලයක් දාලා