IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී

(ඩි.ජී.සුගතපාල)


රත්ගම පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිමට පැමිණි බව කියන මෝටර් රථයද මාතර ප්‍රදේශයේ තිබියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (27) සවස සොගෙන තිබේ.
 
 
මෙම සුදුපාට ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය මාතර  මාකාවිට මාලගොඩ ප්‍රදේශයේ  ව්‍යාපාරිකයෙකු ළඟ තිබියදි අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස ගාල්ලට ගෙන එන ලදි.
 
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මෝටර් රථය හිමිකරුගේ මිතුරෙක් වන  මාතර පිහිටි විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරියෙකු ගමනක් යෑමට බව පවසා ජනවාරි 22දින මෝටර් රථය ඉල්ලාගෙන පැමිණ ඇති බවය.
 
 එසේ ඉල්ලාගෙන 23වනදිනඋදේ පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිම සඳහා රත්ගමට පැමිණ ආපසු එදිනම දහවල් මෝටර් රථය අයිතිකරුට ගෙනගොස් බාරදි ඇති බවත් අනාවරණයවි තිබේ.
 
 එම පුද්ගලයින් දෙදෙනා නිවෙස්වල සිට පැහැර ගෙනඑන ලද බව කියන කේ.ඩී. එච්.වෑන් රථයද ඔවුන් ඝාතනය කිරිම සඳහා අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසට ගෙන ගොස් ඝාතනය කොට මළ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයට ගෙන යාමට යොදාගත් කැබ් රථයද මෙයට පෙර අක්මිමණ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ලඟ තිබියදි  අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (5)

රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී

de silva berlin Wednesday, 27 February 2019 03:35 PM

මේ මෝටර් රථ හිමියන් පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුය. මේ විදිහට පොලිස් නිලධාරීන්ට ඉල්ලන ඉල්ලන වෙලාවට වාහන දෙන එක අල්ලස් ගණයට වැටෙන වරදක්. සමහර විට මොවුනුත් විවිධ ජාවාරම් වල නිරත වෙනවා වෙන්නට පුළුවන් ඒවා වහගන්න අල්ලසක් විදිහට වාහන පාවිච්චියට දෙනවා වෙන්න පුළුවන්.

:       0       185

Mahee Wednesday, 27 February 2019 04:52 PM

ඩි සිල්වා ලංකාවේ නැති හින්ද දන්නේ නැතුව ඇති එහෙම කාර් ඉල්ලගෙන යන එක බොහොමයක් පොලිස් ලොක්කන්ගේ සිරිතක් බව. කාර් විතරක් නෙමෙයි මස් මාළු ආදියත් එහෙමයි. අර අනුරාධපුරේ ගහක් උඩ නැගල උපවාස කරන දෙන්නගේ කතාව දකින්න ඇති නේද? ඉල්ලනකොට නොදුන්නොත් මොකකට හරි පටලවනවා.

:       0       158

රාජුන් Wednesday, 27 February 2019 07:17 PM

මෙය කොන්ත්‍රාත්තුවක් මත කරණ ලද ඝාතනයක් කියලයි මට හිතෙන්නෙ. මේ ව්‍යාපාරිකයන් ගැන හොඳින් සොයා බලන්න අවශ්‍යයි.

:       54       38

sarath perth Thursday, 28 February 2019 02:53 AM

පොලිසියෙන් හදිසි වැටලීම් වලට මෝටර් රථ ඉල්ලගෙන යන්නේ ලඟකදී ඉඳල නොව මා දන්නා තරමින් දැනට දශක හයකට පෙර සිටයි.

:       1       117

tikiri Thursday, 28 February 2019 07:36 AM

දැන් සුදු වෑන් කෙසේවෙතත් කළු වෑන් නම් දැක්කා , තව තියෙන්නේ ලම්බෝගිනී , රත්තරන් අශ්වයෝ , හෙලිකොප්ටර් , හංගපු රත්තරන් , මිනී මෝරු , බැංකු ගිණුම් වගේ ඔය පොඩි පොඩි දේවල් තමයි .

:       0       91

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1356 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site