IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සිවිල් ආරක්ෂක භටයාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)


ආණමඩුව මහ උස්වැව මැරුංගොඩ හත් වන ගම්මානයේ වාරි ඇළක තිබු සිවිල් ආරක්ෂක නියාමකයකුගේ මළ සිරුරක් අද  ( 30 ) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 


 මෙසේ සොයා ගත් සිරුර ආණමඩුව මහ උස්වැව ලබුගල ප්‍රදේශයේ පදිංචි නිමල් ප්‍රේමතිලක (48 ) හැවිරිදි දෙදරු පියකු බවත් මොහු පුත්තලම මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබමින් සිටි අයකු බවද කියයි.


සිවිල් ආරක්ෂකයා  ඊයේ (29 ) සවස ඔහුගේ ලබුගල නිවසේ සිට කිලෝ මිටර් පහක් දුරින් පිහිටි හත්වන ගම්මානයට නුදුරින් ඇති කුඹුරේ ගොයම් සදහා ජලය හැරවිමට යන බව පවසා පැමිණ ඇති බව මුලික විමර්ශන වලදි තහවුරු වි තිබේ . 


 එසේ පැමිණි සිවිල් ආරක්ෂකයා කුඹුරට පැමිණි බවට කිසිදු සාක්කියක් අනාවරණය කර ගැනිමට පොලිසියට හැකිවි නැති බව ද කියයි. 


 කෙසේ නමුත් අදාල තැනැත්තාගේ ගේ සිරුර හත් වන ගම්මානයේ වාරි තිබි සොයා ගෙන තිබු අතර ඔහු ගමන් කළ යතුරු පැදිය සිරුර හමුවු ස්ථානයට නුදුරින් පිහිටි හත් වන ගම්මානයේ පලමු පාලම ට අඩි කිපයක දුරින් පහලට වැටි තිබු බවද පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරින් පවසයි. 

 



අදහස් (0)

සිවිල් ආරක්ෂක භටයාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 254 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 440 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site