ගම්පහ,කැලණිය, සහ මීගමුව පොලිස් කොට්ඨාසයන්හි කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 138 දෙනකු අතුළු විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
වරෙන්තුකරුවන් අතර පුද්ගලයින් 95 ක් පොලීසිය සහ අධිකරණය මගහරිමින් සිටි පිරිසක් වන අතර, 43 දෙනකු දින වරෙන්තුකරුවන් වේ.
එමෙන්ම සැකකටයුතු පුද්ගලයින් 19 දෙනකු සහ හෙරොයින් , ගංජා , නීතී විරෝධි මත්පැන් අලෙවිය ආදී වැරදි සම්බන්ධව පුද්ගලයින් 141 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මෙහෙවීමෙන් ගම්පහ, කැලණිය, සහ මීගමුව යන පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදු කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් එම ප්‍රදේශයන්හි අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 ක් අත්අඩංගුවට