(රොමේෂ් මධුෂංඛ)
යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කළේ යැයි සැක පිට බිරිඳ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
පුම්බුහාර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තුරෙයිරාජා සෙල්වකුමාර් නැමත්තා මෙලෙස ඝාතනය වී ඇති අතර ඔහු සහ ඔහුගේ බිරිඳ අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් මුලුතැන්ගෙයි තිබූ හිරමනයකින් කළ පහරදීමකින් සැමියා මෙලෙස මිය ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.
සිද්ධිය වූ ස්ථානයට යාපනය මහෙස්ත්‍රාත් ඒ.පීටර්පෝල් මහතා ගොස් මහෙස්ත්‍රාත් පරික්ෂණය කළ අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන ලෙසට පොලීසියට නියෝග කර සිටියේය.
ඝාතනය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව සමග සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන ඇය ළගින් ඇසුරු කළ බව කියන තවත් පුද්ගලයකුද සැකපිට අත්අඩංගුවට ගත් බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හිරමන පහරින් සැමියා එලොව යැවූ බිරිය අල්ලයි
පැරකුම් Monday, 20 September 2021 12:19 PM
අනියම් පුරුෂයා මෙයට වගකිව යුතුයි.
fairoos Monday, 20 September 2021 12:41 PM
දවසට එක මිනී මැරුමක්
raheem Monday, 20 September 2021 06:16 PM
අම්මෝ, හිරමණයක් මිනී මරයි.