( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව මහ උස්වැව මැරුංගොඩ හත් වන ගම්මානයේ වාරි ඇළක තිබු සිවිල් ආරක්ෂක නියාමකයකුගේ මළ සිරුරක් අද ( 30 ) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ සොයා ගත් සිරුර ආණමඩුව මහ උස්වැව ලබුගල ප්‍රදේශයේ පදිංචි නිමල් ප්‍රේමතිලක (48 ) හැවිරිදි දෙදරු පියකු බවත් මොහු පුත්තලම මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබමින් සිටි අයකු බවද කියයි.
සිවිල් ආරක්ෂකයා ඊයේ (29 ) සවස ඔහුගේ ලබුගල නිවසේ සිට කිලෝ මිටර් පහක් දුරින් පිහිටි හත්වන ගම්මානයට නුදුරින් ඇති කුඹුරේ ගොයම් සදහා ජලය හැරවිමට යන බව පවසා පැමිණ ඇති බව මුලික විමර්ශන වලදි තහවුරු වි තිබේ .
එසේ පැමිණි සිවිල් ආරක්ෂකයා කුඹුරට පැමිණි බවට කිසිදු සාක්කියක් අනාවරණය කර ගැනිමට පොලිසියට හැකිවි නැති බව ද කියයි.
කෙසේ නමුත් අදාල තැනැත්තාගේ ගේ සිරුර හත් වන ගම්මානයේ වාරි තිබි සොයා ගෙන තිබු අතර ඔහු ගමන් කළ යතුරු පැදිය සිරුර හමුවු ස්ථානයට නුදුරින් පිහිටි හත් වන ගම්මානයේ පලමු පාලම ට අඩි කිපයක දුරින් පහලට වැටි තිබු බවද පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරින් පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිවිල් ආරක්ෂක භටයාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි