IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කොරෝනා නිසා රෝහල් ගත වන්නට සිදු වුණොත් ගෙන යා යුතු දේ

ඔබ කුමන වයසක පසු වුවත් රෝහල්ගත වන විට සාමාන්‍යයෙන් රැගෙන යන බඩු ප්‍රමාණයට වඩා සීමිත ප්‍රමාණයක් එහි රැගෙන යා යුතු වන්නේ කෝවිඩ් වැනි බෝවන රෝග සමසමයකදී රෝගීන් බහුලව රෝහල්වල සිටින හෙයිනි .

ඔබ භාවිතා කරන බොහෝ භාණ්ඩ සුවය ලබා ආපසු යන විට නිවෙස වෙත රැගෙන යා නො හැකි වෙන හෙයින් ඔබ භාවිතා කළ කෝප්ප, පිඟන් , හැඳි වැනි බොහෝ දේ රෝහලේ දීම විෂ බීජ නැසීම සඳහා විනාශයට පත් කිරීමට සිදුවෙයි.

ගෙන යා යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ

*සරල ,කපු ඇඳුම් කට්ටලතුනක්

(කාන්තාවක් නම් පහසු ගවුම් හෝ සාය හැට්ට හෝ ටී කමිස ජෝඩු තුනක්.අවශ්‍ය යට ඇඳුම් තුන බැගින්)

*සනීපාරක්ෂක තුවා.අවශ්‍යතාවය අනුව.

*පිරිමියකු නම් කමිස ,සහ සරොම් තුනක්.

*කුඩා තුවා දෙකක්

*ඇඳ ඇතිරිල්ලක් සහ කොට්ටයක් .

*දත් බෙහෙත්,දත් බුරුසුවක්.

*සබන් කෑල්ලක්

*කුඩා ප්ලාස්ටික් බේසමක්.

*රබර් සෙරෙප්පු ජෝඩුවක්.

*ප්ලාස්ටික් කෝප්පයක් සහ පිඟානක්.

*ප්ලාස්ටික් හැන්දක්.

*කුඩා උණුවතුර බෝතලයක්.

*අවශ්‍ය වෙලාවක තේ එකක් සදා ගැනීමට තේ කුඩු ,සීනි හෝ පිටි ස්වල්පයක් .

*දීර්ඝකාලීන රෝගවලට බෙහෙත් ගන්නා රෝගීන් තමා දිනපතා ගන්නා බෙහෙත් ගෙන ඒම වඩා සුදුසු වන්නේ තමන් බොන බෙහෙත් වර්ගයම ඒ රෝහල් නැති වෙන්නට ඉඩ ඇති හෙයිනි.

*ගර්භනී මවක් නම්,ඉහත කී දේට අමතරව ගැබිනි මවකට සුදුසු ඇඳුම් කට්ටල තුනක් .

*ඔබ ප්‍රසවය සදහා ආසන්න කාලයක පසු වේ නම් ළදරුවා සඳහා අවශ්‍ය බඩු රැගෙන යා යුතුය.

*විශේෂයෙන් ම ඔබේ ගර්භයට සති තිස් පහක් හෝ ඊට වැඩි නම් මාතෲ සායනයෙන් ඔබ වෙත ලබා දුන් ලැයිස්තුවේ මව සහ ළදරුවා සඳහා ගෙන යා යුතු බඩු රැගෙන යා යුතුය.

මෙම භාණ්ඩ අතරින් උණු වතුර බෝතලය වැනි වටිනා දෙයක් හැර සෙසු භාණ්ඩ නැවත නිවසට රැගෙන නොයා යුතුය.ඒවා විෂ් බීජ සහිත වන හෙයින් විනාශ කිරීම සඳහා රෝහලේ කසළ බඳුනට දමා එන්නට ඔබට සිදු වේ.

*බෝ නොවන රෝගීන් තමාට අයත් සායන පොත් රැගෙන යාමද වැදගත් වේ.

ඔබ විසින් රෝහලට රැගෙන නොයා යුතු දේ:

*වටිනා රන් භාණ්ඩ.

*මුදල්

*වෙනත් වටිනා ලියකියවිලි .

ඔබට අවශ්‍ය පමණ ආහාර,පලතුරු හෝ බිස්කට් වැනි ආහාර රෝහලෙන් ලබා දේ.එහෙත් ඇතැම් රෝගීනට අත්‍යවශ්‍ය යමක් වේ නම් ඒවා නිවෙසට දන්වා ගෙන්වා ගත හැකිය.ඔබේ ජංගම දුරකතන ගෙන එන්න්නේ නම් එමගින් නිවැසියන් දැනුවත් කළ හැකිය.

එලෙස රැගෙන එන භාණ්ඩ ඇසුරුමෙහි ඔබේ නම වාට්ටු අංකය සහ ඇඳේ අංකය සටහන් කර ඒවා රෝහලේ මුර කුටිය වෙත ලබා දුන් පසු අදාල පුද්ගලයාට ලැබෙන්නට සලස්වනු ඇත. එහෙත් මෙය රෝහල් කාර්යය මණ්ඩලයට කරදරයක් වන ලෙස නොකිරීමට වග බලා ගන්න. මෙවැනි අතිශය අසීරු සමයක ඔබට අවශ්‍ය දේ ගෙනැවිත් දීමට වඩා වෙනත් රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම රෝහල් කාර්යය මණ්ඩලයට සිදුවන අවස්ථා තිබිය හැකියි. සති දෙකක් හෝ තුනක් පමන කාලයක් රෝහල් ගතව සිටීමට විය හැකි බැවින් නිතර සෝදා වේලා ගෙන අඳින්නට හැකි සැහැල්ලු ඇඳුම් රැගෙන ඒම වඩාත් සුදුසු ය. ඒවා පෙර පාවිච්චියට ගත් වැඩි වටිනාකම් නොමැති ඇඳුම් නම් අවශ්‍ය වුවහොත් විෂබීජ පැතිරීම වැළැක්වීමට රෝහලේ දීම ඒවා විනාශ කිරීමට හැකිය.

උපදෙස් :සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරීනී ඒ.එච්.හර්ෂනී කුමාරි.

කෝවිඩ් බහුවිධ ප්‍රතිකාර ඒකකය,

මූලික රෝහල,හෝමාගම

 



අදහස් (4)

කොරෝනා නිසා රෝහල් ගත වන්නට සිදු වුණොත් ගෙන යා යුතු දේ

vikum Monday, 17 May 2021 01:38 AM

ලැජ්ජයි රෝගියෙකුට මෙම අත්‍යාවශ්‍ය අංග රෝහලකට සපයන්න බැරිනම්.

:       8       5

chandima Sunday, 23 May 2021 12:06 AM

මේ මහත්තයා හිතන්නේ අපිත් දොස්තරලා කියලද? හෝද හෝද පාවිච්චි කරන තුවායයි, සරමයි, බැනියමයි ඇරුණාම පැදුරක් නම් තියෙනවා. එව්වා තියෙන කට්ටියව රෝහලට ගන්නේ නැතිව ඇති මගේ හිතේ...

:       6       4

Sugath H Saturday, 05 June 2021 02:05 PM

සෞඛ්‍ය පහසුකම් දෙනවා මදිවට ඇඳුම්, පැළඳුම් දෙන රටක් කොහේහරි තියෙනවද දන්නේ නැහැ.. මහත්තයා.

:       5       15

LalSunday, 13 June 2021 01:42 PM

ඔය දූපතෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. මේ ඉන්න රටේ රෝගියෙකුට රෝහලෙන් හැම දෙයක්ම දෙනවා. ඇඳුම් පවා.. ඒවා අඳින්න අකැමැති නම් විතරක් ගෙදරින් ගේන්නැහැකියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site