IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විස්සේ තිහේ තරුණයෝ හෘදයාබාධ අනතුරක

තරුණ වැඩිහිටියන් අතරේ හෘදයාබාධ ඉහළ යෑම, සම්බන්ධයෙන් හෘදරෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කනස්සල්ල පළ කරයි. 

වසර 25කට වැඩි කාලයක් තිස්සේ තමන් හෘදරෝග වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දකුණු ආසියානු රටවල, අවුරුදු 40 ට අඩු පුද්ගලයන් අතරේ හෘදයාබාධ ඉහළ යෑම කනස්සල්ලට හේතුවක් බවත් වෛද්‍යවරයා ‘ඩේලි මිරර්’ පුවත්පත සමග අදහස් දක්වමින් පවසා ඇත.

‘අවුරුදු 25 ට වැඩි සහ 30 ගණන්වල මුල තරණයන් වෙනදාට වඩා හෘදයාබාධවලට ලක් වෙන බව දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් හෘදයාබාධ ඇතිවන්නේ වැඩිහිටියන්ට වුවත් මේ ආකාරයට 40 ට අඩු පුද්ගලයන් අතරේ හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යෑම කනස්සල්ලට හේතුවක්. මෙම පුද්ගලයන්ට හෘදයාබාද ඇතිවන්නේ තරබාරුකම හෝ පවුල් ඉතිහාසය වැනි සාම්ප්‍රදායික අවදානම් සාධක නිසා නොවීම විශේෂත්වයක්.’ යැයි වෛද්‍යවරයා පැහැදිලි කර ඇත.

‘මගේ වෘත්තීය මතය අනුව, මෙසේ තරුණ ප්‍රජාව අතරේ හෘදයාබාද ඉහළ යෑමට හේතුව ඔවුන්ගේ නවීන ජීවන රටාවයි. දුර්වල ආහාර රටාව, ක්‍රියාශීලී නොවීම, නිදන්ගත ආතතිය සහ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම. ඊට හේතුව ලෙස මා දකිනවා’ යැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.

හෘදයාබාධයකට ලක්වීමෙන් වැලැකී සිටීමට නම්, නිරෝගී දිවියක් අත්‍යාවශ්‍ය බවත්, හොඳ නින්දක් අවශ්‍ය බවත්, අවම වශයෙන්, සතියකට දින පහක් පමණ හෝ විනාඩි 40 ක් ශාරීරික ව්‍යායාමවල නියැලිය යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි. 

දිනපතා ඇවිදීම ඔබේ හදවත ආරක්ෂා කර ගැනීමට ඇති සරලම මෙන්ම හොඳම ව්‍යායාමය බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදැලි කර ඇත.

(ඩේලි මිරර් ඇසුරිනි)



අදහස් (1)

විස්සේ තිහේ තරුණයෝ හෘදයාබාධ අනතුරක

Ahmed (Gulf) Friday, 18 July 2025 01:41 PM

හෘදයාබාධ, කොවිඩ් එන්නත් සඳහා පාඨමාලාව, විශේෂයෙන් ෆයිසර් සහ මැඩෝනා බටහිර ලෝක එන්නත්.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site