IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සුවවෙන්න කල් යන චිකුන්ගුන්යා


මේ දිනවල රටපුරාම චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීමේ යම් වැඩිවීමක් තිබෙනබව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. මේ සටහන චිකුන්ගුන්යා රෝගය සහ එයින් වැළකීමට කළහැකි දේ පිළිබඳවය.

චිකුන්ගුන්යා මොනවගේ රෝගයක්ද?

චිකුන්ගුන්යා වෛරස් උණ රෝගයක්. ඩෙංගු බෝකරන මදුරුවන් වන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් විකුන්ගුඟන්යා රෝගයේ වාහකයින් ලෙස ක්‍රියා කරනවා. එහිදී චිකුන්ගුන්යා වැලඳුණු රෝගියකුට දෂ්ට කළ මදුරුවෙක් සාමාන්‍ය පුද්ගලයකුට දෂ්ට කළොත් එම රෝගය සාමාන්‍ය පුද්ගලයාට වැලඳීමට පුළුවන්. මෙම වෛරසය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අප්‍රිකාව හා ආසියාව යන නිවර්තන කලායේ මදුරුවන් බහුල රටවල් අතරයි.

රෝග ලක්ෂණ මොනවාද?

චිකුන්ගුන්යා රෝගයේදී ඇතිවන රෝග ලක්ෂණ ඩෙංගු රෝගයට බොහෝදුරට සමානයි. එහෙත් රෝගියාගෙන් රෝගියාට පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස්. ඇතැම් රෝගීන් රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කළත් ඇතැම් රෝගීන්ගෙන් හඳුනාගත හැකි වන්නේ රෝග ලක්ෂණ දෙක තුනක් පමණයි. චිකුන්ගුන්යා රෝගකාරකය ශරීරයට ඇතුළු වී දින 2 – 4 කාලයේදී රෝග ලක්ෂණ පෙනනුම් කරනවා

ෆැරන්හයිට් අංශ 102 – 104 දක්වා ඇතිවිය හැකි තද උණ

අධික හිසරදය

ඇඟපත වේදනාව

තදබල හන්දිපත් වේදනාව

සමහරවිට ක්ලාන්තය ඇතිවීම

දින කිහිපයකට පසු

උණ වැලඳී දින දෙක තුනකට පසු සිරුරේ රතු ලප කුෂ්‍ඨ (skin rash) ඇතිවෙන්න පුළුවන්. එහෙත් ඒවා සුව වී දින දෙක තුනකට පසු නැවත ඇතිවෙන්නත් පුළුවන්. මේ සමගම හන්දි වේදනාව සහ ඉදිමීම ඇතිවෙනවා. නාසයේ ඉහළ කොටසේ, දෑත් දෙපාවල කළු ලප ඇතිවිය හැකියි.

සුව නොවන හන්දිපත් වේදනාව

දින දෙක තුනකින් උණ තත්ත්වය පහව ගියත් හන්දිපත් වේදනාව එසේ සුව වෙන්නේ නැහැ. සමහරවිට එය සති දෙක තුනක්, මාස කිහිපයක් දක්වා තිබිය හැකියි. මේ නිසා රෝගය සුව වුවත් තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීමේ අපහසුතාව මෙම රෝගීන්ට ඇතිවෙනවා. කෑම රුචිය අඩුවිය හැකි වගේම, නිවෙසේ එදිනෙදා වැඩ කිරීම, දරුවෙකුට නම් ඇඟිලි පුරුක්වල හටගන්නා අධික වේදනාව නිසා පෑන අල්ලා ලිවීමට අපහසුවීම, දුවන්න, පනින්න නොහැකිවීම දකින්න පුළුවන්. එමෙන්ම දවසින් දවස වේදනාව ඇතිවන හන්දි ද වෙනස් වෙනවා. එනම් එක් දිනක් දණහිසේ වේදනාව පැවතී අනෙක් දිනයේ බෙල්ලේ වේදනාව ඇතිවීම දැක්විය හැකියි. වේදනාව වගේම හන්දිපත්වල ඉදිමීමත් දකින්න පුළුවන්.

මීට අමතරව අධික මහන්සිය තත්ත්වයක්ද ඇතිවිය හැකියි.

ප්‍රතිකාර

චිකුන්ගුන්යා සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. හොඳම ප්‍රතිකාරය විවේකයයි. එහෙත් විවේකය පමණක් ම ප්‍රමාණවත් නැහැ.​ රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. මක්නිසාදයත් වැලඳී ඇත්තේ ඩෙංගුද නැතිනම් චිකුන්ගුන්යාද යන්න නිශ්චිතවම හඳුනාගත යුතු නිසයි. එබැවින් වෛද්‍ය උපදෙස්වලින් තොරව වේදනා නාශක ගැනීම බරපතළ සංකූලතා ඇති කළ හැකියි.

හැකිතරම් දියර වර්ග පානය කිරීමද වෛරසය සිරුරෙන් ඉවත් කිරීමට දායක වෙයි.

වළක්වා ගැනීමට

මෙම රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට කළ හැකි ප්‍රධානම දේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමයි. එයින් චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකියි.

උපදෙස් - බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

උදේශිකා නෙලුම්දෙනිය

 



අදහස් (0)

සුවවෙන්න කල් යන චිකුන්ගුන්යා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site