දිට්වාගේ ආර්ථික සුනාමිය මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ විශාල ස්වාභාවික විපතකින් පීඩාවට පත් රටක් පවතින මොහොතකය. නිවාස, ගොවිපොළ, පාසල්, වැසිකිළි, නිවාස, ජීවිත වැනි බොහෝ දේ එකම දින කීපයක දී විනාශ වී ගියේය. බිඳ වැටුණේය. 12 December 2025
ආපදාවෙන් ගොඩඒමේ මෙහෙයුම ඓතිහාසික මූලික අයවැය අතිරික්තයක ශක්තියත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්වූ ජනාධිපතිවරයාගේ තීරණාත්මක මැදිහත්වීමත් සමග ශ්‍රී ලංකාව අද ඛේදවාචකයක් පරාජය කරමින් යළි නැගී සිටී. අසල්වැසි රටවල සිට ලොව දියුණු හා සංවර්ධනය වෙමින් පවතින රටවල් දක්වා සියලු දෙනාගෙන්ම ලැබෙන නොමඳ සහයෝගයත්, IMF ආයතනයේ අනුග්‍රහයත් ඊට යෝධ ශක්තියක් වී ඇත. 08 December 2025
දිට්වාට ඉඩදී ආණ්ඩුව කර ඇරියාද? මේ ව්‍යසනය සපුරාම නිර්මාණය කළ එකක් මිස ස්වාභාවික එකක් නොවේ. අහිමි වූ ජීවිත සහ දේපළවල වගකීම අදාළ පුද්ගලයන් පෞද්ගලිකව දැරිය යුතු නොවේද? එසේ කියන්නේ හුදු දේශපාලන චෝදනාවක් ලෙස නොවේ. දිට්වා සුළි කුණාටුව එන බව නොවැම්බර් 12 වැනි දා සිට විවිධ ක්‍රම ඔස්සේ අනතුරු අඟවා තිබුණි. 05 December 2025
ආණ්ඩුවේ වසරක ගමන්මග වසර 75ක කාලය තුළ දූෂිත දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ලෝකයේ අන්ත දිළිඳු රටක් බවට පත්ව තිබූ ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පවුල්වාදී, ප්‍රභූ, ද්විපාර්ශික බල මුළු අවසන් කරන ලද 2024 නොවැම්බර් 11 වැනිදා ඓතිහාසික දිනයකි. 24 November 2025
මාලිමාවේ දේශපාලන පාරා වළල්ල ආණ්ඩුවේ ජනවරම ණයට ගත් එකකි. එහි අර්ථය ආණ්ඩුවටම ආවේණික උරුම ජන පදනමක් ඔවුන්ට නොතිබීමයි. ජනතා විමුක්ති පෙරමුණට ජන පදනමක් තිබේ. එහෙත් එය මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන්නකි. එය ඔවුන්ගේ කාඩරයයි. එහෙත් මෙවර ජනතා විමුක්ති පෙරමුණ, මාලිමාව වශයෙන් ඉදිරිපත් ව ජනතාව හමුවේ තැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති නොවේ. 21 November 2025
පුනරුදයට අතවනන අයවැය ශ්‍රී ලංකාවේ 2026 ජාතික අයවැය ලේඛනය, ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ රටේ ආර්ථික ප්රකෘතියේ තීරණාත්මක සන්ධිස්ථානයකදීය. 17 November 2025
සල්ලි කැටේ පිරුණු රටේ අයවැය වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. තවමත් ඒ පිළිබදව සිදු කෙරෙන පාර්ලිමේන්තු විවාදය නිමා වී නැත. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ පිළිබදවය. 14 November 2025
අයවැය හොදද? නරකද? වසර 2026 අයවැය සම්බන්ධයෙන් අපේක්ෂා ගණනාවක් ජනතාව සහ ආර්ථිකවේදීන් අතර තිබිණ. වසර 2025 සඳහා අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ ඊට පෙර වසරේ ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වීමෙන් ඉක්බිතිව ය. එනයින් ආණ්ඩුවේ බලාපොරොත්තු වූ පරිදි එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි විණි යැයි මම නොසිතමි. 10 November 2025
ආණ්ඩුවේ රැඩිකල් සැත්කම් ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර නිරන්තරව පොරොන්දු වූවක් නම් තමන්ගේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ව්‍යවසාය අනිවාර්යයෙන්ම ලාබ ලබන තැනට ගෙන එන බවයි. 07 November 2025
රට නංවන අයවැයකට පෙරවදනක් අයවැය යනු රජයේ ඉතාම වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශවලින් එකකි. සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය ප්‍රතිපාදන බෙදා වෙන් කරනු ලබන්නේ අයවැයෙනි. රජය විසින් තම ප්‍රතිපත්තිමය අරමුණු සපුරාලීම සඳහා රාජ්‍ය මුල්‍යය සපුරා ගනු ලබන්නේ සහ එය බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේ ද යන්න සැලසුම් කිරීමට අයවැය යොදා ගනී. 03 November 2025
ආණ්ඩුවේ වෙනස කොතැනද? ජනාධිපතිවරයා පත්වී වසරක් ගතවී ඇති අතර ආණ්ඩුව පත්වී වසරක් ගෙවෙන්නට ඇත්තේ දවස් 15කට ආසන්න කාලයකි. මේ ආණ්ඩුව තුනෙන් දෙකක ජනවරමකින් යුක්තව පත් වූයේ 2024 නොවැම්බර් 14වැනිදාය. 31 October 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාදවිවාද අද වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රට තුළ විවිධ කතිකා සහ වාද විවාද මතුවී ඇත. මෙහිදී මා නිරීක්ෂණය කළ ප්‍රධාන කරුණක් වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ විවේචන ඉදිරිපත් කරන උගතුන්, වෘත්තීය සමිති නායකයන්, දේශපාලනඥයන් මෙම යෝජිත ප්‍රතිසංස්කරණ ගැඹුරු අධ්‍යයනයකට ලක් නොකර ධනාත්මක මෙන්ම පදනම් විරහිත විවේචන ද ඉදිරිපත් කරන බවය. 27 October 2025
අපරාධ මැඩීම දේශපාලන නාටකය ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට විවාදයක් නැත. එහෙත් එය වේදිකාගත නාට්‍යයක් වන්නේ නම් ඉන් රටට අත්වන සෙතක් නැත. වර්තමාන “අපරාධ මර්දනයේ” සැබෑ අවධානය යොමුව ඇත්තේ අපරාධ මත නොව දේශපාලනය මත බව පෙනේ. 24 October 2025
අධ්‍යාපනයේ පැලැස්තර විසදුම් ශ්‍රී ලංකාවේ “විනාශකාරි බදු ප්‍රතිපත්ති නිසා වර්ධන වේගයට වඩා බෙහෙවින් අඩු මට්ටමක අධ්‍යාපන වියදම් පවත්වාගෙන තිබීමෙන්, ජාතික අධ්‍යාපනයෙහි ලෝකයේ පෙර ගමන්කරුවකු වූ ශ්‍රී ලංකාව, පසුපසින් ඇදී එන්නකු බවට පත්ව තිබෙනවා” යැයි “මානව හිමිකම් නිරීක්ෂකයෝ” (Human Rights Watchers - HRW) සංවිධානයේ ආර්ථික යුක්තිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර් යේෂක සාරා සාඩූන් කියා තිබිණ. 20 October 2025
ජිනීවාවලින් මතුවෙන අලුත් ප්‍රශ්න ජිනීවා හි පිහිටි මානව හිමිකම් කවුන්සලයේදී අප රට සම්බන්ධව තවත් අලුත් යෝජනාවක් සම්මත වූයේ පසුගිය සතියේය. මෙම යෝජනාවෙන් මූලික වශයෙන් කියැවෙන්නේ මීට පෙර සිටම මානව හිමිකම් කවුන්සිලය විසින් විවිධ අවස්ථාවල මෙරට තුළ පිහිටවන්නට උත්සාහ කළ ‘ජාත්‍යන්තර පරීක්ෂණ’ යෝජනාවේ තවත් එක් ඉදිරිපත් කිරීමක්ය. 17 October 2025
මාලිමා ආණ්ඩුව රැඩිකල්ද? අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක කාලයක් සම්පූර්ණවීමත් සමග ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ඇති විය. ඒ කතිකාවේ ප්‍රධානව අවධාරණය වී තිබෙන්නේ පළමු වසරේ දී ආණ්ඩුව අසාර්ථක බව ය. ඒ බව සනාථ කිරීමට තර්ක කිහිපයක් ද ඉදිරිපත් වේ. 15 October 2025
ලෝකයා මැද ලංකාව හුදෙකලා වීම ජාතික ජන බලවේගය විසින් මෙහෙයවන ලද මාලිමාව රජයේ පාලන සමයට මාස 12ක් ගත වී ඇඟට දැනෙන දෙයක් කර නැතත්, එහි මහාප්‍රාණ කතා, ජනප්‍රියවාදී සංදර්ශන සහ සදාචාරාත්මක ස්ථාවරවල නම් හිඟයක් ඇත්තේ නැත. වාචාලකම නිර්භීත ය: “අනෙක් අය බිඳ දැමූ දේ අපි නිවැරැදි කරන්නෙමු.” එහෙත් භූමි යථාර්ථය වඩාත් සංකීර්ණ කතාවක් කියයි. 10 October 2025
ඉතිහාසය අධ්‍යයනය අවශ්‍යද? ඉතිහාසය යනු අතීත උරුමය සහ එහි අනන්‍යතාව වර්තමානයට දායාද කර දෙන දැවැන්ත විෂය ක්ෂේත්රයකි. ඉතිහාසය අධ්‍යයනය කළ යුත්තේ ඇයි යන්න විමසුමට පෙර ඉතිහාසය යනු කුමක් ද යන්න පැහැදිලි කරගැනීම අත්‍යවශ්‍ය වේ. විවිධ ඉතිහාසඥයන් හා විද්වතුන් ඉතිහාසය යනු කුමක් ද යන්න පිළිබඳ විවධ මත සහ නිර්වචන ඉදිරිපත් කර තිබෙනු පෙනේ. 06 October 2025
කෝප් කමිටුවට අලුත් බලතල අවශ්‍යද? මෙවර කිවිදා දැක්මෙන් මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් පාර්ලිමේන්තුවේ කෝප් (COPE) කමිටුව පිළිබඳවය. ඒ ගැන සාකච්ඡා කිරීමට සිතුණේ පසුගිය සතියේ එම කමිටුවේ වත්මන් සභාපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් නිසාය. 03 October 2025
ආයෝජකයන් ගෙන්වා ගැනීමේ අභියෝගය “ලංකාවේ කම්කරු නීති ලෝක ප්‍රමිතීන්ට අනුකූලව, ව්‍යාපාර හිතවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. අපේ බලාපොරොත්තුව කම්කරු අයිතීන් සුරකින, ඵලදායිතාව දියුණු කරන සහ ලාංකීය ආර්ථිකයෙහි ආයෝජක විශ්වාසය වැඩි දියුණු කෙරෙන නීති රාමුවක් හැදීමයි.” 29 September 2025
ආණ්ඩුව හිරවුණු දූෂණ විරෝධය මාක්ස්වාදී විප්ලවවාදී දේශපාලනය මත පදනම් වූ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, මෑත දශක කිහිපය තුළ දේශපාලන සදාචාරයේ සහ දූෂණ විරෝධයේ හඬක් ලෙස ස්ථානගත විය. එය අහඹුවක් නොව, ජවිපෙ හිතාමතාම තමන් ස්ථානගත කිරීමකි. 26 September 2025
ආණ්ඩුව වෙනස හදුනාගෙනද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුගේ නිලකාලය වසර පහකි. ඒ අනුව ඊයේ (21) දිනට වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසරක් සම්පූර්ණ විය. ගෙවුණු වසරක කාලයේ දී ආණ්ඩුවේ කාර්ය සාධනය පරීක්ෂාවට ලක් කිරීම වැදගත් ය. 22 September 2025
නේපාල අර්බුදයේ පාඩම නේපාලයේ බරපතළ ජනතා විරෝධයක් පැතිර ගියේය. එය නිමා වූයේ අගමැතිවරයාට ඉල්ලා අස්වී ගෙදර යාමට පාර කැපෙමිනි. රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක්ද විනාශ විය. කත්මන්ඩු අගනුවර තරු පහේ හෝටල් විශාල සංඛ්‍යාවක් ගිනිබත් විය. දේශපාලනඥයන් මග දිගේ ඇදගෙන යමින් ඔවුන්ගේ නිවාස ගිනි තබන අවස්ථා රාශියක් අන්තර්ජාලය තුළ පෙන්නුම් කළේය. 19 September 2025
අයවැය ඉලක්ක කෙබදුද? එළැඹෙන නොවැම්බර් 7 වැනිදා ඉදිරිපත් කරන අයවැය ලේඛනය කුමන ස්වරූපයේ එකක් විය හැකි දැයි බැලිය යුත්තේ රටේ පවතින ආර්ථික පසුබිම සැලකිල්ලට ගනිමිනි. 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාව විශාල දේවල් බලාපොරොත්තු නොවූයේ එය වත්මන් රජයේ පළමු අයවැය වූ බැවිනි. 15 September 2025
අරගලය - ආණ්ඩුව - මහින්දලා දකුණු ආසියාවේ තවත් රටක අරගලයක් සිදුවෙමින් තිබේ. ඒ නේපාලයේ ය. ලංකාව, ඉන්පසු බංගලාදේශය දැන් නේපාලයට අරගල ගින්න පැතිර ගොස් ඇත. ප්‍රතිඵලය කාටත් සුපුරුදු ය. තවත් හරසුන් ආණ්ඩුවක් බිහිවනු ඇත. 12 September 2025
ප්‍රභූ සමාජයට මාංචු දැමීම මෙවර කිවිදා දැක්ම තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. බරපතළ ආර්ථික කඩා වැටීමක සිටි රටක් ලෙසින් අපේ රටේ ඉරණම පිළිබඳව 2022-24 වසරවල බරපතළ ආකාරයෙන් කවුරුත් කතා කළෝය. බලශක්ති ස්වාධීනත්වයක් නැති රටක් වීම හේතුවෙන් නැවෙන් ඉන්ධන ගෙනෙන්නේ නැති තත්වයකදී සියලු අනෙකුත් ජීවිත අවශ්‍යතා හිරවීමකට ලක්වන බව ඉතාමත් පැහැදිලිය 05 September 2025
අපි දැන් අභියෝග ජයගෙනද? ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දුන් ගැඹුරු සහ අභියෝගාත්මක ආර්ථික අර්බුදයෙන් ක්‍රමිකව නිදහස් වෙමින් පවතින බව පැහැදිලිය. රජය හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව පෙනී යයි. 01 September 2025
ආණ්ඩුවේ ඇදගෙන නෑම ආණ්ඩුව මේ අවස්ථාවේ දී මේ වැනි මුග්ධ ක්‍රියාවක් කරතැයි අපි සිහිනෙකිනුදු නොසිතුවෙමු. එහෙත් ආණ්ඩුවේ අතීත ක්‍රියා දෙස බලන විට පෙනී යන්නේ, ඔවුන් මේ වැනි දේ නැවත නැවතත් කිරීමේ හැකියාවක් පවතින බවය. බලයෙන් උද්දාමයට පත්ව තිබෙන ආණ්ඩුවකට කළ නොහැකි මෝඩකමක් නැත. 29 August 2025
නොනිමි ඝාතන රැල්ල අපරාධ යනු, සමාජ නිෂ්පාදනයකි. සමාජ අපරාධ යනු, සමාජ අර්බුදයේ ප්‍රකාශිත ආකාරයකි. එහි උච්චතම අවස්ථාවේ ඝාතන සංස්කෘතියක් බිහි වේ. එසේත් නැති නම් දැන හෝ නොදැන ඝාතන හඹා එන සමාජයක් බවට පත් වේ. සිය දිවි නසා ගැනීමේ සිට මිනිස් ඝාතන දක්වා විවිධාකාර තත්ව පවතී. 25 August 2025
ආණ්ඩුව සල්ලි අච්චු ගැසුවාද? මෙවර කිවිදා දැක්මට මාතෘකාව වන්නේ මේ දිනවල සමහරුන් මතු කරන ප්‍රධාන ප්‍රශ්නයක්ය. එනම් - ආණ්ඩුව අලුතින් මුදල් අච්චු ගැසුවාදැයි අසන ප්‍රශ්නයය. මේ කාරණය සමාජ මාධ්‍යවල මතුවූ අතර ආණ්ඩුව පාර්ශවයෙන් එයට පිළිතුරක්ද පාර්ලිමේන්තුවේදී දුන්නේය. නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාගේ පිළිතුර වූයේ 2023 අංක 16 දරන මහ බැංකු පනතට අනුව ‘‘ආණ්ඩුව කැමැති කැමැති වෙලාවට සල්ලි අච්චු ගහන්න’’ හැකියාවක් නැති බවයි. 22 August 2025
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026