ඉරාක අග්‍රාමාත්‍ය අලී අල් සයිඩී, ඇමෙරිකාවේ නිල සංචාරයක් ආරම්භ කළේය. මෙය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අලී අල් සයිඩීගේ පළමු විදෙස් සංචාරය වනු ඇත.

ඉරාක අග්‍රාමාත්‍ය අලී අල් සයිඩී ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

අලී අල් සයිඩී යනු ට්‍රම්ප් හිතවාදියෙකි. ඔහු ඉරාකයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ ට්‍රම්ප්ගේ ආශිර්වාදය යටතේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

ඉරාකය සහ ඉරානය අතරේ මේ වනවිට සමීප මිතුදම් පවතී. ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමී කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. ඔවුන් නිරායුධ කිරීම අග්‍රාමාත්‍ය අලී අල් සයිඩීට පැවැරී ඇති ප්‍රධාන කාර්යයකි.