රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේන වැසියන් පස් දෙනකු මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාව යුක්රේනයට පහර දුන්නේ, යුක්රේනය රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකට පිළිතුරු දෙමිණි.

රුසියාව සහ යුක්රේනය අතරේ ගැටුම් මේවනවිට උත්සන්න වී ඇති බවක් පෙනෙයි. යුද ගැටුම් නවත්වා සාම වැඩිපිළිවෙළකට යෑමට දෙපාර්ශ්වයම උනන්දුවක් නොදක්වන බව පෙනෙයි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලන බැවිනි.