ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් 36 වැනි ශාඛා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරමින් කිරිඳිවැල ප්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමත් සමග තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිභෝගික සේවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කර ඇත.
මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන්, කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, කිරිඳිවැල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.
සමාගමට අයිති ඉඩමක් තුළ මෙම නව ගොඩනැගිල්ල ඉදිකරනු ලබන අතර සමාගමේ හරිත ගොඩනැගිලි සංකල්පයට අනුකූලව පරිසර හිතකාමී සැලසුම් මූලධර්ම සහ බලශක්ති කාර්යක්ෂමතාවෙන් සමන්විත තාක්ෂණය ඇතුළත් කරමින් මෙය සංවර්ධනය කරනු ලබයි.
වර්ග අඩි 3440ක ඉඩ ප්‍රමාණයකින් යුත් කිරිඳිවැල ශාඛා ගොඩනැගිල්ල ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් දේශීයව සංවර්ධනය කරන ලද පෙර-සැකසුම් ඉදිකිරීම් තාක්ෂණය භාවිතයෙන් ඉදි කෙරේ. එම ගොඩනැගිල්ල ජාතික විදුලිබල පද්ධතිය මත යැපීම සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් සියයට සියයක්ම සූර්ය විදුලි බල පද්ධතියකින් ක්‍රියාත්මක වන පරිදි සැලසුම් කර ඇත.
යෝජිත ගොඩනැගිල්ලේ ප්‍රධාන තිරසාරත්ව ලක්ෂණ අතර ස්වාභාවික වාතාශ්‍රය ලබා දෙන සැලසුමක්, භූමි ස්වභාවයට ගැලපෙන සැලැස්මක්, බලශක්ති කාර්යක්ෂමතාව සහිත වායුසමීකරණ හා ආලෝකකරණ පද්ධති මෙන්ම වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක් ඇතුළත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd