
ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ සභාපති ආචාර්ය මුහම්මද් අල් ජසාර් මහතා අමානා බැංකු කුටියට පැමිණ අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් සමග බැංකුවේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කරගත් අයුරු

අමානා බැංකුව ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ (IsDB) 2026 වාර්ෂික පාලක මණ්ඩල රැස්වීමට සමගාමීව අසර්බයිජානයේ ‘බාකු’ හිදී පසුගියදා පැවති ‘IsDB Private Sector Forum’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන් මාලාව අසර්බයිජාන ජනරජයේ ජනාධිපති ඉල්හාම් අලියෙව් සහ ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ සභාපති ආචාර්ය මුහම්මද් අල් ජසර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රේණිගත බහුපාර්ශ්වික සංවර්ධන ආයතනයක් වන IsDB සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික රැස්වීම වන මෙය මෙවර “තිරසාර සමෘද්ධිය සඳහා කලාපීය ඒකාබද්ධතාව” යන තේමාව යටතේ පැවැත්විණි. IsDB සමූහයේ සාමාජික රටවල් 57 ක සහ තවත් රටවල් රැසක මහ බැංකු අධිපතිවරුන්, මුදල් හා ආර්ථික අමාත්‍යවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සංවර්ධන වෘත්තිකයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. සාමාජික රටවලට බලපාන ප්‍රධාන සංවර්ධන ගැටලු සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව උදා කර දෙන මෙම වාර්ෂික රැස්වීම හා සමුළුව, ඵලදායී කතිකා, දැනුම් හුවමාරුව සහ ක්‍රමෝපායික හවුල්කාරිත්ව සඳහා ප්‍රධානතම වේදිකාවක් බවට පත් වී තිබේ.
දින හතරක් පුරා පැවති මෙම වැඩසටහනට මෙවර ආයතන ප්‍රධානීන් 46 දෙනකු සහ කලාපීය සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක නියෝජිතයන් ඇතුළුව රටවල් 78 ක් නියෝජනය කරමින් 4,400 කට අධික පිරිසක් සහභාගී වූහ. රැස්වීම් අතරතුර සාමාජික රටවල්, කලාපීය ආයතන සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක සමස්ත වටිනාකමකින් යුත් ගිවිසුම් 67 ක් අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකාව IsDB සමූහයේ සාමාජික රටක් නොවූවද, IsDB සමූහය අමානා බැංකුවේ බහුතර කොටස් හිමිකාරීත්වය දරයි. මුස්ලිම් සුළුතරයක් සහිත රටක සාර්ථක ලෙස ඉස්ලාමීය බැංකුකරණ සම්ප්‍රදාය ස්ථාපිත කිරීමට සහ දියුණු කිරීමට අමානා බැංකුව සමත් වූ ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මෙම සමුළුවට අමානා බැංකුවටද ආරාධනා කරන ලද අතර, සංවර්ධන කේන්ද්‍රීය සහ මානුෂ හිතවාදී ප්‍රවේශයකින් ආචාරධාර්මික සහ සැමට විවෘත මූල්‍ය සේවා සැපයීමට අමානා බැංකුව පියවර ගෙන ඇති ආකාරය කෙරෙහි සියල්ලන්ගේ අවධානය යොමු විය. මීට අමතරව, අමානා බැංකුව ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන OrphanCare භාරයේ සාර්ථකත්වය පිළිබඳ තොරතුරු සමුළුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව ලැබිණි. Orphan Care යනු මවුපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් ඔවුන් වැඩිහිටියන් වූ පසු සමාජය තුළ දෙවැනි වරටත් අත්හැර දමනු ලැබීමේ අවදානම අවම කිරීම අරමුණු කරගත් සමාජ මෙහෙවරකි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 2 වැනි වගන්තිය අනුව, ජාතිය, ආගම, කලාපය හෝ ජන වාර්ගිකත්වය යනාදී කිසිදු භේදයක් මෙම වැඩසටහනේදී සැලකිල්ලට ගනු නොලැබේ.
අමානා බැංකුව නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ව්‍යාපාර බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල්, සහකාර උප සභාපති (අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන) ආසිම් රාලි සහ කළමනාකරු (ක්‍රමෝපායික හා තිරසාරත්ව) මස්නවි රූමි යන මහත්වරු මෙම සමුළුවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd