
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරීනී රේණුකා ප්‍රනාන්දු සමග Barista Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ දිලූප පතිරණ මහත්ම මහත්මීන්
කැෆේ 93 කදී QR ගෙවීම් පහසුව සැලසේ
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි Barista අලෙවිසල් 93 කදී, Dialog Pay හරහා සුරක්ෂිතව හා පහසුවෙන් ඩිජිටල් ගෙවීම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදාකර දී ඇති බව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම කැෆේ ජාලය වන Barista ජාලය මෙලෙස Dialog Pay හා එක්වීමෙන්, පාරිභෝගිකයන්ට එම අලෙවි සල්වලදී QR කේතය Scan කර, පහසුවෙන්ම ගෙවීමේ හැකියාව පවතින අතර, එම ගෙවීම් සඳහා ඩයලොග් වෙතින් නොමිලේ Data වාසිද හිමි වේ.
දැන් මෙම සහයෝගිතාවෙන්, Barista හිදී පාරිභෝගිකයන් වෙත නිතැතින්ම පිරිනැමෙන සුහදශීලී බව මුසු සුවිශේෂී සංග්‍රහශීලී අත්දැකීමට ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයේ පහසුවද එක් කර තිබේ. ඒ අනුව, එහිදී පහසු හා කඩිනම් සේවාවක් සමගින් පාරිභෝගිකයන් ලබන රසවත් කැෆේ අත්දැකීම තවත් සරුසාර අත්දැකීමක් බවට පත් වේ. පාරිභෝගිකයන්ට, දිවයින පුරා පිහිටි සියලුම Barista අලෙවිසැල්වලදී, Dialog Pay App හෝ MyDialog App හරහා LankaQR කේතය Scan කර, ගෙවීම් කටයුතු පහසුවෙන් හා වේගවත්ව මෙන්ම, ආරක්ෂිතවද සිදුකළ හැක.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින්, Barista Sri Lanka හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී දිලුප පතිරණ මහතා මෙලෙස සඳහන් කළේය. —Dialog Pay සමග මෙලෙස අත්වැල් බැඳගැනීම, අපගේ කැෆේ 93 ක සමස්ත ජාලය පුරාම ඩිජිටල් ගෙවීම් පද්ධතිය තවදුරටත් සවිබල ගැන්වීමට ඉවහල් වන වැදගත් පියවරක්. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා දිනෙන් දින අලුත් වන කාලයක, අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ, ඔවුන් අප හා සම්බන්ධ වන සෑම අවස්ථාවක්ම, ඔවුන්ට වඩාත් වේගවත් වගේම, පහසු හා වාසි හිමිවන අත්දැකීමක් බවට පත් කිරීමටයි. මෙම සහයෝගිතාවෙන්, අපගේ පාරිභෝගිකයන්ට ඩිජිටල් ක්‍රම හරහා ගනුදෙනු කිරීමට ඇති අවස්ථා පුළුල් කරමින්, සුරක්ෂිතQR ගෙවීම් රට තුළ විශාල වශයෙන් ප්‍රචලිත කිරීමට හැකියාව ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ඉදිරි ගමනට ශක්තිමත් දායකත්වයක් ඉන් සැලසෙනවා.”
MyDialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමැති බැංකු ගිණුමක් ඊට එක් කිරීමෙන්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මගින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක. රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳසල් 100 000කට අධික ගණනකදී ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු කර, ඩයලොග් වෙතින් Data වාසිද අත්විඳිය හැක. ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay” සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd