2025-26 මූල්‍ය වර්ෂයේදීත් අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින්, පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 5.0 ට සාපේක්ෂව රුපියල් බිලියන 2.1 ක ඒකාබද්ධ බදු පසු ලාබයක්
First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත First Capital Treasuries PLC, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශය තුළ තමන්ට හිමි ස්ථාවරත්වය හා පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරගනිමින්, Lanka Rating Agency (LRA) වෙතින් හිමි වී තිබූ ‘A+ with a Stable Outlook’ ශ්‍රේණිගත කිරීම යළි තහවුරු කරගැනීමට සමත් විය.
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සමග අනුබද්ධ මෙම සමාගම් ද්විත්වය, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් සහ මූල්‍ය අතරමැදි ක්ෂේත්‍රයේ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී.
මෙම තහවුරු කිරීමෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍ර සමූහයේ ශක්තිය මැනැවින් පිළිබිඹු වේ. එමෙන්ම එය ස්ථාවර මූල්‍ය විනය සහ ශක්තිමත් ආයතනික පාලනය මෙන්ම රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික අලෙවිය, ආයතනික මූල්‍යකරණය, ආයෝජන කළමනාකරණය සහ කොටස් තැරැව්කරණය යන අංශ වලින් සමන්විත විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතියේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි.
2025-26 මූල්‍ය වර්ෂයේදීත් අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින්, පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 5.0 ට සාපේක්ෂව රුපියල් බිලියන 2.1 ක ඒකාබද්ධ බදු පසු ලාබයක් වාර්තා කිරීමට First Capital Holdings PLC සමත් විය. First Capital සමාගම් සමූහය ආසන්න වශයෙන් රුපියල් බිලියන 74.2 ක මුළු වත්කම් සහ රුපියල් බිලියන 8.7ක ශුද්ධ වත්කම් හිමිකාරීත්වයක් සහිතව ශක්තිමත් මූල්‍ය තත්වයක් පවත්වාගෙන යාමට සමත් වී ඇත.
මෙම සාර්ථක කාර්යසාධනයට සමූහයේ ප්‍රධාන අනුබද්ධ සමාගම් කිහිපයකින්ම කැපීපෙනෙන දායකත්වයක් ලැබී තිබේ. සමූහයේ ප්‍රාථමික අලෙවිකරු අංශය වන First Capital Treasuries PLC රජයේ සුරැකුම්පත් පිළිබඳ පළපුරුද්ද සහ පොලී අනුපාත චක්‍ර හා විචක්ෂණශීලී කාල කළමනාකරණය ඔස්සේ සාර්ථක ඉපයීම් වාර්තා කරමින්, සමූහයේ ව්‍යාපාරික සාර්ථකත්වයට බහුතර දායකත්වයක් ලබා දී ඇත. ගනුදෙනු සුරැකුම්පත් අංශයද මෙම කාලය තුළ ප්‍රධාන දායකත්වයක් ලබා දුන් අතර, ආයෝජන කළමනාකරණ, ආයතනික මූල්‍ය උපදේශන සහ කොටස් තැරැව්කාර අංශද යහපත් ප්‍රතිඵල වාර්තා කරගෙන තිබේ. මේ සියල්ල සමූහයේ විවිධාංගීකරණය වූ ඉපැයීම් පදනම තවදුරටත් ශක්තිමත් කළේය.
First Capital Holdings PLC මේ වන විට, ණයකර, වාණිජ පත්‍රිකා සහ බැංකු ණය හරහා සාර්ථක ලෙස ව්‍යුහගත වූ මුදල් සම්පාදන ව්‍යුහයක් පවත්වා ගෙන යන අතර, ශක්තිමත් ප්‍රාග්ධනීකරණය, ණය කළමනාකරණය, බාහිර පාර්ශ්ව ගනුදෙනු කළමනාකරණය සහ තිරසාර ණය ආපසු ගෙවීමේ ධාරිතාව යනාදිය මෙම සාර්ථකත්වයට බලපාන ප්‍රධානතම සාධක බවට පත් වී තිබේ.
“A+ rating with a Stable Outlook ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු වීම, සමූහයේ මූල්‍ය ශක්තිය, ස්ථාවරත්වය සහ සාර්ථකත්වය මැනැවින් පෙන්වා දෙන ජයග්‍රහණයක්. එය අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය මෙන්ම විශේෂයෙන්ම First Capital Treasuries PLC ඇතුළු අනුබද්ධ සමාගම්වල ශක්තියත් මැනැවින් පිළිබිඹු කරනවා. අපගේ පාර්ශ්වකරුවන්ට තිරසාර ප්‍රතිලාභ පිරිනමන අතරම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.” First Capital Holdings PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
A+ ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු වීමෙන් මූල්‍ය විනය, ශක්තිමත් ආයතනික පාලනය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල තිරසාර නායකත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන ආයතනයක් ලෙස තමන්ට හිමි පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට First Capital සමත් වී තිබේ.
“First Capital Holdings PLC සහ First Capital Treasuries PLC සඳහා ‘‘A+ Entity Ratings with a Stable Outlook’ ශ්‍රේණිගත කිරීම යළි තහවුරු කරනු ලැබීම, එම සමූහයේ ශක්තිමත් මූල්‍ය තත්වය, සාර්ථක ආයතනික පාලන රාමුව, විධිමත් අවදානම් කළමනාකරණ පිළිවෙත් සහ විවිධ වෙළෙඳපොළ තත්වය හමුවේ පෙන්නුම් කරන ලද ඔරොත්තු දීමේ හැකියාව වෙනුවෙන් ලැබුණු ජයක් ලෙස හැඳින්විය හැකියි. විචක්ෂණශීලී ප්‍රාග්ධන කළමනාකරණය සහ තිරසාර ආදායම් උත්පාදනය සහිත මැනැවින් විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතියක් පවත්වා ගෙන යාමට සමූහයට හැකි වී තිබෙනවා.” Lanka Rating Agency ආයතනයේ (LRA) ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙනත් ද සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd