IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සංචාරක සහන පැකේජයේ ගැටලු වලට විසඳුම්

(තිළිණි ද සිල්වා)

සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට සහන සැලසීමේ රජයේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (24) පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදාළ විසඳුම් ඉක්මනින් ලබා දෙන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට හා අදාල නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක කර්මාන්තයේ නියතු වූවන්ට විශේෂ සහන පැකේජයක් කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීමටත් අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට එක්වරක් පමණක් රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමටත් මෙම සහන පැකේජය යටතේ අනුමත වී තිබුණි.

නමුත් ඉකුත්දා පැවති මහමැතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයා මෙම දීමනාව ගෙවීමට සීමා පැනවුවද මැතිවරණය අවසන් බැවින් මැතිවරණ කොමසාරිස්ගේ සීමා වලංගු නොවන නිසා අදාල දීමනාව නියමිත පරිදි සිදුකරන්නැයි අමාත්‍යවරයා  අමාත්‍යාංශ නිලධාරීන් උපදෙස් ලබා දී ඇත.

මෙම සහන පැකේජ යටතේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයන් 1802 කු රුපියල් 20,000 ක දීමනාව දැනටමත් ලබාගෙන ඇති බවද සංචාරක අමාත්‍යවරයා කීය.

ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක රියදුරන් 76 දෙනෙකු සඳහා රුපියල් 15,000 ක දීමනාව ලබා දී තිබේ. මෙම දීමනාව ගෙවීමේ කටයුතු ද ඉදිරි මාසයක කාලය තුල අවසන් කරන ලෙස අදාල අංශ වලට උපදෙස් ලබාදුන් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් හා සංචාරක නියෝජිත ආයතන, ලියාපදිංචි සංචාරක නිකේතන, අවන්හල් වැනි ආයතන වල සේවික සේවිකාවන්ගේ වැටුප් ගෙවීම සඳහා සියයට 4 සහන පොළියකට ණය මුදලක් ලබාදීමේ කටයුතු ද කඩිනම් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ හා  මහබැංකුවේ නියෝජිතයන්ට දැනුම් දුන් බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීය.

සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු අයට ලබා දෙන සහන පැකේජයේ වර්තමාන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

සංචාරක සහන පැකේජයේ ගැටලු වලට විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 56 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 43 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 20 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 44 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 493 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1358 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 349 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site