IMG-LOGO

ශ්‍රී ලංකාව - බ්‍රිතාන්‍ය අතර වෙළෙඳ කටයුතු වර්ධනයට පියවර

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳ කටයුතු වර්ධනය කිරීමටත් දෙරටටම අනෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර ආරම්භ කිරීමටත් උනන්දුවක් දක්වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින්, එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය අද (26) දැනුම් දුන්නාය.

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳාම තවදුරටත් වර්ධනය කිරීම සඳහා විශාල උනන්දුවක් දක්වන බවත් දෙරටටම ප්‍රතිලාභ ගෙනන ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බව ද වැඩබලන මහ කොමසාරිස්වරිය කීවාය.

මෙරට එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් ඒ බව ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වැඩබලන මහ කොමසාරිස්වරිය මෙහිදි දෙරට අතර සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළහ.

ඉකුත් මැතිවරණ විජයග්‍රහණය පිළිබඳව එක්සත් රාජධානියේ සුබ පැතුම් එක් කළ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය ‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනවරමක් තිබේ’’ යැයි පවසා නව ආණ්ඩුවේ ප්‍රමුඛතා මොනවාදැයි ද අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවාය.

පශ්චාත් ‘කොවිඩ්-19’ සමයට ලෝකය සූදානම් වන බැවින් ආර්ථික සංවර්ධනයට වර්තමානයේ රටේ ප්‍රධාන අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දෙමින් කීවේය.

විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය සහ දරිද්‍රතාවය තුරන් කිරීමට එහිදී ප්‍රමුඛතාව හිමි වන බව ද අග්‍රාමාත්‍යතුමා කීය.

ඉදිරි වසර පහක කාලය තුළදී සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සහතික කිරීම සඳහා ලබා දිය හැකි සහයෝගීතාවය සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය.

කොවිඩ්-19 තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව සඳහන් කළ වැඩබලන මහ කොමසාරිස්වරිය නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දෙරට අතර අධ්‍යයන හුවමාරු වැඩසටහන් පවත්වාගෙන යෑමට හැකි බව ද කීවාය.

මෙහිදි වරාය නගරයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ දෙරටේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වරාය නගරය උපායමාර්ගික මර්මස්ථානයක් ලෙස භාවිතා කළ හැකි බව සඳහන් කළහ. හරිත මූල්‍ය, ජෛව විවිධත්වය, ග්‍රාමීය ආර්ථිකය සහ තිරසාර කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.

055



අදහස් (0)

ශ්‍රී ලංකාව - බ්‍රිතාන්‍ය අතර වෙළෙඳ කටයුතු වර්ධනයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site