(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටී.
ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆ්‍රැන්ක්ෆර්ට් , ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත දක්වා ගුවන ගමන් සිදු කෙරෙන බවද එම සමාගම කියා සිටී.
මෙම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොලඹ කාර්යල හරහා වෙන්කරවා ගැනීම් සිදුකල හැකි අතර නැතිනම් www.srilankan.com යන ශ්‍රී ලංකන් වෙබ් අඩවිය හරහා හෝ 1979 යන දුරකතන අංකයෙන් එම සමාගමේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය අමතන්නැයිද එම සමාගම කියා සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් සිදුකරයි
Dubai Sanath Thursday, 27 August 2020 09:32 PM
මැදපෙරදිග අතරමං වෙලා ඉන්න අහිංසක මිනිස්සු ගෙන්න ගන්න ගුවන් යානා එවන්න බැරි ඇයි? යුරෝපයේ ඉන්න මැතිඇමති ලොක්කන්ගේ දූ දරුවන් විතරද වටින්නේ? උනුත් එකයි මුනුත් එකයි... තමන්ගේ පංතිය රැකගන්න විතරයි ඕනෑ...
DhammikaSaturday, 29 August 2020 02:34 PM
ඇයි හලෝ බොරු කියන්නේ? ඔබට ලැබුණේ නැද්ද අර ශ්‍රී ලංකන් එකෙන් එවන ලියුම එහි සඳහන් අන්දමට ඩිරාම් 4800කට සම්පූර්ණ කරන්න පුළුවන්. ලංකාවට ටිකට් එක.., තරු පන්තියේ හෝටලයක කාමරයක නිරෝධායන පහසුකම්, කොරෝනා ටෙස්ට් එක... මේ සියල්ලම ඇතුළත්.. ඔබ ඩුබායිවල සිංහල ඒජන්ත අමතන්න.