
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටී.
ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆ්‍රැන්ක්ෆර්ට් , ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත දක්වා ගුවන ගමන් සිදු කෙරෙන බවද එම සමාගම කියා සිටී.
මෙම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොලඹ කාර්යල හරහා වෙන්කරවා ගැනීම් සිදුකල හැකි අතර නැතිනම් www.srilankan.com යන ශ්‍රී ලංකන් වෙබ් අඩවිය හරහා හෝ 1979 යන දුරකතන අංකයෙන් එම සමාගමේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය අමතන්නැයිද එම සමාගම කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිග අතරමං වෙලා ඉන්න අහිංසක මිනිස්සු ගෙන්න ගන්න ගුවන් යානා එවන්න බැරි ඇයි? යුරෝපයේ ඉන්න මැතිඇමති ලොක්කන්ගේ දූ දරුවන් විතරද වටින්නේ? උනුත් එකයි මුනුත් එකයි... තමන්ගේ පංතිය රැකගන්න විතරයි ඕනෑ...