
සාරා කන්දෙගොඩ
ජපානය සහ ශ්‍රී ලංකාව අතර අලුත් සහයෝගීතාවක් නිර්මාණය කිරීමේ වැදගත්භාවයක් තිබේ. පසුගිය සිද්ධි පසෙක තැබීම වැදගත්ය. පසෙක තබන අතරවාරයේ ඒවායෙන් උගත් පාඩම් අනාගතය උදෙසා පදනමක් කරගත යුතුව තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා සිය ජපන් සංචාරය සමග සංවර්ධන අවශ්‍යතා සපුරාලිය හැකි අලුත් තීරණාත්මක අවකාශයක් හඳුනාගැනීමට උත්සාහ කරයි. ශ්‍රී ලංකාව සඳහා ඉලක්ක කර වෙළෙඳ, සංචාරක, ප්‍රවාහන, නාවික, අධ්‍යාපන, බලශක්ති හා තාක්ෂණ අංශවල ආයෝජනය හා ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ව්‍යාපෘතියක් සේ සැලකේ.
ඉන්දු පැසිෆික් කලාපයේ වෙළෙඳ සහ ආර්ථික කටයුතුවල උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවට ඉතා තරගකාරීව සිය අවස්ථාව දිනාගැනීමට සිදු වී තිබේ. පසුගිය කාලය තුළ ආර්ථික පසුබෑමකට පත්විය. දේශපාලන මතබේද හේතුකොටගෙන ජපානය හා ශ්‍රී ලංකාව අතර ආධාර හා ආයෝජන සැලසුම් අකර්මණ්‍ය වී තිබේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා බලවත් රටවල විශේෂිත සහාය පමණක් නොව ඔවුන්ගේ හවුල්කාරිත්වය ද වැදගත්ය. ජපානය බිඳ වැටුණ තැන සිට නැගී සිටීම දක්වා කාලය තුළ පළපුරුද්ද, දැනුම සහ විශේෂඥභාවය ඉතාම ප්‍රයෝජනවත්වේ., මූල්‍යමය සහ තාක්‍ෂණික වශයෙන් රටට දක්වන සහාය කලාපීය සහයෝගීතාව වර්ධනය කරනු ඇත.
අනුර හා අගමැති ෂිගෙරු අතර අවබෝධය වැදගත් නැත
ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් සලකා බලන පසු ශ්‍රී ලංකාවේ පාර්ශ්වත්වය ඉතා වැදගත් බව ජපානය අවධාරණය කරයි. කලාපීය ස්ථාවරය පවත්වා ගැනීමට ඇති කැමැත්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවශ්‍යතා මෙහෙයවන ස්වභාවයක පවතී. ජපන් ව්‍යාපාර සඳහා ඉන්දියන් සාගරයට දොරටුවක් ලෙස මෙන්ම ජපන් අපනයන සඳහා සැලකිය යුතු වෙළෙඳපොළක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ.
අනුර දිසානයක ජනාධිපතිවරයා හා ෂිගෙරු ඉෂිබා අගමැතිවරයා මුණ ගැසී සාකච්ඡා කරන ලද නමුත් එකී අනන්‍ය මෙහෙයැවීම් අනාගතය කෙරෙහි එපමණ බලපාන්නට ඉඩ නැත. ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව හා කිරි නිෂ්පාදන අංශයේ ඵලදායීතාව සම්බන්ධ අවබෝධාත්මක ගිවිසුම් හැරෙන්නට තීරණාත්මක අවකාශයක් නොලැබුණ බව පිළිගත යුතුය. එයට බලපාන සාධක අතර ජපානයේ ඊළඟ නායකත්වය ප්‍රධාන සාධකයකි.
ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායකයා ඔහුට එල්ල වූ බලපෑම් හමුවේ පක්ෂ නායකත්වයෙන් ඉවත්ව සිටී. දැනට ඔහු තාවකාලික භාරකාරයකු පමණකි. පක්ෂයේ නායකයා තෝරාගැනීමේ මැතිවරණය ඔක්තෝම්බර් හතරවැනිදාට යෙදී ඇත. දැනට මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයන් පස් දෙනකු ඉදිරිපත්ව සිටී. මෙම අපේක්ෂකයන් ජපාන ආර්ථිකය, සමාජ තත්වය හා ජාත්‍යන්තර සම්බන්ධතාවල ඉදිරි ප්‍රවේශය ගැන නොයෙක් පොරොන්දු දෙමින් සිටී. පක්ෂයේ ප්‍රධාන 296 ක් සහ පක්ෂ සාමාජිකයන් 915,575 ක් පක්ෂ නායකයා තෝරාගැනීමේ ඡන්දයෙහි වට දෙක සඳහා සුදුසුකම් ලබා සිටින අතර, එම ඡන්දයෙන් පත්වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායකයා අනාගත ජපානයේ අගමැති ධුරයට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එක අපේක්ෂිකාවක් හා අපේක්ෂකයන් හතරදෙනකු අතරින් පත්වන ඔහු හෝ ඇය සමග ශ්‍රී ලංකාවේ ගමන සූදානම් විය යුතුව ඇත.
කැළඹිලි මැදින් වැටී ඇති ජපානයේ ඉදිරිගමන
2020-24 කාලය තුළ ජපානයේ අගමැතිවරු තිදෙනෙක් පත්වූහ. ලෝකයේ සෑම රටකම සිදුවන කැළඹිලි හා සමානව ජපානයේ ද මහත් උද්වේගකර අවස්ථා හටගැනිණ. පසුව අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළේය. මෙම තීරණය සමග ජපානයේ අභ්‍යන්තරය සම්බන්ධයෙන් දැවැන්ත කථිකාවතක් ගොඩනැගී තිබේ. සම්ප්‍රදායික ජපානයේ මුහුණුවර වෙනස්කරන බලවේග ගැන සාකච්ඡා වේ. අපේක්ෂකයන් අතරින් ඉදිරියෙන්ම සිටින බව සැලකෙන ෂින්ජිරෝ කොයිසුමි හිටපු අගමැතිවරයකුගේ පුත්‍රයා වේ. වඩාත් ලිබරල් මතවාදී අදහස් ඇති හෙතෙම ජපානයේ සම්ප්‍රදාය බිඳ දමමින් සමලිංගික විවාහවලට අවසර දිය යුතුය යන අදහසෙහි පසුවේ. විවාහයෙන් පසු ස්වාමියාගේ වාසගම භාවිතා කිරීමෙන් වැළකීමට ඉඩ දිය යුතුය යන ස්ථාවරයෙහි පසුවේ. මෙම අදහස් තරුණ පෙළ අතර අවධානයට ලක්ව තිබේ. මේ අතර වත්මන් අගමැතිවරයාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වන හෙතෙම සහල් මිල සම්බන්ධ ප්‍රතිසංස්කරණවලින් පසු ජනතාවගේ හිත් ගැනීමට සමත් වූ චරිතයකි. තනි පක්ෂයක් වශයෙන් බලයට එන්නට අසීරු අවස්ථාවක පසුවන අතරවාරයේ ඔහුට විපක්ෂ කුඩා කණ්ඩායම් ගණනාවක ද සහාය ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
ඉදිරියෙන් සිටින සෙනෙයි තකායිචි මහත්මිය පසුගිය වසරේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්ව ඡන්දයට ඉදිරි පත් වූ අතර, ඇය හිටපු අගමැති ෂෙන්සේ අබේ ගේ ආකල්ප අනුව ක්‍රියාත්මක වන බව විචාරකයෝ දක්වති. ඇය පසුගිය වතාවේ දී පරාජය වූ නමුත් ඉදිරියෙන් සිටින බවට දක්වන ෂින්ජිරෝ කොයිසුමි ගේ සමලිංගික විවාහ අනුමැතියට සහමුලින්ම විරුද්ධතාවක පසුවේ. ඇතැම් මාධ්‍ය දක්වන පරිදි ඇය මාග්‍රට් තැචර් හා සමාන තද පාලිකාවක් විය හැකිය.
ශ්‍රී ලංකාව ජපානය සමග අලුත් වටයකින් ගනුදෙනු කරන අතරවාරයේ බලයට පත්විය හැකි නායකයා හෝ නායිකාව අධ්‍යයනය කිරීම අවශ්‍යය. ශ්‍රී ලංකාව ඉතා ආන්දෝලනාත්මක ආකාරයට ලිංගික ස්වභාවය සම්බන්ධ ප්‍රශ්න නොකරන සංචාරක ප්‍රවර්ධනයකට සූදානම්ය. දැනටමත් එයට විරෝධය මතු වී තිබේ. එම ප්‍රවර්ධනය ඉදිරියේ පවා ජපානයේ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පහසු නැත. ජපන් ජාතිකයෝ ආයුධ පරිහරණය කරන, ප්‍රසිද්ධියේ ආයුධ ළඟ තබාගෙන ආරක්ෂක සේවයෙහි නිරත අවස්ථා ගැන සංස්කෘතිකමය භීතියකින් පසුවෙති. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජපාන සංචාරකයන්ගේ ආකර්ෂණයක් තිබුණ නමුත් දැනට පවතින සිද්ධි සම්බන්ධව සලකා බලන පසු අලුත් අගමැතිවරයාගේ සමලිංගික අදහස් හා ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය නොසලකා කරන සංචාරක ප්‍රවර්ධනය ඉදිරියේ පවා ජපානයෙන් පිරිස් ගෙන්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය.
පැරණි ආයෝජන අලුත් කරන අවස්ථා
ජපන් අගමැතිවරයා හා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවල දී අත්හිටුවා තිබෙන ආයෝජන එකොළහක් සම්බන්ධව වහාම තීරණ ගන්නා බව ප්‍රකාශ වී ඇත. මෙම අවකාශය ආර්ථික සබඳතාවල දී ඉතා වැදගත් නමුත්, ඒවා සාර්ථක කරගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දීර්ඝ සැලැස්මකට යා යුතුය.
ජපානය පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කළේය. ඒවායේ සාර්ථක හා අසාර්ථක පැති තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන මතිමතාන්තර විසින් ඉතා වැදගත් ආයෝජන පසෙකට විසි කරන තරමට පටු ආකාරයකට ක්‍රියා කර ඇත. ආපදා කළමනාකරණය, බිම් බෝම්බ ඉවත් කිරීම, අධ්‍යාපනය, ප්‍රවාහන, සෞඛ්‍ය සේවා සහ මහාමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ජපානය ශ්‍රී ලංකාවට ආධාර සහ තාක්ෂණික සහාය ලබා දී තිබුණි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට ජපන් රජය සිය දායකත්වය සැපයීය. ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ද ජපානය සම්බන්ධවීමට කැමැත්තෙන් පසුවේ. මේවා සමග කටයුතු කිරීම ඉදිරියේ අලුත් ව්‍යුහයකින් කටයුතු කරන්නට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව සාම්ප්‍රදායිකව කල්පනා කළ යුතු යුගය අවසන්ය. අහිමි වී ගිය තැන් ගැන චෝදනා කළ හැකි නමුත් අලුත් පැත්තකින් හිතන්නට සූදානමක් නොමැතිවීම අඩුවකි. අලුතින් එකතුවන සැලැස්මක අතරවාරයේ පාර්ශ්ව දෙකට පොදුවේ වැඩ කළ හැකි පැති සකස් කිරීම වැඩදායකය. රජයට සම්බන්ධ ආයතන, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර නියමුවන්ට අත්පත් කරගත හැකි අවස්ථා කෙරෙහි සැලකිල්ල යොමු කළ හැකි වේ. ගැඹුරු අධ්‍යයනයකින් පසු ගන්නා තීරණවලින් හැර නැවත ගොඩනැගීමකට වාසිදායක තත්වයක නැත.
ජපන් සැහැල්ලු දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අරමුදල් සැපයීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කරන බව 2019 දී ශ්‍රී ලංකාව නිවේදනය කළේය. මෙම ව්‍යාපෘතිය මගින් අගනුවර වන කොළඹට නවීන හා කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් සැපයීමට අපේක්ෂා කර තිබුණි. නෙළුම් කුලුන ආශ්‍රිතව රූපවාහිනි ඩිජිටල්කරණයක් වසර ගණනක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබේ. ජපන් අගමැති ෂෙන්සේ අබේ කෙළඹට පැමිණි අවස්ථාවක පවා මෙම ව්‍යාපෘතිය නතරවී තිබීම ගැන අදහස් පළ කළේය. ජපානය හා ඉන්දියාව සමග සබඳතාවෙන් කොළඹ වරායේ පර්යන්තයක් දියුණු කරන යෝජනාවක් තිබුණ අතර එය අහෝසි කෙරිණ. සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයට තාක්ෂණය පිරිනමන්නට ජපානය සූදානමින් සිටියේය. අධිවේගී මාර්ග සඳහා කොටස් වශයෙන් ආධාර කරන සැලැස්මක් ද තිබුණ අතර ඒවා ක්‍රියාවට ගැනීම වසර ගණනක් තිස්සේ ප්‍රමාදය. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය තවත් පැත්තකි. එහි නවීන ධාවන තඝය හා තාක්ෂණ අංශය ගැන සාකච්ඡා කිරීම අවුරුදු ගණන් ප්‍රමාද වී ඇත.
ජපන් ආධාර සහිත යෝජනාවල ගැඹුරුභාවය හා ඒවා අතරවාරයේ නැගෙන දූෂණ චෝදනා ද මෙහි දී බැහර කළ නොහැකි තත්වයකි. ජපානයේ හිටපු තානාපතිවරයා පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කරනලද තානාපතිවරයකු සමග මාධ්‍ය හමුවන වැඩසටහනක දී ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ සිද්ධි ගැන බලවත් කම්පාවකින් කතා කළේය. වරාය අංශයේ තාක්ෂණික දියුණුවක් රහිතභාවය සහ එයින් ඔවුන්ගේ ආයෝජන අංශ අතිවිඳින හිරිහැර තද ප්‍රකාශ නිකුත් කොට තිබේ. මෙම පැති ගැන සැලකීම බැහැර කළ නොහැකි අංශයකි. ඊළඟට අගමැතිධුරයට පත්වන කවර හෝ නායකයකුට ශ්‍රී ලංකාව හා ජපානය අතර පසුගිය දස වසර තුළ සිද්ධි පසෙක තබා තීරණ ගැනීමක් අපේක්ෂා කිරීම දුෂ්කරය.
ජපානය බැහැර කළ නොහැකි ආර්ථික බලය
ලෝකයේ ආර්ථික බලවත්භාවය සම්බන්ධයෙන් ජපානය පස්වැනි ස්ථානයෙහි පසුවේ. එරට විරුකියාව සියයට 2.6 කි. මිලියන 69.2 ක දැවැන්ත ශ්‍රම බලකායක් ජපානය සතුව ඇත. එහෙත් ශ්‍රී ලංකාව හා සමානව වැඩි වයස්ගත ජන කොටස ඉහළ යන බව දැක්වේ. ජන සංඛ්‍යා ලේඛන අනුව ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වියපත් ජන කොටස සම්බන්ධ කරගත යුතුව තිබේ. අනෙක් අතට ඔවුන්ගේ සෞඛ්‍ය, ප්‍රවාහන, ආහාර පාන හා රැකබලාගැනීම වැනි අංශ ගැන ජපන් ආණ්ඩුවට අලුතින් සිතන්නට සිදු වී ඇත. ඔවුහු ඉතාම පරිණත ආකාරයකට එම ගැටලුවලට විසඳුම් සොයන බව ජාත්‍යන්තරය අනාවරණය කරන කරුණකි. ජනගහනයේ වියපත්භාවය සමග වැඩ කරන පිරිස අඩු වී ඇති අතර එහි අතුරු ඵලයක් වශයෙන් ජපානයේ ඇතැම් ජන කොටස් දුප්පත්භාවයෙහි පසුවේ. ජී හත කණ්ඩායමේ රටවල් අතරින් වැඩිම දුප්පත් ජන අනුපාතයක පසුවන රටක් වශයෙන් ජපානය නම් කර තිබේ.
ලෝකයේ ආර්ථික තත්ව සමග සසඳන පසු ජපානය විශාලත්වය අතින් අපනයන අංශයේ දී පස්වැනි ස්ථානය ගන්නා අතර, වෙනත් වෙළෙඳපොළවලින් මිල දී ගන්නා ප්‍රමාණය සලකා බැලීමේ දී ලෝකයේ රටවල් ලැයිස්තුවේ හතරවැනි තැන පසුවේ. චීනය සමග බරපතළ ප්‍රශ්න පවතින නමුත්, ජපානයේ අපනයනවලින් සියයට විසි දෙකක් චීනයට යැවේ. ශ්‍රී ලංකාව යවන ප්‍රමාණය සියයට පහකට අඩු තැනක තිබිය දී මෙම අගය මහත් අවධානයකට පත් විය යුතුය.
කෘෂිකර්මය ශ්‍රී ලංකාවට අත්දැකීම් ලබාගත හැකි අංශයකි. අපනයනය සඳහා උසස් දේ නිපදවන අතර, එහි දී තාක්ෂණය භාවිත කෙරේ. වගාකිරීම සඳහා ඉඩම් භාවිතය අතින් ඉහළම තැනක සිටී. අපනයනයේ දී හසුරුවනු සඳහා ලෝකයේ දුර්ලභ කලු අඹ වගා කරන දූපතක් වෙනම තිබේ. ඇතැම් රවුම් හැඩයේ පලතුරු හතරැස් ආකාරයකට හැසිරවීමට තාක්ෂණික මෙවලම් භාවිත කරන බව දැක්වේ. ඵලදාව ගණනය කිරීමේ දී ලෝකයේ ඉඩම හා අස්වැන්න අතර අනුපාතය ඉහළින්ම ඇති රටක් බවට ජපානය පත්ව ඇත. මසුන් අපනයනය, රථවාහන නිෂ්පාදනය, පරිගණක හා මෘදුකාංග අංශයේ බලවත් භාවය ජපානයේ නම ඉදිරියෙන් තබා තිබේ. නවීන තාක්ෂණය හා කෘතීම බුද්ධිය සහිත යන්ත්‍ර නිෂ්පාදනය සම්බන්ධයෙන් ද ජපානයේ බුහුටිභාවය අමතක කළ නොහැකි පැත්තකි. ශ්‍රී ලංකාව මෙම අංශවල අත්දැකීම් ලබාගැනීමට වෙහෙසවිය යුතු අතර එහිලා සබඳතා ඇති කරගත හැකි නව නායකත්ව ගවේෂණය ඉතා වැඩදායක පියවරකි.

2025 ඔක්තෝබර් මස 08
1320
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
456
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකා - ජපාන උපායශිලි සබඳතාවයක්