රටක ආර්ථික දියුණුව වර්ධනය කිරීම සඳහා හා ස්ථාවර කර ගැනීම සඳහා එරට කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. කෘෂිකාර්මික සහ කර්මාන්ත අංශයේ දියුණුවක් ඇති කළ හැකි රටවල් එම අංශ කෙරෙහි ප්‍රමුඛතාවෙන් යුතුව කටයුතු කිරීම වැදගත් ය. ස්වාභාවික සම්පත් නොමැති සිංගප්පූරුව වැනි රටක් වැඩි වශයෙන් සේවා අංශය වර්ධනය කරමින් සංවර්ධන ඉලක්ක සපුරා ගනී. එහෙත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල කෘෂිකාර්මික අංශයෙන් මෙන්ම කර්මාන්ත අංශයෙන් ඉතා දියුණු මට්ටමකට ගෙන ඒමේ හැකියාව නොමඳ පවතී. 2024 හා 1990 අවුරුදුවල දළ දේශීය නිෂ්පාදනයට ඒ ඒ අංශවලින් ලබා දෙන ලද දායකත්වය පහත සඳහන් පරිදිය.| 1990 | 2024 |
| කෘෂිකර්මාන්තය - සියයට 26 | සියයට 7.7 |
| කර්මාන්ත - සියයට 26 | සියයට 26.2 |
| සේවා - සියයට 48 | සියයට 58.9 |
මින් පැහැදිලි වනුයේ ඉතා ශීඝ්‍ර ලෙස කෘෂිකාර්මික අංශයේ බිඳ වැටීමත්, ඊට සමගාමීව සේවා අංශයේ ඉහළ යාමත් ය. රටක දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත අංශ වලින් වැඩි ප්‍රතිශතයක දායකත්වයක් ලබා දෙන්නේ නම් ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම් පහසුවෙන් කළමනාකරණය කරගත හැකිය. එහෙත් අධික ප්‍රතිශතයක් යැපෙන්නේ සේවා අංශයෙන් නම් එවැනි අර්බුදකාරී තත්වයකට මුහුණ දීම ඉතා අවදානම්සහගත අවස්ථාවක් බවට පත් වේ. 1970-1977 වකවානුවේ පැවති සංවෘත ආර්ථික ක්‍රමය ජනතාවට පීඩාකාරී වුවත් විදේශ රටවලට ණය නැති අත්‍යවශ්‍ය ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් යනාදියෙන් රට ස්වයංපෝෂිත විය. එමෙන්ම කිසිදු විදේශීය බලවේගයකට යටත් නැති ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය 1977 බලයට පත් වූ නව රජය එක දිනකින් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය උඩු යටිකුරු කරමින් විවෘත ආර්ථිකයකට පරිවර්තනය විය. කාලීන වශයෙන් එය කළ යුතුව තිබූ නමුත් එය සිදු කළ ක්‍රමය රටට ඉතාමත් අහිතකර විය. ඉන්දියාව සහ චීනය ද විවෘත ආර්ථික ක්‍රමයට පරිවර්තනය වුවත් ඔවුනට ඒ සඳහා දශකයකට වඩා වැඩි කාලයක් ගත විය. ඊට හේතුව වූයේ ස්වදේශීය කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත අංශවලට බලපෑමක් සිදු නොවන පරිද්දෙන් ආර්ථිකය විවෘත කිරීම සඳහා පරෙස්සම්කාරී වීම නිසාය.

දේශපාලනික බලය මතින් වංචා දූෂණ සිදුකොට ධනය එකතු කර මහා පරිමාණ ව්‍යාපාරිකයන් වූ අය මෙරට සිටින බව සැබෑය. ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම කියන තරම් සුමට හෝ පහසු කාරණයක් නොවේ. ඔවුන්ට පාලන පන්තිවල මෙන්ම දූෂිත නිලධාරීන්ගේ රැකවරණය නිරන්තරයෙන්ම ලැබිණි. දීර්ඝ කාලයක් තිස්සේ වංචාව, දූෂණය රටක් තුළ ඔඩුදිවීමට ඉඩ හැරීමේ නොවැළැක්විය හැකි අනිටු ප්‍රතිවිපාකය මෙය වේ. විදේශ විනිමය පාලනය ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පවතින යල් පැන ගිය නීති මුළුමනින්ම වෙනස් කරමින් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දීම කාලීන මෙන්ම හදිසි අවශ්‍යතාවකි.

2025 නොවැම්බර් මස 04
72
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටම බංකොලොත් කළ දියාරු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති