සාරා කන්දෙගොඩ
2026 වසර සඳහා අය වැය යෝජනා සම්බන්ධ පූර්ව සාකච්ඡා සිදුවෙමින් පවතී. ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් සමග ඉදිරි වසර ගැන සාකච්ඡා වෙමින් තිබේ. පසුගිය වසරේ වෙන්කරන ලද මුදල් වේගයෙන් වියදම් නොකිරීම ප්‍රශ්නයක් වී ඇත. සංවර්ධන සැලසුම් සඳහා වෙන්කරන මුදල් නිසි පරිදි යෙදවිය යුතුවේ. එම ව්‍යාපෘති සංවර්ධන ඉලක්ක අරමුණු කරන අතර මහජනතාවට දියුණුව කෙරෙහි බලාපොරොත්තු ඇති කරයි.
අය වැය රටක පැවැත්ම ඉදිරි පැවැත්ම ගැන දර්ශනයකි. අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු ඉලක්ක කරන සැලසුම් සාක්ෂාත් කළ යුතුය. ජනවාරියේ දී යෝජනා කර අප්‍රියෙල් මාසයේ දී ආරම්භ කළ මුදල් වර්ෂයේ යෝජනා ප්‍රකාශයට පත් කිරීම පමණක් නොව ක්‍රියාවටට ද නැංවිය යුතුය. ජනාධිපතිවරයා අය වැය ඉලක්ක නිසි ලෙස හැසිරවිය යුතු බව අවධාරණය කර ඇත. මහත් අපේක්ෂා ඇති කරන ලද ආණ්ඩුව ආයෝජන මගින් ඇතිකරන අවස්ථා, ඩිජිටල් ආර්ථිකය, දූෂණ තුරන් කරන පිළිවෙළ, රජයේ සේවකයන්ට වැටුප්, රජයේ ආයතන සඳහා පරිපාලිත සභාවක්, ඌණ භාවිත ඉඩම් ප්‍රයෝජනයට ගැනීම ඇතුළු අංශ ගණනාවක් සැලකිය යුතු ආකාරයකින් ආර්ථිකය ඉදිරියට ගෙන යන තල්ලුවක් ඇතිකරනු ඇතැයි විශ්වාස කළේය. ඒවායේ පසුවිපරම වැදගත්ය. අය වැයෙන් මුදල් ඉල්ලන රජයේ ආයතන ඒවා නිසි පරිදි නොයෙදවීම සම්බන්ධයෙන් ගැඹුරින් සොයාබැලීම සුදුසුය.
දූෂිත අකාර්යක්ෂම ආර්ථික රාමුව ගැන
වත්මන් ආණ්ඩුව මෙතෙක් රට තුළ පැවැති දූෂිත පාලනය, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති, වගකීම් විරහිත රාජ්‍ය මුල්‍ය කළමනාකාරීත්වය තද දෝෂ දර්ශණයකට ලක් කළේය. මෙම වපරිසය අවසානයේ දී ආර්ථිකය බිඳ වැටුණ අතර මහජනතාව අංශ පීඩාවට පත්ව තිබුණ බව දැක්වීය.
ආර්ථිකය තිබුණ අවදානම් සහගත තත්වයෙන් ගැලවී ඇති අතර එක්තරා ශක්තිමත් පදනමක් දක්වා කැඳවන්නට සමත්ව තිබේ. 2024 වසරේ අවසන් කාර්තුවේ වර්ධනය සියයට 5.5 ක් විය. 2025 පළමු මාස හය තුළ ආර්ථිකය සියයට 4.8 ක වර්ධනයක් පවතින බව දැක්වේ. ආර්ථික සිද්ධි අතරවාරයේ පසුගිය ආණ්ඩුවල පැවැති ගනුදෙනු හා තීරණ ප්‍රශ්න කරමින් සිටී. නිති පතා වාර්තාවන අධිකරණ සිද්ධි පැරණි ගනුදෙනු සෙවීම සඳහා තරමක ප්‍රයත්නයක් පවතින බව දක්වයි. වැරදි සෙවීම හා සමානවම නිවැරදිව ආර්ථික සංවර්ධන සැලැසුම් ඉක්මන් කළ යුතුවේ.
ව්‍යාපෘති ආරම්භ කරන අදහසක සිට ඒවා යෝජනාවක් බවට හරවා ඇස්තමේන්තු සකස් කර අවසන් කිරීම තෙක් සැලකිය යුතු කාලයක් ගත වේ. එම කාලය තුළ සමාජ පරිසරය හා ආර්ථික තත්ව වෙනස් විය හැකිය. අවසානයේ දී ව්‍යාපෘතියකට මුදල් වෙන්කර ඒවා අවසාන කරන කාලය වන විට ද ව්‍යාකුලතා ඇති වේ. අවසානයේ දී අන්තිම ශතයට විගණනය කළ හැක. මේවා ගැන විවිධ දේශපාලන මතිමතාන්තර ඇති කරන්නට ද හැකියාව තිබේ. අවසානයේ දී මහජනතාව ලබන ප්‍රතිලාභය තීන්දුව බවට පත් විය යුතුවේ.
යටගියාව පරීක්ෂා කිරීම වරදක් නොවේ. ලෝකයේ අනෙක් රටවල ද භාවිතා එබඳුය. කෙසේ වෙතත් දූෂණ සෙවීමේ ක්‍රියාවලිය සඳහා වැය කරන මුදල එයට ගත කරන කාලය පිළිබඳව සැලකිල්ල ඉතා අවශ්‍යය. ඇතැම් රටවල් දූෂණ හා වංචා සෙවීම ආර්ථික කටයුතු සේ සලකන අවස්ථා තිබේ. ආර්ථික ප්‍රයෝජනයක් රහිත සෙවීම් අනවශ්‍ය පාඩු බවට තක්සේරු කර පූර්ව එකඟතාවලට යැවේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සමථ මණ්ඩල තිබේ. එවැනි ක්‍රියා පටිපාටියකින් පසු රජයේ අනවශ්‍ය පිරිවැය කළමනාකරණය කරගත හැකිවේ. අය වැය අනුව සංවර්ධනයට යෙදවිය හැකි මුදල් අවසානයේ දී වැයකරන ආකාරය ගැන තීරණ ගැනීම බලධාරීන්ගේ වගකීමකි.
රජයේ ආදායම නරක තැනක නැත
රජයේ ආදායම රු. ට්‍රිලියන 2.3 ක් දක්වා පළමු අඩ වසර අවසන් වන විට ඉහළ ගොස් ඇති අතර එය කලින් වසරට වඩා සියයට 24.7 ක වර්ධනයකි. රජයට මුදල් තිබේ. බදු සංශෝධනවලට පසු ආදායම් බදු ආදායම පමණක් රු. බිලියන 489 ක් වී ඇති අතර එය සියයට 9.2 ක ප්‍රසාරණයකි. වැට් බදු ආදායම රු. බිලියන 876 දක්වා සියයට 27.6 කින් මෙම කාල සීමාව තුළ ලබාගත හැකි වී ඇත. රථ වාහන ආනයනය සමග රු. බිලියන 435 ක මුදලක් එකතු කරගැනීමට රජයට හැකි වී ඇත.
අපනයන ආදායම ඉහළ ගොස් ඇති අතර විදේශ ප්‍රේෂණ ද ප්‍රමාණාත්මකව ලැබෙන බව දැක්වේ. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විනිමය ද ඉහළ ගොස් ඇත. මහ බැංකු වාර්තා පෙන්වන පරිදි ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් රට තුළින් එකතු කරගන්නට සමත්ව ඇත. මෙම මුදල ආසියානු නිශ්කාශණ ඒජන්සියේ ණය පියැවීම සඳහා යොදා ගෙන තිබේ. විනිමය සංචිතය ද ශක්තිමත්ය. අලුත් වාර්තා පෙන්වා දෙන පරිදි අය වැය හිඟය පාලනය කරගැනීමට සමත්ව තිබේ. පසුගිය වසරට වඩා සියයට 32.3 කින් අය වැය හිඟය අඩු වී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උද්ධමනය සීමාකාරීය. අය වැය මගින් රජයේ සේවක වැටුප් වැඩිකරන තීරණය ඉදිරියේ පවා වත්කම් ආරක්ෂා කරගැනීමට රජය උත්සුක වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය.
නිෂ්පාදනය අපනයනය හා ඩිජිටල් ආර්ථිකය
අය වැය මුදල් වැය කිරීම ප්‍රමාණවත් නැති බව ආණ්ඩුව පිළිගෙන තිබේ. නිලධාරීන්ට එහි වරද පැවැරෙන්නට ඉඩ ඇත. ඩිජිටල් ආර්ථිකය ආණ්ඩුව මහත් බලාපොරොත්තු තබා තිබුණි. රජයේ සේවා ඩිජිටල්කරණය පැතිරී නැත. රජයේ සේවකයන් තවත් බඳවා ගැනේ. ඩිජිටල් හැඳුනුම් පත අවදානමක බව දැක්වේ. අධිකරණ තීරණය තෙක් ප්‍රමාද වී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියට පහළොවක් දක්වා ඩිජිටල් බවට හරවන ඉලක්කයක් ඇත. පසුගිය වසරේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අංශයේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියනයකි. එය බිලියන පහක් දක්වා නංවන බව 2025 අය වැය ප්‍රකාශ කරන ලද අතර සංචාරකයන් සඳහා සේවා සැපයීමට, ව්‍යවසායකත්වයට සහ විශේෂයෙන් ජන ජීවිතය ඔසවා තබන්නට ඩිජිටල් ක්‍රමවේද යෝජනා කර තිබුණි. සංචාරකයන් වීසා ගාස්තුවලින් නිදහස් කළ ආණ්ඩුව සංචාරකයන්ට නිදහසේ ගුවන් තොටුපොළෙන් පිටත්ව යන පහසුකම අවහිර කර තිබේ. ඩිජිටල් ස්කෑන් යන්ත්‍ර සවිකර තිබේ. ඒවා භාවිත කිරීමට නීති හරස් වී ඇත. ඩිජිටල් ආකෘතියක් මවන ආණ්ඩුවේ අය වැය හරස් වී ඇති ප්‍රධාන තැනකි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගන්නට රු මිලියන තුන් දහසක් 2025 අයවැය වෙන් කර තිබුණි.
අය වැය මගින් ජාතික අපනයන සැලැස්මක් යෝජනා කළේය. 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ඉලක්ක කරයි. කුඩා, මධ්‍යහා මහා පරිමාණ ආයොජන අංශ දිරිමත් කරන්නට අදහස් කරන බව දැක්වේ. උසස් අමුද්‍රව්‍ය දැරිය හැකි මිලකට ලබාගත හැකිපරිදි අපනයන අංශ වෙත පහසුකම් සලස්වන අතර රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් තවත් වැඩිකර ගැනීමටත් අය වැය මගින් යෝජනා කර ඇත. ජාතික තනි අපනයන කවුළුවක් මගින් දැනට ඇති ඇතැම් විෂමතා තුරන්කරන්නට අදහස් කරන බව ප්‍රකාශ විය. මේවායෙන් සාර්ථක වී ඇති කරුණු මොනවාද යන්න ආණ්ඩුව 2026 අය වැයට කලින් සොයා බැලීම උචිතය.
මුදල් වෙන්කරන ලද යෝජනා සමහරක්
කොළඹ වරායේ කටයුතු පුළුල්කිරීම ගැන අය වැය කරුණු දැක්වීය. නැගෙනහිර හා බටහිර පර්යන්තවල පමණක් නොව බටහිර දෙවැනි අදියර ද ඉදිරියට ගෙන යන ආකාරය ගැන ආණ්ඩුවට අදහසක් තිබුණි. වරාය පුළුල්වන අතර කන්ටේනර් පරීක්ෂා කරන ක්‍රමවේද නවීකරණයටත්, ගබඩා පහසුකම් දියුණු කිරීමටත් ආණ්ඩුව සූදානම්ය. වරාය තදබදය ලිහිල් කිරීම සඳහා පරික්ෂා කිරීමේ ක්‍රමවේදඩිජිටල් කරන බව හෙළි කළේය. මේවාට වෙන් කළ මුදල් ප්‍රයෝජනයට ගෙන නැත.
ජාතික තත්ව පාලනයට රු. මිලියන හත්සිය පනහක්, නවෝත්පාදන හා නව නියැයුම් සඳහා රුපියල් මිලියන දහසක්, කිරි නිෂ්පාදනය නංවන්නට රු. මිලියන දෙදහස් පන්සියයක්, දුම්රිය ගැල් අලුත්වැඩියාව හා ආශ්‍රිත කටයුතු සඳහා රු. මිලියන පන්සියයක් හා බස් සියයක් මිල දීගැනීමට රු. මිලියන තුන් දහසක් අය වැය මගින් වෙන් කරන ලදී. තත්වපාලනය කෙසේ වෙතත් සියවස් පැරණි බී.සී.සී පොල්තෙල් නිෂ්පාදන රජයේ සමාගමට ප්‍රමිති සහතික නැත. එය පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කෙරිණ. නවෝත්පාදනය හා නව නිපැයුම් සඳහා වැය කරන ලද අවස්ථා වාර්තා වී නැත. බස් රථ නවීකරණය කරන අතර විදුලිය බස් රථ ගෙන්වන අතර නවීන පහසු බස් ගැන ආණ්ඩුව තීරණ ගෙන තිබේ. එහෙත් ක්‍රියාත්මක නැත. එකම අලුත් බස් රථයක් හෝ ඇණවුම් කර නැති බව සඳහන් කළ යුතුය.
රාජ්‍ය බැංකු සමග පරිපාලනය වන අලුත් ණය ඇපකර බැංකුවක් අය වැය යෝජනාවකි. එවැනි බැංකුවක් ගැන අදහසක් හෝ අනාවරණය නොවේ. පරාටේ නීතිය බලාත්මක වී තිබේ. රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු රන් භාන්ඩ වෙන්දේසිකරන හා වාහන හා ඉඩම් අත්පත්කරගන්නා නිවේදන මාධ්‍යවල පළ කරමින් සිටී. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර අංශය අසරණය.
වෙන් කිරීම හා වැය කිරීම අතර පරතරය
මුදල් අමාත්‍යංශය දක්වන පරිදි ඉදිරිපත්කරන අය වැය හා ක්‍රියාත්මක වනසැලැස්ම අතර පරතරයක් තිබේ. එය මුල්‍ය වර්ෂයක් අවසානයේ සාක්ෂාත් වේ. ශ්‍රී ලංකාවේ අය වැය යෝජනාවල වෙන්කරන ලද මුදල්, ඉදිරිපත්කරන අදහස් ඉලක්ක පරිදි ක්‍රියාත්මක කළේ නම් ජනතාවගෙන් සියයට හැත්තෑවක් අස්වැසුම ආධාර ඉල්ලන්නේ නැත. අය වැය අවසාන මුල්‍ය සටහන නොවන නමුත් ප්‍රකාශ කරන වචන ක්‍රියාත්මක කරන තැනට වගබලාගත යුතුය. 2026 වසරේ අය වැය ඉදිරිපත් කරන අතර තමන්ට අතපසු වූ පැති ගැන ස්වයං විවේචනයක් කරන්නට වත්මන් ආණ්ඩුව සමත් විය යුතුව තිබේ. එවැනි නිරහංකාර පිළිවෙළක් හෝ තිබීම සිස්ටම් වෙනස් කරන අලුත් සමූහයක වගකීමකි.
අය වැය යෝජනාවලින් මුදල් ඉල්ලන අමාත්‍යංශවලට ඒවායේ උපරිමය දක්වන සීමාවක් තිබේ. එම සීමාව හා සමානව වෙන්කරගත් මුදල් වැය නොකිරීම ගැන ද නිදහසට කරුණු විමසීම අවශ්‍යය. මුදල් වියදම් නොකරන අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වසර අවසානයේ ඉතිරි මුදල් එකතුකර මුදල් අමාත්‍යංශයට සටහනක් යවන අතර බොහෝ විට අලුත් වාහනයක්, නිල නිවාස අලුත් වැඩියා කිරීමක් සඳහා අවසර ඉල්ලා සිටිති. ඒ සඳහා අවසරය ලැබේ. අය වැයට මුදල් සපයන පොදු ජනතාව සංවර්ධන සැලසුම් අරමුණු කරන ලද අතර ඔවුන්ගේ ජීවිත උසස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කිරීම වැදගත්ය. රජයේ ආදායම ප්‍රධාන වශයෙන් මහජනතාවගෙන් අය කරන බදුවලින් සමන්විතය. අත්‍යවශ්‍ය ආහාර මිල දී ගන්නා පාරිභෝගිකයන්ගේ සිට වාහන මිල දී ගන්නා පිරිස දක්වා ගෙවන බදුවලින් වෙන් කරන මුදල් වැය නොකරන අය වැය යෝජනාවලින් රටට ප්‍රයෝජනයක් නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුදල් වර්ෂයකදී වැය නොකරන අය වැය ඇස්තමේන්තු