
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා මෙවර පත්වූ නව අධ්‍යක්ෂ මණ්ඩලය එම සමූපකාර සමිතියේ සියලුම සේවක, සේවිකාවන් නොමිලයේ රක්ෂණය කිරීමෙන් පසු සිය ස්වාමිපුරුෂයා මිය ගිය සේවිකාවකට රක්ෂණාවරණ වන්දි ප්‍රදානය බලපිටිය විවිධ සේවා සමූපකාර සමිති ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.
මේ රක්ෂණ වන්දි ප්‍රදානය හිමිවූවේ බලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකාවක් වන හෙට්ටියා හන්දි දයාවතී ද සිල්වා මහත්මියටය.
ඒ අනුව බලපිටිය විව්ධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය SoftLogic රක්ෂණ සමාගම සමග ඒකාබද්ධව නොමිලයේ ලබාදී තිබූ රක්ෂණාවරණය නිසා ස්වාමිපුරුෂයා මිය ගිය සේවිකාවට රුපියල් 100,000 ක රක්ෂණ වන්දි මුදලක් හිමිවිය.
ඊට අදාළ චෙක් පත බලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති මහේෂ් කුමාර මහතා අතින් දයාවතී ද සිල්වා මහත්මියට පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
මේ අවස්ථාවට බලපිටිය විව්ධ සේවා සමූපකාර සමිතියේ උප සභාපති අනුරාද ප්‍රියදර්ශන මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සහ සාමාන්‍යාධිකරී අචිනි මධුෂානි, බැංකු සේවා නිලධාරිණී ධම්මි දීපානී යන මහත්ම මහහත්මීහුද සහභාගීවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd