
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා සහ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන්
ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 24.7 කින් ඉහළ ගොස් බදු පෙර ලාබය සියයට 27කින් වර්ධනය වෙයි
සඳහා සමාගමේ බදු පසු ශුද්ධ ලාබය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. මිලියන 59.9 ට සාපේක්ෂව සියයට 51 කින් ඉහළ ගොස් රු. මිලියන 90.4 ක් ලෙස වාර්තා වී ඇත.
සමාගම රු. මිලියන 138.2 ක බදු පෙර ලාබයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා කළ රු. මිලියන 108.8 ට සාපේක්ෂව සියයට 27.1 ක වර්ධනයකි. ශුද්ධ මෙහෙයුම් ආදායම පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා කළ රු. මිලියන 671.6 ට සාපේක්ෂව සියයට 24.7 කින් ඉහළ ගොස් රු. මිලියන 837.8 ක් ලෙස වාර්තා වී ඇත.
ලාබදායීත්වයේ මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, සමාගමේ මූලික ණය දීමේ කටයුතුවල සිදු වූ අඛණ්ඩ වර්ධනයයි. ඒ අනුව, ණය සහ අය විය යුතු මුදල් එකතුව රු. බිලියන 23.8 සිට රු. බිලියන 34.5 දක්වා වර්ධනය වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 44.7 ක වර්ධනයකි.
එමෙන්ම ස්ථාවර තැන්පතු පදනමක් පවත්වාගෙන යාමටද සමාගම සමත් වී ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ රු. බිලියන 16.9 ක් වූ තැන්පතුවල මුළු වටිනාකම මෙවර සියයට 8.1 කින් ඉහළ ගොස් රු. බිලියන 18.3 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙම කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ පැවසීය. “ජනශක්ති ෆිනෑන්ස් සමාගම නව මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගෙන ඇති අතර, ලාභදායීත්වයේ සැලකිය යුතු වර්ධනයක් මෙන්ම මූලික ව්‍යාපාර කටයුතුවල අඛණ්ඩ ව්‍යාප්තියක්ද පෙන්නුම් කර තිබෙනවා. ශුද්ධ ලාබය සියයට 51 කින් වර්ධනය වීම, සමාගමේ මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් කිරීමේදී අප අත්කර ගනිමින් සිටින ප්‍රගතිය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්. ඉදිරියේදීත් යහපත් ආයතනික පාලනයක් සමග විධිමත් වර්ධනයක් අත්කර ගනිමින්, අපගේ ගනුදෙනුකරුවන් හා කොටස් හිමියන් සඳහා තිරසාර වටිනාකම් නිර්මාණය කරමින්, මෙම ශක්තිමත් පදනම ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාමට අප බලාපොරොත්තු වෙනවා.”
ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ අදහස් දැක්වීය. “පළමු කාර්තුවේදී වාර්තා වූ මෙම ප්‍රතිඵල මගින් සමාගමේ අංශ රැසක් සම්බන්ධයෙන් අප අත්කර ගනිමින් සිටින ප්‍රගතිය මැනැවින් පිළිබිඹු වනවා. සමාගමේ ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 24.7 කින් සහ බදු පෙර ලාබය සියයට 27 කින් වර්ධනය වී ඇති අතර, ණය සහ අය විය යුතු මුදල් එකතුව රු. බිලියන 34.5 ක් දක්වා අඛණ්ඩව වර්ධනය වීම අපගේ ණය දීමේ කටයුතුවල ශක්තියට සාක්ෂි දරනවා. ගනුදෙනුකරුවන් සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම, වැඩි පිරිසකට අපගේ සේවා ලබාගැනීමට අවස්ථාව උදාකර දීම සහ අපගේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමෙන් මෙම යහපත් ප්‍රවණතාව වඩාත් දීර්ඝකාලීන තිරසාර වර්ධනයක් බවට පරිවර්තනය කිරීම කරගැනීම අපගේ අරමුණයි.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd