- සන්නාම වටිනාකම රුපියල් බිලියන 13.888ක්
Brand Finance විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරින්, ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වැඩිම වටිනාකම් සහිත සාමාන්‍ය සිල්ලර වෙළෙඳ සන්නාමය ලෙස සිංගර් සමාගම නම් කර ඇත.
සන්නාම වටිනාකම රුපියල් බිලියන 13.888ක් සහ AAA - සන්නාම වර්ගීකරණයක් ලබා ගනිමින්, ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකම් සහිත සන්නාම 100 අතර 14වන ස්ථානය හිමි කර ගැනීමට සිංගර් සමාගම සමත් වී ඇත. මෙම ඇගයීමෙන් පෙනී යන්නේ සිංගර් සන්නාමය විසින් අඛණ්ඩව ලබා ඇති වර්ධනය සහ ලාංකික පාරිභෝගිකයන් අතර සමාගම දිනා ඇති නොමැකෙන විශ්වාසයයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ සඳහන් කළේය. “Brand Finance වෙතින් මෙවැනි ඇගයීමකට ලක්වීමට ලැබීම ගැන අපි ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. සිංගර් කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ ලාංකිකයන්ගේ ජීවිතවලම කොටසක් බවට පත් වූ සන්නාමයක්. අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති නොබිඳෙන විශ්වාසය මෙම ජයග්‍රහණයෙන් මනාව පැහැදිලි වෙනවා. අප නව ක්ෂේත්‍ර වෙත යොමු වන අතරේ අපගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු තවදුරටත් ශක්තිමත් කරන්නට කටයුතු කරමින් සිටින මෙවැනි කාලයක, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වටිනාකම් වැඩිම සාමාන්‍ය සිල්ලර වෙළෙඳ සන්නාමය ලෙස ඇගයීමට ලක්වීම ඉතා සුවිශේෂයි. අපගේ පාරිභෝගිකයන්ට වැඩි තේරීම් ප්‍රමාණයක්, වඩා හොඳ පාරිභෝගික අත්දැකීමක් සහ වැඩි වටිනාකමක් ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි.”
වසර 149ක ඉතිහාසය පුරා, සිංගර් සමාගම මහන මැෂින් සඳහා ප්‍රසිද්ධ වූ සන්නාමයක සිට ලංකාවේ විවිධාංගීකරණය වූ විශාලතම පාරිභෝගික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. අද වන විට, මෙම සමාගම ගෘහ උපකරණ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග, ස්මාර්ට්ෆෝන්, සැහැල්ලු වාහන, කෘෂිකර්මාන්තය, සන්නිවේදන සේවා, පුනර්ජනනීය බලශක්තිය, නිෂ්පාදන සහ මූල්‍ය විසඳුම් යන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වේ.
පාරිභෝගික අවශ්‍යතාවල සිදුවන ශීඝ්‍ර වෙනස්වීම් මැනවින් හඳුනාගෙන කටයුතු කරන සිංගර් සමාගමේ ප්‍රධානතම ශක්තියක් වන්නේ දිවයින පුරා විහිදුණු ජාලයයි. පාරිභෝගිකයන්ට වැඩි වටිනාකමක් ලබා දිය හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ඇති හැකියාව ද මෙම ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
පසුගිය වසරවලදී සිංගර් සමාගම නව නිෂ්පාදන ක්ෂේත්‍ර කිහිපයක් වෙත අවධානය යොමු කළ අතර, එමගින් සමාගමේ වත්මන් ව්‍යාපාරික කටයුතු තවදුරටත් බලගන්වමින් ගෘහස්ථ හා ව්‍යාපාරික අවශ්‍යතා රැසකට වටිනාකම් සහිත විසඳුම් පිරිනමන්නටත් සමාගම සමත් විය.
එමෙන්ම, නවීකරණය කළ වෙළෙඳසල් ජාලය, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සුවිසල් නිෂ්පාදන පරාසය, දීප ව්‍යාප්ත සේවාව සහ විශ්වසනීය අලෙවියෙන් පසු සේවාව යන කරුණු මගින් පරම්පරා ගණනාවක් පුරා සිංගර් සන්නාමය ගොඩනැගූ විශ්වාසයේ පදනම් තවදුරටත් ශක්තිමත් කරන්නට සමාගමට හැකි වී ඇත.
වර්තමාන පාරිභෝගිකයන් යනු බුද්ධිමත් පිරිසකි. ඔවුන් මිලදී ගැනීමට පෙර භාණ්ඩ පිළිබඳ තොරතුරු සොයාබැලීමට උනන්දුවක් දක්වති. ඔවුන්ට පහසුවක් වීම සඳහා මෙන්ම සන්නාමය සමග පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කරන පරිවර්තන සඳහා ද සමාගම විශාල වශයෙන් ආයෝජනය කරයි. Omnichannel retailing, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සහ වෙළෙඳ ප්‍රචාරණය මෙන්ම පාරිභෝගික අත්දැකීම වඩාත් සුවපහසු කිරීම සඳහා දත්ත භාවිත කිරීම වැනි කරුණු මීට ඇතුළත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd